මේ සතියේ ලග්න පලාපල ( ජූනි 09 සිට 15 දක්වා)

ජුනි 9, 2023

 

මේෂ

 

තරග විභාගයකට වෙහෙසෙයි

 

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් පවතින සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වැඩකටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන කාලයක් වන අතර, අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමක් හෝ ගේ දොර අලංකාරයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් ද පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට ද පැටලීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුක් දැක්විය යුතු කාලයකි. එමෙන්ම අතරමඟ නවතා තිබූ ආදායම් ලබන මාර්ග කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවන්න.

අධ්‍යාපනය

කරගෙන යන අධ්‍යාපනික කටයුතු කීපයක වෙනස්කම් කීපයක් සිදු කරයි. නොසිතූ ලෙස ශාස්ත්‍රීය ගැටලුවකටද මුහුණපෑමට සිදුවෙයි. තරග විභාගයක් හේතුවෙන් අමතර වෙහෙසීම වැඩි කරයි. දරුවකුගේ අධ්‍යාපනික දියුණුවක් දැකිය හැකි කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට විවිධ කරදර කීපයක් සිදු කරයි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයක් සිදුවිය හැකිය.

 

අය 07 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – කහ

සුබ දවස – බදාදා

 

වෘෂභ

 

දනට පිනට වැඩි කාලයක්

 

පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා සතියක් වන අතර, මේ සතිය ආරම්භයේදී සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙන්වයි. වෙනදාට වඩා දනට පිනට වැඩි කාලයක් යොදයි.

 

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන කාලයකි. නිතර ගතසිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

 

අධ්‍යාපනය

විවිධ පර්යේෂණ කටයුතුවලට සම්බන්ධවන කාලයකි. එමෙන්ම ඥානය දියුණුවන අන්දමේ කටයුතුවල නිරත වෙයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

 

සෞඛ්‍යය

වරින්වර ශරීර සෞඛ්‍යයට බාධා ගෙන දෙන සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මිථුන

 

පවුලේ සමගිය වැඩිවේ

 

ආගමික කටයුතු කෙරෙහි විශේෂ නැඹුරුවක් ඇති කරමින් සතිය ආරම්භවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි.

 

ගෘහජීවිතය

පවුලේ අය අතර සමගිය, එකමුතුකම ඇති කරන දිනයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ඇති කරන බවක්ද පෙන්නුම් කරයි. පවුලට නිතර යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගුප්ත කටයුතුවලින් පිහිට පතයි.

 

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක වන සතියකි. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. සම්මුඛ පරීක්ෂණයකින් තමා බලාපොරොත්තු නොවූ ලෙස ජයග්‍රහණයක් අත් කරයි.

 

අධ්‍යාපනය

නිතර මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන සතියකි. තරග විභාගයක් වෙනුවෙන් අමතර කරුණු සෙවීමට වෙහෙසෙන කාලයකි.

 

සෞඛ්‍යය

වරින්වර උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාවිඳීමට සිදුවේ. කෑම බීම පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු සැලසේ.

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

ගේ දොර අලංකාරයට යොමුවෙයි

 

අලුත් බැඳීම්වලට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලු කීපයකින් නිදහස් වීමට කටයුතු සැලසෙන කාලයකි. ගේ දොර අලංකාරය මෙන්ම තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. තමා කළ ප්‍රාර්ථනාවක් ඉටුවන කාලයකි. ගේ දොර දියුණුවට හේතු උදාකරයි.

රැකියාව

විවිධ සම්මුඛ පරීක්ෂණවලට සම්බන්ධ වීමට කටයුතු යෙදෙන කාලයකි. එමෙන්ම රැකියාව සම්බන්ධ පැවැති ගැටලු කීපයක් මඟහැරී යයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

කණ්ඩායමක් සමඟ එකතු වී කරන වැඩසටහනකදී තමාට නායකත්වය ගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. නිතර පවුලේ වැඩිහිටියන් හා ගුරුවරුන්ගේ ප්‍රසාදයට ලක්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය සම්බන්ධ පැවැති ගැටලු කීපයක් මඟහැරී යයි. එහෙත් තමා මෙතෙක් පාවිච්චි කළ ඖෂධ වර්ග තවදුරටත් භාවිත කිරීම වැදගත් වේ. අමතර කෑම බීම ගැනීමේ දී කල්පනාකාරී වන්න.

අය 07 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

 

සිංහ

විදෙස් අධ්‍යාපනයට සුබයි

 

විශේෂ සැලසුමකට කටයුතු සූදානම් කරමින් ආරම්භ වන මේ සතිය සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව අඩුකරන සතියකි. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයක් වන අතර, පවුලේ අය අතර ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත.

රැකියාව

වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් විශේෂ ලාභ හිමිකම් හිමිවන සතියකි. එහෙත් වරින්වර රැකියාවේ තනතුරු මාරුවක් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙන්වයි. මුදල් සම්බන්ධ කටයුතු ගිණුම්කරණ කටයුතුවල අදාළ රැකියාවල නියුතු වූවන් වෙනදාට වඩා කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් වෙහෙසකාරී බවක් ඇති කරන සතියකි. විදෙස්ගත අධ්‍යාපනයකට ද හේතු ඇති කරයි. සෞන්දර්යාත්මක කටයුතුවලින් විවිධ සම්මාන පැසසුම් හිමි කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය සම්බන්ධ විවිධ ගැටලුකාරී බවක් ඇති කරන සතියකි. වරින් වර අතිකරන තුනටිය ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

 

අය 07 වැය 02

ජය අංකය – 09

ජය වර්ණය – ලා නිල්

සුබ දවස – සිකුරාදා

 

 

කන්‍යා

ගනුදෙනු වාසියක්

 

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

නිතර ධාර්මිකව කටයුතු කරන කාලයකි. පවුලේ අය සමඟ පැවැති අසමගිතාවයක් මඟහැරී යයි. හදිසි ගමන් කීපයක් යෙදෙන කාලයක් බැවින් දුර ගමන්වලදී පරිස්සම් වන්න. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ මුදල් ගනුදෙනුවකින් වාසි කීපයක් අත් කරයි.

 

රැකියා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කිරීම යහපත් ය.

 

අධ්‍යාපනය

විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියක් වන අතර, වෙනදාට වඩා වෙහෙස මහන්සි වී අධ්‍යාපන කටයුතුවල නිරතවන කාලයක් බවද පෙන්නුම් කරයි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

පැවැති ශාරීරික අපහසුතා මඟ හැරී යන සතියකි. එහෙත් යටපත් වූ පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළැකී සිටීම යහපත් කරයි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

 

තුලා

විශ්වාසය බිඳවැටීමක්

 

වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් ඇතිවන නොසන්සුන්කාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ කෙනෙකු පිළිබඳ සැකයෙන් කටයුතු කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියකි. නිතර මහජනයා හා ගැටෙන රැකියා කටයුතුවලට හේතු ඇතිකරයි. විශේෂ ලාබ හිමිකම් ලැබෙන අතර, අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන සතියකි. පොත්පත් ලිපි ලේඛන සම්බන්ධ වගකීම් වැඩිවන අතර තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් ද පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට යහපත් සතියක් වන අතර, පැවැති අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන බවක්ද පෙන්නුම් කරයි. හදිස්සියේ හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන සතියකි.

 

 

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

රැකියා හිමිකම්

 

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගේ දොර සැප පහසුව අඩුව යන කාලයක් වන අතර, අන් අය සමඟ අවුල් වියවුල්වලට ද පැටලීමට ඉඩ ඇත. පවුලේ කෙනකු වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවෙයි. මිල මුදල් හානියකට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීව කටයුතු කරන්න.

රැකියාව

මෙතෙක් පැවැති රැකියාවේ ගැටලුකාරී බවක් මඟහැරී යන කාලයක් වන අතර, අලුත් රැකියා ලාබ හිමිකම් බලාපොරොත්තු වන්නන් හට සුබදායකයි. නිතර අතමිට මුදල් ගැවසෙන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන සතියක් වන අතර, අතපසු වූ පොත්පත් සටහන් කීපයක් අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකි වෙයි. ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි.

සෞඛ්‍යය

වරින් වර ශරීරයේ දුර්වලතා මතුකරන සතියක් වන අතර පපුව ආශි‍්‍රත ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළැකී සිටිය යුතු සතියකි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සඳුදා

 

 

ධනු

 

දේපළ ගනුදෙනු ගැටලුවක්

 

සැලසුම්සහගත කටයුතු කීපයක් වෙනුවෙන් අත ගැසීමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේදී සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකරන කාලයකි. පවුලේ අය අතර සමගියට හේතු සැලසෙන සතියකි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන අතර, දේපළ ගනුදෙනුවක් හේතුවෙන් ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති අතර, ලිපි ලේඛන වැඩකටයුතු කෙරෙහි අමතර වෙහෙසීම් වැඩිකරන සතියකි.

අධ්‍යාපනය

අමතර පාඨමාලා හදාරණ අයට හදිසි වියදම් කීපයක් දැරීමට සිදුවන අතර නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමටද හේතු ඇති කරයි.

 

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියක් වන අතර, වරින් වර ඇතිකරන උදාරාබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. අවේලාවේ කෑම බීම ගැනීම අයහපත් බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

මකර

විවාහ බලාපොරොත්තු ඉටු කරයි

 

 

වරින් වර මතුවන ගැටලුකාරී බවකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වැඩිහිටියකු නිසා නොසිතූ කරදරයක පැටලීමට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විවාහ යෝජනාවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

ස්වයං රැකියා මාර්ගවල නියුතු අයට බොහෝ ඵලප්‍රයෝජන ලබාගත හැකි කාලයක් වන අතර, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියුතු වූවන්ට වැඩ කටයුතු බහුලවන බවක් පෙන්වයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියුතුවූවන්ට සුබදායක කාලයක් වන අතර, නිතර අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙන්වයි. දැනුම වර්ධනය කරගත හැකි ක්‍රමෝපායන් යෙදෙන කාලයකි.

සෞඛ්‍යය

උගුර ආශි‍්‍රත ආබාධයක්, සෙම් කෝපවීමක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම සුබදායකයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාකාරීවන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

 

තනතුරු මාරුවක්

 

 

මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. එමෙන්ම දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකය. සතිය මැද කාලයේ දී පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නොසිතූ ලෙස සිදුවන තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපන

දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් අසන්න ලැබෙන සතියකි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට වැඩකටයුතු අධික වන බවක් පෙන්වයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

 

සෞඛ්‍යය

වරින් වර ඇතිවන කොන්දේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. එමෙන්ම නිතර ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි.

 

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

මීන

 

 

රාත්‍රී ගමන් බහුලයි

 

 

වගකීම් බහුල කරමින් ආරම්භවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි.

ගෘහජීවිතය

ලැබීම් අතින් යහපත්වන අතර, වෙනදාට වඩා අතමිට සරුවන බවක් ද පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුලවන කාලයක් වන අතර එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි. නිතර විවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ ස්ථාන වෙනස්කම් හෝ තනතුරුලාභ හිමිකම් ඇති කාලයකි. ස්වයං රැකියා මාර්ගවලින් වැඩි ලාභ ගෙනදෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන කාලයකි.

අධ්‍යාපනය

ලේඛන කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර වියදමක් සිදුකරයි.

 

සෞඛ්‍යය

වරින් වර ඇතිකරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙයි. නිතර තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයකට ද ඉඩකඩ ඇති කාලයකි.

 

 

අය 06 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.