මේ සතියේ ලග්න පලාපල (ජූනි 16 සිට 22 දක්වා)

ජුනි 16, 2023

මේෂ

ගෘහකර්මාන්ත ආශි‍්‍රත රැකියා

 

වෙනදාට වඩා කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර තනිව කටයුතු කිරීමට සිතන කාලයකි. ගේ දොර අලංකාරයට තබා ගැනීමට වෙහෙසක් දරන බවක් පෙන්වයි. වැය පස අධික කරන කාලයකි.

 

රැකියාව

මෙතෙක් අතරමඟ නවතා තිබූ රැකියාවේ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. ගෘහ නිර්මාණ ආශි‍්‍රත රැකියා කටයුතුවල නියුතු වූවන්ට වාසිදායක වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

 

අධ්‍යාපනය

තරමක් දුරට පසුබාමින් සිටි අධ්‍යාපන කටයුතු කීපයක් උනන්දුවෙන් මෙන්ම උද්‍යෝගයකින් කරන බවක් පෙනේ. නිවෙසින් පිට යෙදෙන පාඨමාලාවකට සහභාගිවීමට අවස්ථාව යෙදෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කරයි. එහෙත් යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.

 

අය 08 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘෂභ

ව්‍යාපාරවලින් වාසි

අමතර කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1, 2, 3 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. කලබල සහිත වැඩකටයුතුවල නිරත වෙයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක කරන කාලයකි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි. නිතර අතමිට මුදල් ගැවසෙන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි විභාග කටයුත්තකට සූදානම් වන සතියකි. ශාස්ත්‍රීය ගැටලුවකට යොමුවීමට සිදුවේ. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ඇතිවන ශාරීරික අප්‍රාණික ගතිවලට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ලේ විෂවීමක් හෝ ශරීරයේ පලු දැමීමක් වැනි අසනීප තත්ත්වයකින් පීඩාවිඳී.

 

අය 05 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

 

පවුලේ අය අතර හොඳ හිත දිනයි

පැවැති උදාසීන ගති මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

හදිසි ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙන සතියකි. වෙනදාට වඩා ගේ දොර කටයුතු කෙරෙහි උනන්දුවක් ඇති කරයි. පවුලේ අය අතර හොඳ හිත දිනා ගන්නා කාලයකි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග හිමිකරයි. විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ උසස්වීමක් හෝ ස්ථාන මාරුවක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භයට සැලසුමක් ඇති කර ගනී. ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට හැකිවන කාලයකි.

 

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතුවල නිරතවන කාලයකි.

 

සෞඛ්‍යය

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාවිඳින කාලයකි. විවිධ සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනයවීමට සිදු වෙයි. වෙනදාට වඩා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

කටක

දේපළ ගැටලුවක් නිරවුල් වෙයි

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන සතියකි. නිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. එහෙත් විවාහ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.

 

රැකියාව

ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයක් වනු ඇත. විදේශ රැකියා මාර්ගවලට පැවැති අවහිරතා මඟ හැරී යයි.

 

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි.

සෞඛ්‍යය

උදරාශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ශරීර ශක්තිය අඩු කරන කාලයකි. පෝෂ්‍යදායී ආහාර ගැනීම වැදගත් වන අතර, එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

කණ්ඩායම් වැඩවලින් ප්‍රසිද්ධිය

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර හොඳහිත දිනා ගන්නා කාලයකි. එහෙත් කලක සිට බලාපොරොත්තුවෙන් සිටි විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප වී යන ලකුණු පෙන්නුම් කරයි. වගකීම් කීපයක් තමා වෙත පැවරෙන සතියකි.

රැකියාව

අලුත් රැකියා හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. විසිතුරු බඩු අලංකාර නිර්මාණ ආදී කර්මාන්තවල නියුතු වූවන්ට සුබදායකයි. අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර වැඩිහිටි අයගේ උපදෙස් පැතීමටද සිදුවනු ලබයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමෙන් එයින් ප්‍රසිද්ධියක් අත් කරයි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළැකී සිටිය යුතු කාලයකි. ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නොසිතූ ලෙස වෛද්‍ය පරීක්ෂණ කීපයකට සහභාගිවීමට සිදුවන සතියකි.

අය 06 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සඳුදා

 

කන්‍යා

ප්‍රශංසාවලට ලක්වන කාලයක්

පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර තමා ගැන අන් අයගෙන් ප්‍රශංසා අසන්න ලැබෙන කාලයකි. දරුවකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. පවුලේ බැඳීම් වැඩිවන අතර, පවුලේ අය සමඟ දුර ගමනකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි.

රැකියාව

හවුල් ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වීමට සිදුවන කාලයක් වන අතර, ඒවායින් ලාභ අත්වන බවක්ද පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ පාලකයින් සමඟ ඇතිවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත.

අධ්‍යාපනය

බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යය, තාක්ෂණික වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙනදෙන කාලයක් වන අතර, වරින් වර වෛද්‍ය ප්‍රතිකාර පැතීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. පරම්පරාගත රෝගාබාධයක් නැවත මතුවන කාලයකි.

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

රැකියා බලාපොරොත්තු ඉටුවේ

මනසට අවිවේකී ලෙස සතිය උදා කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු සතියකි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවනු ලබයි. නිතර ආගමික සහන පතන කාලයකි.

රැකියාව

දේශීය කර්මාන්ත ආශි‍්‍රත රැකියා මාර්ගවලට හිමිකම් ඇති අතර, ඒවායින් ලාභ හිමිකරන මාර්ගද යෙදේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

නොසිතූ ජයග්‍රහණයක් හේතුවෙන් පවුලේ අය අතර ප්‍රසාදයට පත් කරයි. නිතර පොත්පත් කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. අමතර වියදමක් දරන කටයුත්තකට සම්බන්ධවීමට සිදුවේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අතක ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම නිදන්ගත රෝග සඳහාද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘශ්චික

පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි

ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයකින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ වෙහෙසීම් සිදු කරන සතියක් වන අතර, නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයටද හේතු ඇති කරයි. පවුලේ ඉදිරි දියුණුව පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කිරීමට සිදුවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ව්‍යාපාර කටයුතුවල සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා කටයුතුවලට ද හේතු ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. ළඟම හිතවතකු සමඟ පොත්පත් හුවමාරු කර ගැනීමක් ද සිදු කරයි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට අලුත් අත්දැකීම් ලබා ගැනීමට මඟ සැලසේ.

සෞඛ්‍යය

හිසෙහි හට ගන්නා රෝගයකින් පීඩාවිඳින සතියකි. එමෙන්ම මුත්‍රාගත ආබාධයකට ද හේතු ඇත. නිතර ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

 

අය 08 වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

ධනු

අමතර ලාබ හිමිකම්

 

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් අතර මඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරන බවක් පෙන්වයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. දේපළ ලැබීමකට ද හිමිකම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. එමෙන්ම ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අමතර ලාභ ලැබෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිදහස සීමාවන අන්දමේ කටයුතු යෙදෙන සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරන කාලයකි. විවිධ සම්මුඛ පරීක්ෂණවලට සහභාගිවීමට කටයුතු යෙදෙන බවක් පෙනේ. අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නින්දට බාධාවන අන්දමේ රෝගී තත්ත්වයකින් පීඩා ඇති කරයි. විවිධ සෞඛ්‍යය පරීක්ෂණවලට සම්බන්ධවන කාලයකි.

 

අය 08 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

මකර

අලුත් දේ ඉගෙනීමට යොමුවේ

 

ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳව වෙනදාට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු කාලයකි. හිතුවක්කාර තීරණයක් තමාට පාඩු කීපයක් සිදු කරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි. නිතර විනෝදයෙන් මෙන්ම සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්වයි. විදෙස් රැකියාවක් පිළිබඳ වෙහෙසීම් වැඩි කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදෙන අතර, ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ද ඇති කරයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති කාලයකි.

සෞඛ්‍යය

ලේ විෂවීමක් හෝ ශරීරයේ පලු දැමීමක් වැනි අසනීප තත්ත්වයකින් පීඩා ඇති කරයි. විවිධ අලේපන භාවිතයේදී සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 4

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කුම්භ

ප්‍රධානීන්ගේ සිත් දිනා ගනී

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අතමිට සරු වූවත් වැයපස අධික කරන කාලයකි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවන කාලයකි. නිතර දුර ගමන් යෙදෙන කාලයක් වන අතර, අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ.

රැකියාවේ

රැකියාව පිළිබඳ ඉතා උනන්දුවෙන් කටයුතු කරන කාලයකි. පොදු ජනයා සමඟ එකතුවී කරන කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අලුත් රැකියා හිමිකම් ඇති මාර්ග කීපයක් උදා කරයි. ප්‍රධානීන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරන කාලයකි.

අධ්‍යාපනය

එදිනෙදා ඉගෙන ගන්නා දෙයට වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම අමතර කරුණු සෙවීමට වෙහෙසීමට සිදුවේ. උසස් පාඨමාලා හදාරණ අයට අමතර වියදම් බහුල කරන කාලයකි.

සෞඛ්‍යය

බෝවන රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇති හෙයින් එකිනෙකා ඇසුරේදී පරිස්සම් වන්න. නිතර ජලයෙන් ද පීඩා ඇති විය හැකි කාලයක් බව පෙනේ. සෞඛ්‍ය නීති රීති පිළිපැදීම යහපත් කාලයකි.

අය 08 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

ණය මුදලකින් නිදහස්

පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ නොසන්සුන්තාවයක් ඇති කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ණය මුදලකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. නිතර වෙහෙස ඇති ගමන් යෙදෙන බවක් පෙනේ. ආගමික පිහිට පතා දුර පළාතකට යන කාලයකි.

රැකියාව

ස්වයං රැකියා කටයුතුවල නියුතු වූවන්ට විශේෂ වරප්‍රසාද හිමි කරන කාලයකි. එමෙන්ම නිතර රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශංසා හිමිකරන කාලයකි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සතියකි. විශේෂ අධ්‍යාපන කටයුත්තකට අත ගසයි. අමතර කරුණු සොයන්නට වෙහෙසක් දරයි. විදෙස් ගත අධ්‍යාපනයකට උනන්දුවක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර හට ගන්නා උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සෞඛ්‍යය පරීක්ෂණයක් සඳහා අමතර වියදමක් දැරීමට සිදුවන සතියකි.

 

අය 08 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.