මේ සති‍ෙය් ලග්න පලාපල... (අගෝ. 11 සිට 17 දක්වා)

අගෝස්තු 11, 2023

 

මේෂ

දුර ගමන් බහුලයි

 

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 2,3,4,5 යන භාවයන් මතින් සිදු වෙයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට පැවැති ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකි වෙයි. සහෝදරයකුගේ දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් ද පෙන්නුම් කරයි. නිතර දුර ගමන් යෙදෙන කාලයකි.

රැකියාව

රැකියාවේ නොසිතූ ගැටලු කීපයකට මුහුණපෑමට සිදු වෙයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. උසස් නිලධාරින් සමඟ ඇති ගැටලුකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. තාක්ෂණික අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන අයට විශේෂ වැඩසටහනකට සම්බන්ධ වීමට සිදු වෙයි. ශාස්ත්‍රීය කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හා ත්‍යාග හිමි කරන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ඇතිව කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණුූ පෙනේ. නිතර ජලය සම්බන්ධ කටයුතුවල නිරත වන කාලයක් වන අතර ඒවායින් බැහැරව කටයුතු කිරීමට යහපත් සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘෂභ

පිනට දහමට යොමු වේ

 

අමතර ලැබීම්වලට හිමිකම් ඇති සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසියේ යෙදෙන කටයුතු කීපයක් හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවන සතියකි. නොසිතූ ලෙස මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයකි. හදිසි ආදායම් මාර්ගයකට හේතු සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වේ. අලුත් රැකියා ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන ලකුණුූ පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

තරග විභාගයකට වෙහෙසීම් වැඩි කරයි. නව දැනුම ලබා ගැනීමේ මාර්ග කීපයක් යෙදේ. වගකීම් බහුල කරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්නට ලැබෙන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. හිස ආශි‍්‍රත ඇති කරන ආබාධ තත්ත්වයකින් ප්‍රතිකාර ලබා ගනී. ආහාරපාන ලබා ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. ආහාර අරුචිය හේතුවෙන් පීඩා විඳින සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

විනෝදයෙන් කටයුතු කරයි

 

පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත හමුවීමකට කටයුතු සැලසෙන සතියකි. නිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. රැකියාව සම්බන්ධයෙන් මෙතෙක් පීඩා ගෙන දුන් ගැටලු කීපයකින් නිදහස් වීමට මඟ සැලසේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට අමතර වාසි සැලසෙන මාර්ග කීපයක් උදාකරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික කටයුතුවලට බාධාකාරී බවක් ගෙන දෙන සතියකි. හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. නිතර පොත්පත් කියවීම් කෙරෙහි වැඩි කාලයක් යොදවයි. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති සතියකි.

සෞඛ්‍යය

නොසිතූ ලෙස මානසික පීඩාවකට ලක්වීමට සිදු වන සතියකි. මූත්‍රා අමාරුවක් හෝ යටිබඩ ආශි‍්‍රත පීඩාවකට ලක්වීමට සිදු වන කාලයකි. නිතර ජලය මෙන්ම දියර වර්ග පානය කිරීම වැදගත් සතියකි. හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

හදිසි මුදල් ගනුදෙනුවක්

 

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවයන් මතිනි

ගෘහ ජීවිතය

වෙහෙසකර ගමන් කීපයක් යෙදෙන සතියකි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ. හදිසි මුදල් ගනුදෙනුවකට කටයුතු සැලසෙන සතියකි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

රැකියාව

කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට ද යෑමට සිදු වෙයි. ශාරීරික වෙහෙස ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ ගැටලු කීපයක් පැන නඟින සතියකි. එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. අමතර පොත්පත් මිල දී ගැනීමක් වෙනුවෙන් හදිසි මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙස මහන්සිය ගෙන දෙන කාලයකි. නිතර හටගන්නා උරහිස ආශි‍්‍රත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවන සතියක් වන අතර, ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වන්න.

 

අය 07 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

සිංහ

අලුත් දේ මිලදී ගනී

 

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 10,11,12,1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු උදාකරන සතියකි. හිතුවක්කාර තීරණයක් නිසා තමාට පාඩු ගෙන දෙන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන අතර, අලුත් දේ මිලදී ගැනීමකට ද කටයුතු උදාකරයි.

රැකියාව

හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අතරමඟ නවතා තිබූ ව්‍යාපාර කටයුතු කීපයක් නැවත සාර්ථක ලෙස ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. රැකියා ස්ථානයේ ලිපි ලේඛන සම්බන්ධ ගැටලු කීපයකට මුහුණ පෑමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති සතියකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් ගන්නා බවක් පෙන්නුම් කරයි. සමූහයක් සමඟ එකතුව කරන වැඩසටහනකට සම්බන්ධ වීම සිදු වන අතර, එහි නායකත්වයක් ගැනීමට ද අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

වරින් වර හටගන්නා උදරාශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. වෙනදාට වඩා ශාරීරික අප්‍රාණික ගතියකින් කටයුතු කරයි. කෑම බීම ගැනීමේදී සැලකිලිමත් වන්න. නිදිමත ගතියකින් කටයුතු කරන සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – දම්ි

සුබ දවස – සිකුරාදා

 

කන්‍යා

ගුප්ත බලයෙන් පිහිට

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

දරුවන්ගේ වගකීම් බහුල කරන කාලයකි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස් වීමට මඟ සැලසෙන බවක් පෙනේ. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ ගැටලු ඇති කර ගන්නා කාලයකි. නිතර දුර දිග බලා කටයුතු කිරීම වැදගත් වන සතියකි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

අමතර අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන සතියකි. නිතර පොත්පත් කියවීමට දැඩි කැමැත්තක් දක්වන බවක් පෙනේ. එමෙන්ම විදෙස් අධ්‍යාපනයක් සඳහා සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර විවිධ සෞඛ්‍යය පරීක්ෂණවලට භාජනය වීමට සිදු වෙයි. පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

 

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

තුලා

රැකියා බලාපොරොත්තුවක්

 

එදිනෙදා කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර, බැඳීම් වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇති සතියකි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරයි. ලැබීම් අතින්ද යහපත් කාලයකි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් අත හිත දීමට අවස්ථාව උදාකරයි.

රැකියාව

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ රැකියා බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. තනතුරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ස්වයං රැකියා කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමට හැකියාවක් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව අඩුව යන බවක් පෙනේ. නිතර උදාසීන ලෙස දවස ගෙවන සතියකි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වගකීම් දැරීමට සිදු වේ. අලුත් දේ ඉගෙනීමට කටයතු සැලසෙන සතියකි.

සෞඛ්‍යය

මානසික පීඩාවකට ලක්වීමට සිදු වන සතියකි. වෙනදාට වඩා ශාරීරික අප්‍රාණික ගතියකින් කටයුතු කරයි. මූත්‍රා අමාරුවක් හෝ යටිබඩ ආශි‍්‍රත පීඩාවකට ලක්වීමට සිදු වන කාලයකි.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

තරග විභාගයකට සම්බන්ධ වේ

 

පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේදී සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. අඹුසැමි සුහදතාවයට බාධා වන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකට ඉඩ ඇති සතියකි. ව්‍යාපාර කටයුතු සම්බන්ධ සුබදායක කාලයක් වන අතර, ඒ සම්බන්ධ කටයුතු සඳහා දුර පළාතකට යාමට ද සිදු වන බවක් පෙනේ.

අධ්‍යාපනය

විශේෂ තරග විභාගයකට කටයුතු සූදානම් වන සතියකි. මෙතෙක් අතපසු වෙමින් පැවැති පාඩම් වැඩ කටයුතු කීපයක් නිමා කර ගැනීමට අවස්ථාව උදා කරයි. ගණිත අංශයෙන් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි කීපයක් හිමිකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. නිතර හටගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකිය. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධනු

විදෙස් ඥාති උපකාරයක්

 

එදිනෙදා කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 6,7,8,9 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි වන කාලයකි. අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරයි. මුදල් සම්බන්ධ කටයුතුවලට අතගැසීමේදී කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය

විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකිය. නිතර සෞන්දර්යාත්මක කටයුතුවල නියැළෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ශාරීරික වෙහෙසීම් වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදු වන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. පැවැති අසනීපකාරී බවක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. කෑම බීම පාලනය කර ගැනීමට සිදු වන සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනය වීමට සිදු වේ.

 

 

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

මකර

දරුවකුගේ උත්සව අවස්ථාවක්

 

 

අවිවේකී ලෙස සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

එදිනෙදා කටයුතු අධික වන බවක් පෙන්වයි. පවුලේ ගැටලුකාරි බවක් දුරදිග යන බවක් පෙනේ. හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් සිදු කරයි.

රැකියාව

විශේෂ ආදායම් මාර්ග හිමි වන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර පදිංචියෙන් පිට ප්‍රදේශවල රැකියා කටයුතුවල නිරත වීමට අවස්ථාව උදාකරයි. තනතුරු ස්ථිර වීමක් පිළිබඳව බලාපොරොත්තුවක් ඉටුවන ලකුණුූ පෙනේ.

අධ්‍යාපනය

වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු සිදු කරන සතියකි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදු වේ. නිතර පොත්පත් පාඩම් වැඩ කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩි කරන සතියකි. හදිසි කැපීම් කෙටීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදු වන කාලයක් වන අතර, එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

උගත් දෙයින් ප්‍රයෝජන

 

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදු වෙයි. නිතර අලුත් නෑදෑ හිතවතුන් සමඟ සුහදතා ඇතිකර ගැනීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි.

රැකියාව

තනතුරු උසස්වීම් බලාපොරොත්තුවන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලු කීපයකට මුහුණපෑමට සිදු වෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි.

අධ්‍යාපනය

හදිසි සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමට කටයුතු උදාකරයි. එමෙන්ම තරග විභාගයකින් විශේෂ ජයග්‍රහණයක් හිමි වීමට ඉඩ ඇත. විදෙස්ගත අධ්‍යාපනික සැලසුමක් ඇති කර ගනී.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර ඇති කරන සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ වැනි පීඩාකාරි අසනීප ගති මතු කරයි. සීතල ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත් සතියකි.

 

අය 08 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

මීන

විවාහ යෝජනාවක් සාර්ථකයි

 

වෙනදාට වඩා යොදාගත් සැලසුම්වලට බාධාකාරි බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 3,4,5,6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

ගේදොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන සතියකි. තීන්දු තීරණ ගැනීමේදී වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු සැලසෙන කාලයකි. අවිවාහකයන්ට යහපත් කාලයකි.

රැකියාව

බලාපොරොත්තු නොවූ ලෙස රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු වීමට ඉඩ ඇත. එමෙන්ම ස්වයං රැකියා මාර්ගවලින් ලාභ හිමිකරන කාලයකි. ජලාශි‍්‍රත රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වන සතියකි. හිතුවතකුගේ උපකාර ඇතිව අතපසු වූ පාඩම් කීපයක් නැවත සකසා ගැනීමට කටයුතු උදාකරයි. නිතර ගුරුභවතුන්ගේ උපදෙස් අනුව කටයුතු සිදු කරන කාලයකි. අමතර අධ්‍යාපනික වැඩසටහන්වලට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. නිතර පැණි රස කෑමට පි‍්‍රය කරන කාලයකි. රුධිරගත සීනි මට්ටම පාලනය කරගැනීමට වෙහෙසක් දරණ බවක් පෙනේ.

 

අය 08 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.