මේ සති‍ෙය් ලග්න පලාපල... ( සැප්. 22 සිට 28 දක්වා)

සැප්තැම්බර් 22, 2023

 

මේෂ

හදිසි වාහන ලාභ හිමිකම්

 

වෙනදාට වඩා ගතට සිතට සැනසිල්ල උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවන සතියකි. එමෙන්ම අමතර මුදල් ලැබීම් හිමි වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. හදිසි වාහන ලාභ හිමිකම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී සැලකිලිමත් වන්න. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි.

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපන සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. එමෙන්ම මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය පාඩම් වැඩකටයුතු කීපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. වරින් වර ඇති කරන උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන කාලයකි. නිතර ආලේපන භාවිතයේ දී සැලකිලිමත් වන්න. දියර වර්ග පානය වැදගත්වන සතියකි.

 

අය 07 වැය 04

ජය අංකය 07

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

වෘෂභ

විවාහ පොරොන්දුවක් ඉටු කරයි

 

පවුලේ අය අතර සුහදතාවට හේතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයක් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සතුට සැනසිල්ලට හේතු ඇති කරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර, විවාහ පොරොන්දුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. කල්ගත වූ ණය ගනුදෙනුවකින් නිදහස් වීමට කරුණු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. නිතර මනසට පීඩාකාරී ලෙස රැකියාවේ කටයුතු කිරීමට සිදුවන සතියකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වුවත් එයට බාධා ගෙන දෙන බවක් පෙනේ. නිතර පොත්පත් කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන සතියකි. විදෙස් අධ්‍යාපන සැලසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට සුබදායක බවක් පෙන්නුම් කරයි. පැවැති අසනීපයකින් සුවය ලැබෙන කාලයකි. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී.

 

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

මිථුන

පරම්පරාගත දේපළ හිමිකමක්

 

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇති කාලයකි. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. දුර පළාතක යෙදෙන රැකියාවේ කටයුතු නිසා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ප්‍රාථමික අංශයෙන් අධ්‍යාපනය ලබන අයට විශේෂ වැඩසටහනක් වෙනුවෙන් සම්බන්ධවීමට සිදුවේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන අතර, වෙනදාට වඩා කල්පනාකාරීව කටයුතු කරන්න. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කරන සතියකි. හදිසි ජයග්‍රහණවලට ද හිමිකම් ඇති බවක් පෙනේ.

සෞඛ්‍යය

පරම්පරාගත රෝගාබාධයක් ඉස්මතුවිය හැකි කාලයකි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 04

ජය අංකය 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

විශේෂ උත්සව අවස්ථාවක්

 

පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදු කරගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරන සතියකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරන සතියකි.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. වෙළෙඳ ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියුතුවූවන්ට විශේෂ වාසි කීපයක් හිමිකරන බවක් පෙන්වයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. මෙතෙක් මඟහැරී තිබූ පොත්පත් වැඩකටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. චර්මගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 03,

ජය අංකය 04,

ජය වර්ණය - නිල්,

සුබ දවස - බදාදා

 

සිංහ

ආගමික භක්තිය වැඩේ

 

පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 4, 5, 6, 7 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

දේපළ සම්බන්ධ ගැටලුකාරී බවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර පක්ෂය සමඟ කටයුතු කිරීමේ දී දුරදිග සිතා බලන්න. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තරගකාරී බවක් ඇති කරන කාලයකි. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. හදිසි සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

දරුවකුගේ සුබසිද්ධිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට සුදුසුකම් ලබන කාලයකි.

සෞඛ්‍යය

නිතර හට ගන්නා යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින් වර වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවන කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ පෑමට සිදුවෙන සතියකි. එමෙන්ම හදිසි වැටීම් තැළීම් වැනි සුළු සුළු අනතුරුවලට ද ඉඩ ඇති බවක් පෙනේ.

 

අය 06 වැය 03,

ජය අංකය 04,

ජය වර්ණය - කහ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

ආයතන ප්‍රධානීන්ගේ පැසසුම්

 

අවිවේකී ලෙස කටයුතු උදා කරයි. වරින් වර ඇති කරන උදාසීන ගතිපැවැතුම් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පියපස ඥාතියකු සමඟ වැඩි ඇසුරට කටයුතු යෙදෙන සතියකි. එමෙන්ම පවුලේ අයගේ වැඩි සැලකිල්ලට පාත්‍රවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු කීපයක සාර්ථක නිමාවක් දැකිය හැකි සතියකි.

රැකියාව

හදිසි ලැබීම් ඇතිවන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. රාත්‍රී කාලයේ නියැළෙන රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවෙයි.

අධ්‍යාපනය

දරුවකුගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවක් පෙනේ. එමෙන්ම කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර විවිධ පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන සතියකි. චර්මගත ආබාධයක් හෝ මුඛයේ ඇතිවන තුවාල තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු කරයි.

 

තුලා

හදිසි තීරණයක් නිසා වාසි

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර පවුලට යන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා රාත්‍රී ගමන් බහුලවන කාලයකි. හදිසි තීරණයක් තමාට වාසිසහගත බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් දුර දිග බලා කටයුතු කළයුතු කාලයකි.

රැකියාව

රැකියාවේ විවිධ වරප්‍රසාදවලට හේතු ඇති කරයි. එමෙන්ම නිතර පදිංචියෙන් පිට යෙදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

විශේෂ හැකියාවක් ඉස්මතු වන කාලයකි. නිතර යෙදෙන කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවෙයි. අධ්‍යාපන චාරිකාවකට සහභාගි වීමට අවස්ථාව උදා කරන කාලයකි.

සෞඛ්‍යය

වෙහෙස ඇති කටයුතු කීපයක නිරත වීමෙන් තම ශරීර සෞඛ්‍යයට බාධාකාරී බවක් ඇති කරයි. ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියක් වන අතර ඖෂධ භාවිතයේ දී සැලකිලිමත් වන්න. වෙනදාට වඩා ශරීරයට ව්‍යායාම මෙන්ම ගන්නා ආහාර පාන ගැනද සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 03,

ජය අංකය 03,

ජය වර්ණය - ළා කොළ,

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික

නිවෙසේ උත්සව අවස්ථාවක්

 

සැලසුම්සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 1, 2, 3, 4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා වගකීම් බහුලවන කාලයකි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. නිතර පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට මඟ සැලසෙන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවන අයට සුබදායක වන කාලයකි. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. නිතර ඇවිදිලි වැඩිකරන කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවෙයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

නිතර හට ගන්නා උදාරාශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05,

ජය අංකය 02,

ජය වර්ණය - නිල්,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

අධ්‍යාපනික ජයග්‍රහණ

 

පැවැති අසහනකාරී බව මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරන සතියකි. සහෝදරයකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියකි. වරින් වර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ වගකීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට වාසි සැලසෙන සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් රැකියාවේ ගැටලු මතුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට කරුණු යෙදෙන සතියකි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. සෞන්දර්යාත්මක කටයුතුවල නියැළෙන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර පතා නිවෙසින් බැහැරව සිටීමට සිදුවේ.

 

අය 06 වැය 05,

ජය අංකය 07,

ජය වර්ණය - තැඹිලි,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

අවිවාහකයන්ට යහපත් කාලයක්

 

අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 11, 12, 1, 2 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අවිවාහකයන්ට යහපත් කාලයක් වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ව්‍යාකූල බවක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට ඒ සම්බන්ධ කටයුතුවලින් නොසිතූ පාඩු හිමිකරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා සතුටින් මෙන්ම උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතුවල නිරතවන කාලයකි. තමාට ප්‍රශංසා හිමිකරන බවක්ද පෙන්නුම් කරයි. පොත්පත් කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. හදිසි වැටීම් තැළීම් වැනි සුළු සුළු ආබාධවලට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 05 වැය 04,

ජය අංකය 05,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

අලුත් ව්‍යාපාරයකට සැලසුමක්

 

වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය උදා කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන 10, 11, 12, 1 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

රැකියාව

වෙනදා තරම් රැකියාවේ කටයුතුවලින් එතරම් සුබදායක බවක් අත් නොවේ. කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි. එමෙන්ම අලුත් ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් ඇති අයට සුබදායක සතියක් වන අතර ඒ පිළිබඳ උනන්දුවන්න.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අතහිත දීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට රුචිකත්වයක් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය සම්බන්ධ වරින් වර ගැටලුකාරී බවක් මතු කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නිතර යෙදෙන ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ. ශරීරයේ උෂ්ණාධික බව නිසා පීඩා විඳින සතියකි.

 

අය 07 වැය 06,

ජය අංකය 04,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

 

මීන

අමතර ආදායම් මාර්ග

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 9, 10, 11, 12 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

වරින් වර පවුලේ බැඳීම්වලට බාධාගෙන දෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අසල්වාසීන් සමඟ කටයුතු කිරීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු විවිධ බාධා මැද කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අධික වෙහෙසීම් ගෙනදෙන රැකියා කටයුතුවලින් පරිස්සම් වන්න. අමතර ආදායම් මාර්ග ගෙන දෙන කටයුතුවලට ඉඩකඩ ඇති සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. දරුවකුගේ ඉදිරි කටයුතු කීපයක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ විවිධ අවහිරතා මතු කරයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම යහපත්ය.

 

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.