මේ සති‍ෙය් ලග්න පලාපල... (ඔක්. 20 සිට 27 දක්වා)

ඔක්තෝබර් 20, 2023

 

මේෂ

රැකියා කටයුතුවලින් විවිධ ලැබීම්

 

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවකින් කටයුතු සිදු කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. එමෙන්ම කරන කියන කටයුතුවලට විවිධ අවහිරතා මතු කරයි. හිතුමතයට කටයුතු කරන කාලයකි. පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ ලැබීම්වලට හිමිකම් ඇති කරයි. එහෙත් වගකීම් බහුල කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු මාරුවක් සිදුවිය හැකි සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණයක් හේතුවෙන් පවුලේ අයගේ ප්‍රශංසා හිමි කරයි. මෙතෙක් ගැටලුකාරි බවක් ඇති කළ පාඩම් වැඩකටයුතු කීපයක් නිරවුල් කරගැනීමට අවස්ථාව උදා කරයි. සිතේ සැහැල්ලුවෙන් පාඩම් වැඩ කටයුතු කරගෙන යන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට විවිධ බාධා මතුකරන බවක් පෙනේ. වෙනදාට වඩා ගන්නා ආහාර පාන පිළිබඳ සැලකිලිමත්වන්න. උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 06

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

වෘෂභ

අතපසු වූ කටයුතු සාර්ථක කරයි

 

පැවැති අවහිරතා කීපයක් මඟහැරී යමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. මෙතෙක් අතපසු වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. උදාසීන ගති මඟහැරී යන සතියකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකය.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. එමෙන්ම හදිසි වී ගන්නා තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදෙන සතියකි.

අධ්‍යාපනය

මෙතෙක් බාධාකාරි ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක ලෙස අවසන් කර ගැනීමට හැකි වෙයි. අමතර පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

පැවැති අසනීපයකින් සුවය හිමි කරයි.. ශාරීරික සෞඛ්‍ය මෙන්ම පෝෂණය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. වරින්වර උදාසීන ගති මෙන්ම නිදිමත ගතියක් ද ඇති කරයි.

 

අය 06 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

මිථුන

අමතර ලාභ හිමි කරන මාර්ග

 

 

පවුලේ අය අතර කැපී පෙනෙමින් කටයුතු ආරම්භ කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියකින් කටයුතු සිදු කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. හදිසි ගමන් යෙදෙන අතර ඒවායින් නොසිතූ වාසි කීපයක් අත් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියකි. අමතර ලාභ හිමි කරන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කරුණු කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ නොසිතූ බාධාකාරි බවක් ඇති කරයි. කලබල වී ගන්නා තීරණයකින් තමාට පාඩු විඳීමට සිදුවේ. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය දැරීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

නිතර ඇතිවන අතේ පයේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. නිතර ව්‍යායාම් කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇත. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට සහභාගිවීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

 

කටක

අධ්‍යාපනික ජයග්‍රහණ

 

එදිනෙදා කටයුතු සාමකාමී ලෙස ගෙවී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 6,7,8,9 යන භාවස්ථානවල ද සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පී‍්‍රතිමත් ගමන් යෙදෙන සතියකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදා කරයි. විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදු කරයි. වෙනදාට වඩා විසිතුරු දෑ පිළිබඳ වෙහෙසෙන සතියකි. විවාහ පොරොන්දුවක් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ නෛතික ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරන සතියකි. නිතර උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. බාහිර ක්‍රියාකාරකම්වලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරන කාලයකි.

සෞඛ්‍යය

නිතර ගතට සිතට පීඩාකාරි බවක් අත්කරයි. උගුර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. රුධිරගත ආබාධ ඇති අය වෙනදාට වඩා පරිස්සම් විය යුතු බවක් පෙනේ.

 

අය 06 වැය 03

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

සිංහ

ව්‍යාපාරවලින් අතමිට සරුකරයි

 

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

සහෝදර බැඳීම්වලට බාධා ගෙන දෙන සතියකි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කළ යුතු බවක් පෙනේ. වැඩිහිටි විරෝධතාවය මත කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ ගැටලු කීපයක් මතු කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරු කරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් පීඩාකාරි ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී.

සෞඛ්‍යය

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නිතර මානසික ආතතියට හේතුවන රෝගාබාධ ඇතිවිය හැකි බවක් පෙනේ. එමෙන්ම උරහිසේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

 

අය 07 වැය 05

ජය අංකය – 05

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

 

 

කන්‍යා

 

විවාහ යෝජනාවක් ස්ථිර කරයි

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා සැහැල්ලුවෙන්, විනෝදයෙන් කටයුතු කරන බවක් පෙනේ. ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. විවාහ යෝජනාවක් ස්ථිර වන ලකුණු පෙන්නුම් කරයි. සතුරු කරදරයකින් නිදහස්වීමට කටයුතු සැලසේ.

රැකියාව

ශාස්තී‍්‍රය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. දේපළ වෙළෙඳාම් වලින්ද වාසි උදාකරයි. ප්‍රධානීන්ගෙන් ප්‍රශංසා හිමිවන අන්දමේ කටයුතු කීපයක් සැලසෙන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලුවකට මුහුණපායි. නිතර පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන සතියකි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වයක් දැරීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. කල්ගතවෙමින් පැවැති අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත්වන්න. සුළු සීරීම්, කැපීම් වැනි තුවාලයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

තුලා

ගේ දොර අලුත්වැඩියාවක්

 

අවිවේකී ලෙස සතිය උදාකරයි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 3,4,5,6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. වගකීම් බහුලවන සතියකි.

රැකියාව

ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලින් විශේෂ වාසි කීපයක් සැලසෙන බවක් පෙනේ. නිතර පදිංචියෙන් පිට රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට සිදු වන සතියකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු පිළිබඳ උනන්දුව අඩු කරන සතියකි. තරග විභාගයකින් සිතූ තරම් ප්‍රතිඵල අත් නොකරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙනේ. අතපසු වූ පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කරගැනීමට හැකිවන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකියි. නිතර යෙදෙන ඇවිදිලිවලින් හා බර වැඩවලින් මේ කාලය තුළ පරිස්සම් වීම වැදගත් වේ. දණහිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

 

අය 05 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

 

වෘශ්චික

අලුත් දේ ඉගෙනීමට අවස්ථාවක්

 

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු උදාකරන සතියකි. සොරසතුරු බියක් නිසා නිතර සිතේ සැකයෙන් කටයුතු කරයි. තමා සිතන ආකාරයට ගෙදර දොර පාලනය කිරීමට කටයුතු උදා කරයි. පවුලේ අයකු නිසා තමාට නොසිතූ සිත්තැවුලක් අත්කරයි.

රැකියාව

රැකීරක්ෂා කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු ප්‍රධානීන් සමඟ එකතු වී සහයෝගයෙන් කිරීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. අලුත් දේ ඉගෙනීමට කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා මතු කරයි. කෑම බීම අරුචිය, ක්ලාන්ත ගතිය, හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – දම්

සුබ දවස – සඳුදා

 

ධනු

දේපළ ගැටලුවකින් නිදහස්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස කටයුතු කිරීමට සිදුවන සතියකි. පවුලේ මතභේදයක් දුර දිග යාමට ඉඩ ඇත. දේපළ ගැටලුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි.

වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සුබ ආරංචියක් අසන්න ලැබෙන සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසුණත් ඒවාට අවහිරතා මතු කරන සතියකි. බුද්ධිය වෙහෙසවා කරන ඉගෙනීමේ කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. තාක්ෂණික අංශයේ කටයුතුවලට සම්බන්ධවන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරන කාලයකි. එහෙත් අමතර ලැබීම්වලට යහපත් කාලයකි. රැකියාවේ නිලතල ආදියෙන් වෙනසක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යය

ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවෙයි. සෙම් රෝග ශාරීරික අප්‍රාණික ගති බහුල කාලයකි. වෙනදාට වඩා ආහාරපාන ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

 

අය 07 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මකර

ගෘහ ජීවිතයේ වගකීම් වැඩි කරයි

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අමතර කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි. අතමිට සරු වුවත් වැය පස අධික වන බවක් පෙනේ. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වගකීම් වැඩි කරයි. පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරන සතියකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු විනෝදයෙන් මෙන්ම සැහැල්ලුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. ස්ථාන වෙනසකට කටයුතු කීපයක් සිදු කරයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

පැවැති ගැටලුකාරි බව මඟහැරී යයි. උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන්ද අධ්‍යාපන කටයුතු සිදු කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට කටයුතු උදාකරන සතියකි. ගුරුවරුන් වැඩිහිටියන් අතර කැපී පෙනෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ.

 

අය 07 වැය 03

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

කුම්භ

 

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි ඇල්මක්

 

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. තමා සතු දෙයක් නැතිවීමට හෝ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. නිතර බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවෙන් විශ්‍රාම ගැනීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අධ්‍යාපනය

නිතර පොත්පත් කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බවක් පෙනේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. සෙම් රෝග බහුල කාලයක් බැවින් ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ. ස්නායුගත ආබාධයකට හේතු ඇති සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – කොළ

සුබ දිනය – සඳුදා

 

 

මීන

 

විදෙස් අධ්‍යාපන සැලසුමක්

 

වෙනදාට වඩා වගකීම් බහුලකරන සතියක් වන අතර සඳු මේ සතියේ 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ දුර දිග සිතා බැලිය යුතු සතියකි. වෙනදාට වඩා ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අසල්වැසි ආරවුලක් සමථයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. කල්ගත වූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරයි. එමෙන්ම රැකියාවේ ස්ථාන වෙනසකට හිමිකම් ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරුකරන බවක් පෙන්නුම් කරයි. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලටද වෙහෙසෙන සතියකි.

අධ්‍යාපනය

නව අධ්‍යාපන පාඨමාලා ආරම්භයට මඟ සැලසෙන සතියකි. අලස බව නැතිවි උද්‍යෝගයෙන් පාඩම් කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පැවැති අසනීපකාරි බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතුවලින් ඈත්වී සිටීම යහපත් සතියකි.

 

අය 06 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.