මේ සති‍ෙය් ලග්න පලාපල... ඔක්. 27 සිට නොවැ. 02 දක්වා

ඔක්තෝබර් 27, 2023

 

මේෂ

තනතුරු ලාභයක්

 

පවුලේ කටයුතු සම්බන්ධව උදාසීන බවක් ඇති කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙනේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි.

රැකියාව

වෙහෙස ගෙන දෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි. එමෙන්ම පවුලේ අයගෙන් දුරස්ව කරන රැකියා කටයුතුවලට ද හිමිකම් ඇති කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

තමාගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. නිතර පවුලේ අයගෙන් තම ජයගග්‍රහණ වෙනුවෙන් ප්‍රශංසා හිමි කරන කාලයකි. වෙනදාට වඩා උනන්දුවෙන් මෙන්ම උද්‍යෝගයකින් පාඩම් වැඩ කටයුතු කරගෙන යන සතියකි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස ගෙන දෙන සතියකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන කාලයකි. එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් විය යුතු බවක් පෙනේ.

 

අය 07 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

වෘෂභ

වාහන ගනුදෙනුවක්

 

ගේ දොර කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර හමුවන කෙනකුගෙන් උපකාරයක් ලබා ගැනීමට හැකිවන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර තමාට ප්‍රශංසා හිමි කරන කාලයකි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට බලාපොරොත්තු ඉටුකරගත හැකි සතියකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් නිවෙසින් පිට වාසයට හේතු ඇති කරයි.

සෞඛ්‍යය

ශරීරයට වෙහෙස ගෙන දෙන සතියකි. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 07 වැය 05

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

මිථුන

දුර බැහැර ගමනක්

 

 

සැලසුම් සහගත කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරන සතියකි. පොරොන්දු ගිවිසුමක් කල්දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුර බැහැර ගමන් යෙදෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති තත්ත්වය තරමක් දුරට අඩුවන බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ පාඩු සිදු කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ යම් යම් බාධාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා උදාසීන ලෙස අධ්‍යාපන කටයුතු සිදු කරන බවක් පෙනේ. පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු කර ගන්නා කාලයකි. හදිසි පාඨමාලාවකට සම්බන්ධවීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධා ගෙන දෙන කාලයකි. වරින් වර යටපත් වූ අසනීපයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. ආමශගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 03

ජය අංකය 04

ජය වර්ණය - නිල්,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කටක

අතමිට සරුවෙයි

 

ඉදිරි අනාගතය පිළිබඳ නව සැලසුම් කීපයක් ඇති කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10, 11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ආගමානුකූල කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සතියකි. දරුවන්ගේ කටයුතු හේතුවෙන් වෙනදාට වඩා වෙහෙසෙන බවක් පෙනේ. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා අතමිට මුදල් සරුවන බවක් ද පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. එහෙත් නිතර අතමිට සරු කරන මාර්ග කීපයක් යෙදේ. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ හිතුවක්කාර තීරණයක් ගැනීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නිතර පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු කර ගන්නා සතියකි. වෙනදාට වඩා උදාසීන ලෙස කටයුතු සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට සැනසිලිදායක බවක් ඇති කරයි. පීඩාගෙන දුන් උරහිස ආශි‍්‍රත ආබාධයක් හෝ ඇඟිලි හිරිවැටීම් තත්ත්වයක් හේතුවෙන් පීඩා අත්කරයි.

 

 

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

සිංහ

රැකියාවේ කටයුතුවල නව මුහුණුවරක්

 

අතමිට සරුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8, 9, 10,11 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස සතිය ආරම්භ වුවත් වෙනදාට වඩා සිතේ සතුටෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර අලුත් ඇඳුම් පැලඳුම් කෙරෙහි උනන්දුවක් දක්වන සතියකි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් සිදු කිරීමට කටයුතු සැලසේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ලෙස ලාභ හිමි කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් තමා නොසිතූ වාසි අත්කරයි. වෙනදාට වඩා පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. වියදම් අධික වන අන්දමේ පාඨමාලාවකට සම්බන්ධවීමට සිදුවේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ යම් යම් අපහසුතා කීපයක් මතු කරයි. නිතර හිසේ ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඖෂධ භාවිතයේදී සලකිලිමත්වන්න.

 

අය 06 වැය 04

ජය අංකය 07

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

කන්‍යා

සැනසිලිදායක සතියක්

 

වෙනදාට වඩා සැපපහසුවට කටයුතු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි.

ගෘහ ජිවිතය

සැනසිලිදායක ලෙස ආරම්භවන සතියකි. පවුලේ පැවැති ආරවුල්කාරී බව මඟහැරී යයි. හදිසි ධන ලාභ හිමිකම් ඇතිවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම වාහන ලාභ හිමිකම් පෙන්වන සතියකි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු ඉතා උනන්දුවෙන් මෙන්ම විනෝදයෙන් කරගෙන යන බවක් පෙනේ. නිතර ඇවිදිලි ඇති කරන රැකියා කටයුතුවල නිරතවීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර මුදල් වැයවන අන්දමේ වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවේ. කාර්මික ක්ෂේත්‍රයෙන් අධ්‍යාපන කටයුතු හදාරන අයට ඉහළ යා හැකි සතියකි.

සෞඛ්‍යය

මේ සතිය ඔබට සෞඛ්‍යය අතින් එතරම් පීඩාකාරී බවක් නොපෙන්වයි. මෙතෙක් පීඩාවිඳි පාදයේ ආබාධයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.

 

 

අය 07 වැය 04

ජය අංකය 07

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

තුලා

පොරොන්දු ගිවිසුමක් වෙනස් කරයි

 

තීරණ වෙනසක් සිදුවීමෙන් නොසිතූ ගැටලුවකට මුහුණපාන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම් අඩු කරන සතියකි. පොරොන්දු ගිවිසුමක් වෙනස් කිරීමට සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ වැඩිමහල් සහෝදරයකු සමඟ සිදුවන බහින්බස්වීමක් දුරදිග යා හැකි බවක් පෙනේ. අන් අයගේ උපදෙස් නොපිළිගන්නා කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ වෙනසක් සිදු කරයි. නිතර ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු කෙරෙහි උදාසීන බවක් ඇති කරයි. පොත්පත් ගැටලුවකට මුහුණපෑමට සිදුවේ. පාසල් ගමනට බාධා සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික පීඩාවලට ලක්වන කාලයකි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවේ. නිතර කල්පනාවෙන් කටයුතු කරන්න.

 

අය 06 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

වෘශ්චික

අධ්‍යාපනික ජයග්‍රහණ

 

හදිසි තීරණයක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුමතයට කටයුතු කිරීමෙන් නොසිතූ අවුලකට මුහුණ පෑමට සිදුවන සතියකි. පොරොන්දු ගිවිසුමක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙනේ. වැඩිහිටි අයගේ උපදෙස් නොතකා කටයුතු කරන බවක් පෙනේ. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගයට හිමිකම් ඇති කරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ දුර පළාත්වලට යාමට ද අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

අන් අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ අධ්‍යාපනික ජයග්‍රහණයකට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා පොත්පත් කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ලේ විෂ වීමක් හේතුවෙන් ඇතිවන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැලැකී සිටීම යහපත් කරයි.

 

වෘශ්චික

අධ්‍යාපනික ජයග්‍රහණ

 

 

හදිසි තීරණයක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුමතයට කටයුතු කිරීමෙන් නොසිතූ අවුලකට මුහුණ පෑමට සිදුවන සතියකි. පොරොන්දු ගිවිසුමක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙනේ. වැඩිහිටි අයගේ උපදෙස් නොතකා කටයුතු කරන බවක් පෙනේ. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගයට හිමිකම් ඇති කරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ දුර පළාත්වලට යාමට ද අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

අන් අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ අධ්‍යාපනික ජයග්‍රහණයකට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා පොත්පත් කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ලේ විෂ වීමක් හේතුවෙන් ඇතිවන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැලැකී සිටීම යහපත් කරයි.

 

අය 06 වැය 05

ජය අංකය 03

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

ධනු

අන්සතු වස්තු ලාභයක්

 

වරින් වර මානසික පීඩා ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ඇතිවන මතභේදයක් දුරදිග යා හැකි බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වරින් වර ඇති කරන නොසන්සුන්තාවය හේතුවෙන් නොසිතූ අවුල්සහගත තත්ත්වයක් ඇති කරයි. උසස් නිලධාරීන්ගෙන් යම් යම් ගැටලු පැන නැඟීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවේ. නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති සුළු සුළු ආබාධ කීපයක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 06

ජය අංකය 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

මකර

ණය මුදලක් හිමි කරයි

 

අමතර මුදල් වැයවීම් වැඩි කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 3, 4, 5, 6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන කාලයකි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු යෙදෙන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. නොසිතූ අවුල් සහගත තත්ත්වයකට මුහුණපෑමට සිදුවන සතියකි. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අය කල්පනාකාරී විය යුතු කාලයක් වන අතර, හදිසි පාඩු සිදුවිය හැකි බවක් පෙනේ.

අධ්‍යාපනය

විවිධ අපහසුතා මැද කරගෙන යන විභාග කටයුතුවල සාර්ථක නිමාවක් දැකිය හැකි බවක් පෙනේ. එහෙත් ගුරු දෙගුරුන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් කාලයකි. පැවැති අසනීපකාරී බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. පැවැති සෞඛ්‍ය පරීක්ෂණයක් සුබදායක බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 වැය 05

ජය අංකය 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කුම්භ

දේපළ ගැටලුවක් විසඳේ

 

අවිවේකී ලෙස සතිය උදාවන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 2, 3, 4, 5 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. අසල්වාසීන් සමඟ ඇතිව තිබූ මතභේදයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති විවේකය අඩුවන බවක් පෙන්නුම් කරයි. අමතර රැකියා මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙසීම් ගෙන දෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

නිතර සිතේ චංචල බවකින් අධ්‍යාපනික කටයුතු සිදු කරන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලට සම්බන්ධවීමෙන් සැලසුම් කීපයක් ප්‍රමාද කරයි. අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙහෙසෙන සතියකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. සුළු සුළු කැපීම් සීරීම් වැනි අනතුරුදායක තත්ත්වයකින් පීඩා ඇති කරන කාලයකි.

 

අය 08 වැය 05

ජය අංකය 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

පවුලේ උත්සව අවස්ථාවක්

 

අමතර කටයුතු වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාදවීමෙන් සිතේ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති උදාසීන බව මඟ හැරී යන සතියකි. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ පුවතක් අසන්න ලැබෙන සතියකි.

අධ්‍යාපනය

අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කරන සතියකි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් තමා ප්‍රසිද්ධියට පත්වන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උදාරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා ආහාර පාන ගැනීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පරම්පරාගත අසනීපයක් ඉස්මතුවිය හැකි බවක් පෙනේ.

 

අය 06 වැය 03

ජය අංකය 05

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.