මේ සති‍ෙය් ලග්න පලාපල... ( දෙසැ. 22 සිට 28 දක්වා)

දෙසැම්බර් 22, 2023

 

මේෂ

අලුත් ඥාති සබඳතා

 

ගතට සිතට පීඩාකාරී ලෙස සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු සතියකි. එමෙන්ම විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරන කාලයකි.

රැකියාව

වෙහෙස ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තමාගේ ජයග්‍රහණයන් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. පවුලේ අයගෙන් තම ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රශංසා හිමිකරයි. වෙනදාට වඩා උනන්දුවෙන් පාඩම් වැඩ කටයුතු කරගෙන යන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන සතියකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. ශාරීරික වෙහෙසීම් ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘෂභ

රැකියා ලාභ

 

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරන කාලයකි. එමෙන්ම අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායකයි. විදෙස් රැකියා මාර්ගවලටද හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

තරඟකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් නිවෙසින් පිට වාසයට කරුණු යෙදෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීරය වෙහෙස ගෙන දෙන සතියකි. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.

 

 

අය 08 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

දෙගුරුන්ගේ පැසසුම්

 

උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කළයුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට කරුණු යෙදේ. ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුකාරී බවක් ඇති කරයි. යොදාගත් සැලසුම්වල වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ සතුටුදායක බවක් ඇති කරයි. තරග විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ගුරු දෙගුරුන්ගේ පැසසුමට ලක්වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධාකාරී බවක් ඇති කරන සතියකි. මෙතෙක් යටපත් වෙමින් පැවැති අසනීපයක් නැවත මතු වන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 07 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

 

කටක

වගකීම් බහුලයි

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. දුරදිග බලා ගන්නා තීරණයක් හේතුවෙන් කටයුතු කීපයක් සාර්ථක කරයි. වගකීම් බහුල සතියකි.

රැකියාව

මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය රැකියාවේ කටයුතු වෙනදාට වඩා ප්‍රබෝධයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. පිරිස් පාලනය සම්බන්ධ අලුත් රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට නොසිතූ ගැටලුකාරී බවක් මතු කරයි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති දණහිස ආශි‍්‍රත ආබාධයකින් සුවය හිමිකරන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම මුත්‍රා අමාරුවක් හේතුවෙන් ද පීඩා ඇති කරන බවක් පෙනේ. වෙනදාට වඩා ශරීරය සිසල් කරන ආහාර ගැනීම වැදගත් වන සතියකි.

 

 

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

සිංහ

 

අමතර ලැබීම්

 

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයකට මුහුණ පෑමට සිදුවන සතියකි. අසල්වාසීන් සමඟ ඇතිවන මතභේදයක් දුරදිග යා හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අඹුසැමි සුහදතාවයට බාධාගෙන දෙන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් සාර්ථක කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. අමතර ලැබීම් හිමිකරන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ.

අධ්‍යාපනය

අධ්‍යාපනයේ නව සැලසුම් කීපයක් සාර්ථක කරයි. තරග විභාගයකින් හදිසි ජයග්‍රහණයක් හිමි කරන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි. හදිසි පාඨමාලාවකට සම්බන්ධවීමට සිදුවන සතියක් වේ. අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

 

සෞඛ්‍යය

ශරීරය වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණපෑමට සිදුවෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.

 

 

අය 06 වැය 05,

ජය අංකය - 02,

ජය වර්ණය - කහ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කන්‍යා

උත්සවයක් සැලසුම් කෙරේ

 

පවුලේ වගකීම් වැඩි කරමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු කාලයකි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් සකස්කර ගන්නා බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශංසා හිමිකරන කාලයකි. විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇතිවෙයි.

අධ්‍යාපනය

විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. වැඩිහිටියන් මෙන්ම ගුරු භවතුන්ගේද උදව් උපකාර හිමිකරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරන කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

 

 

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

තුලා

තරගකාරී කටයුතු යෙදේ

 

පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වෙහෙස මහන්සියක් දැක්විය යුතු සතියකි. මවගේ කටයුතු හේතුවෙන් වෙහෙසීමට සිදු වෙයි. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වන කාලයකි. තැන්පත් ධනය වැයවන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

රැකියාව

ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර සිතේ චංචල බවකින් රැකියාවේ කටයුතු සිදුකරගෙන යන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමෙන් නායකත්වයක් දැරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. ඖෂධ පාවිච්චියේ දී සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 05,

ජය අංකය - 06,

ජය වර්ණය - කහ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

තනතුරු ස්ථිර වීමක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගනිමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති ගැටලු කීපයක් මඟහැරී යන කාලයකි. පවුලේ වැඩිහිටියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. ආගමික කටයුතු සඳහා දුර පළාතක යාමට අවස්ථාව උදා කරයි.

රැකියාව

අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි. තනතුරු ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අධ්‍යාපන

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වන සතියකි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික අපහසුතා මතු කරන සතියකි. උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. සුළු සුළු සීරීම් තැළීම් සිදුවිය හැකි කාලයකි.

 

අය 06 වැය 03,

ජය අංකය - 07,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සඳුදා

 

 

ධනු

 

ආගමික කටයුතුවලට නැඹුරුවෙයි

 

වරින් වර මානසික පීඩා ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා

5, 6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ඇතිවන මතභේදයක් දුරදිග යා හැකි බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වරින් වර ඇති කරන නොසන්සුන්තාවය හේතුවෙන් නොසිතූ අවුල්සහගත තත්ත්වයක් ඇති කරයි. උසස් නිලධාරින්ගෙන් යම් යම් ගැටලු පැන නැගීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවේ. නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති සුළු සුළු ආබාධ කීපයක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීම සැලකිලිමත් වන්න.

 

 

 

අය 07 වැය 06,

ජය අංකය - 09,

ජය වර්ණය - තැඹිලි,

සුබ දවස - සඳුදා

මකර

 

 

 

ණය මුදලක් හිමිකරයි

 

අමතර මුදල් වැයවීම් වැඩිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 4, 5, 6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන කාලයකි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු යෙදෙන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. නොසිතූ අවුල් සහගත තත්ත්වයකට මුහුණපෑමට සිදුවන සතියකි. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අය කල්පනාකාරී විය යුතු කාලයක් වන අතර හදිසි පාඩු සිදුවිය හැකි බවක් පෙනේ.

අධ්‍යාපනය

විවිධ අපහසුතා මැද කරගෙන යන විභාග කටයුත්තක සාර්ථක නිමාවක් දැකිය හැකි බවක් පෙනේ. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට ලක්වීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් යහපත් කාලයකි. පැවැති අසනීපකාරී බවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. ඖෂධ පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. පැවැති සෞඛ්‍ය පරීක්ෂණයක් සුබදායක බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 වැය 05,

ජය අංකය - 07,

ජය වර්ණය - කහ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

දේපළ ගැටලුවක් විසඳේ

 

අවිවේකී ලෙස සතිය උදාවන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 3, 4, 5 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. අසල්වාසීන් සමඟ ඇතිව තිබූ මතභේදයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති විවේකය අඩුවන බවක් පෙන්නුම් කරයි. අමතර රැකියා මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙසීම් ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

නිතර සිතේ චංචල බවකින් අධ්‍යාපනික කටයුතු සිදුකරන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලට සම්බන්ධවීමෙන් සැලසුම් කීපයක් ප්‍රමාද කරයි.

සෞඛ්‍යය

නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙහෙසෙන සතියකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. සුළු සුළු කැපීම් සීරීම් වැනි අනතුරුදායක තත්ත්වයකින් පීඩා අත්කරන කාලයකි.

 

 

අය 08 වැය 05,

ජය අංකය - 02,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

 

 

මීන

පවුලේ උත්සව අවස්ථාවක්

 

අමතර කටයුතු වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාදවීමෙන් සිතේ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති උදාසීන බව මඟහැරී යන සතියකි. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ පුවතක් අසන්න ලැබෙන සතියකි.

අධ්‍යාපනය

අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කරන සතියකි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් තමා ප්‍රසිද්ධියට පත්වන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේ දී ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පරම්පරාගත අසනීපයක් ඉස්මතු විය හැකි කාලයකි.

 

 

අය 06 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.