වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
නිවසක් ඉදිකරන්න පෙර සිතා බැලිය යුතු කරුණු
ජුනි 14, 2019
ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පැරණි නිවසට අලුතින් කොටස් එකතු කිරීමට හෝ කුමන ආකාරයක ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ගෘහ මූලික ඔබගේත් නිවැසියන්ගෙත් ජන්ම පත්‍ර පරික්ෂා කර බැලීමයි.
ඒ අනුව ගෘහමූලිකව ඒරාෂ්ටක අපල 6,8,12 භාව අධිපතියන්ගේ දශා, අතුරු දශා ආදිය ලබා තිබේද යන්න විශේෂයෙන් බැලිය යුතුය. එවැනි ග්‍රහ පිහිටීම ඇතනම් ආරම්භක නැකත ශුභ වුවත් ලෙඩ දුක්, ධන හානි ආදී කරදර ඇති වී නිවසේ වැඩ කටයුතුවලට බාධක ඇතිවේ.
වඳ භාර්යාව සහ දරුවන්ටද මාරක අපල ඇතිදැයි පරික්ෂා කළ යුතුය.
කෙනෙකුගේ කේන්ද්‍රයේ සිව්වැන්න නිවාස ඉඩකඩම් ආදිය පෙන්නුම් කරන ස්ථානය බැවින් ගෘහ මූලිකව සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවක් ලබා තිබීම සුබඵල දීමට හේතුවේ. තවද එකොළොස් වැන්න අධිපතිගේ මහ දශාවක් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබ ඵල දීමට හේතු වේ. එසේම දසවැන්න හෝ නවවැන්න අධිපතිගේ මහ දශාවත් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබදායක වේ.
සිව්වැන්න ගුරුගේ ස්වක්ෂේත්‍ර රාශියක් හෝ උච්ච රාශියක් වී ගුරුගේ මහ දශාව පැවතීමද නිවස ඉදිකිරීමට සුදුසුය. තව ගෝචරයෙන් ගුරු සිව්වැන්නේ ගමන් කිරිමේදී ගුරුගේ අතුරු දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීම ආරම්භයට සුදුසුය.
තවද සිව්වැන්න සිකුරුගේ මිත්‍ර උච්ච ස්වක්ෂේත්‍ර රාශියක් වී සිකුරු එහි තැන්පත්ව සිකුරුගේ අතුරු දශාවක් හෝ මහ දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීමට සුදුසුය. කෙසේ නමුත් කුඩා දරුවන්ගේ උපන් නැකත්වලට නිවාස නැකත් නොසෑදිය යුතුය.
ගෘහ නිර්මාණයේදි විශේෂ අවස්ථා තුනක් වේ. එනම් අත්තිවාරම් කැපීම මුල්ගල් තැබීම සහ ජනෙල් උළුවහු තැබීම යන ත්‍රිවිධ කාර්යයයි.
මෙයින් අත්තිවාරම් කැපීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදුසු නැකත් වන්නේ අධෝමුඛ නැකත් ලෙස සැලකෙන පුවපල්, පුවසල, පුවපුටුප , අස්ලිස ,බෙරණ, කැති, මුල ,මා, විසා ආදියයි.
නිවසක සැලැස්ම වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. මෙහිදී නිවස ඉදිකරන ඉඩමේ දිශාවන් සහ අතුරු දිශාවන් අනුව නිවසේ අභ්‍යන්තර කාමර, එනම් මුළුතැන්ගෙය, නිදන කාමර, වැසිකිළිය, නාන කාමර, සාලය පාඩම්කරන කාමර ආදිය වාස්තුමය දිශාවන් අනුව සැලසුම් කළ යුතුයි. නිවසේ වර්ගඵලයද නිවැසියන්ට ශුඵඵල දෙන ආකාරයට විය යුතුය.
ඉඩමේ ගිනිකතුර වැටෙන ස්ථානයත් නිවසේ ගිනිකතුර වැටෙන ස්ථානයත් එකිනෙකට සම්පාත නොවිය යුතුය. ඉඩමේ ගිණිකතුර නිවසේ බිත්ති මතට නොවැටිය යුතුය.
නිවසේ වැසිකිළි මුළුතැන්ගෙය සාලය ඉඩමේ ගිණිකතුරට හසු නොවිය යුතුය.
වහලයේ යටලීයට පිරිද්දුම බාල්ක කුරුපා, උළුවහු ජනේල ඉඩමේ මැද බ්‍රහ්ම පාදයේ ගිනි කතුරට අසුවීම දෝෂ සහිතය. තට්ටු ගොඩනැගිල්ලක නම් නිවස තුළ පඩි පෙළ බටහිර දිශාවට බැස්මට නොතබන්න.
නිවසක මැද බ්‍රහ්ම පාදය පසුවන කොටසේ වතුර සහිත මාළු ටැංකි සුදුසු නැත. සැලසුමේ දිශාගත මුළු හිස් නොකර පොළොව යටින් හෝ ගල් දමා සමකළ යුතුය.
නිවසේ උළුවහු තැබීමේදී ක්‍රම තුනක් අනුගමනය කරයි. එනම් අක්ෂය පාද නවයකට බෙදා තුන්වැනි සහ හතරවැනි පාදවල උළුවහු තැබීම, දෙවැන්න නිවසේ අක්ෂ හතර පාද අට බැගින් බෙදා සුදුසු පාද වල තැබීම, තෙවැන්න නිවස් අක්ෂ පාද පසළොවකට බෙදා සිකුරු, ගුරු, කුජ යන පාදවල උළුවහු තැබීම යන ආකාරයයි. නිවසේ මුළුවල උළුවහු නොතැබිය යුතුය.
නිවසක් ඉදිකරන භූමිය පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නිවසක් ඉදිකිරිමේදී භූමියේ හැඩය ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් හතරැස් හෝ චතුරස්‍රාකාර ඉඩම් සුබපල ඇති කරයි. ඊළඟට මුල කොටස පළල්ව අග කොටස සිහින් වී ගිය පතාකයකට සමානවූ භූමියද ශුභඵල දෙන්නකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
නිට්ටඹුව ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි වර්ග අඩි 1500කට ආසන්න සරල නිවසකි. එහි එක් පසෙකින් අභාවිත වැරැන්ඩාවකි. අනෙක් පසකට නිවස යම් දිගු කිරීමක්...
2024-02-01 18:30:00
පාණදුර ප්‍රදේශයේ දැවැන්ත පැරණි නිවෙසකි. නම කියූ සැණින් අදත් එදත් හොඳින් දන්නා ප්‍රකට ප්‍රභූ පරපුරකට නෑකම් කියන අයකු මුත් සමීප ඇසුරකින් යුතු අය අතර...
2024-01-25 18:30:00
වාස්තු දෝෂ සිය ගණනක් අතරින් බරපතළ ප්රමුඛ දෝෂ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගත නොහැකිවූ විට කළුවරේ ගල් ගසන්නා සේ කටයුතු කිරීම ස්වභාවය වෙයි. මෙහි...
2024-01-18 18:30:00
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ යැයි හැඟෙන ඉතා ඉහළට විහිදී ගිය වහළකින් යුතු දැවැන්ත නිවාසයකි. ඇතුළු වූ තැන සිට විවෘත බවක් පෙන්වන දිවා...
2024-01-11 18:30:00
අද සමස්ත රටේම ආර්ථිකය බිඳ වැටී ඇති බව රහසක් නොවේ. එවැනි අවස්ථාවක එක් එක් පුද්ගලයාගේ හෝ එක් එක් කුටුම්බයක ආර්ථිකය බිඳ වැටීම සාමාන්‍ය තත්ත්වයක්ව තිබේ....
2024-01-04 18:30:00
අපේ පැරණි ගැමියන් සිය නිවස ඉදිකිරීමට උත්සාහ කළේ මහ පාරට මුහුණලාය. තුන්මන් හන්දි, සතරමන් හන්දිවලට මුහුණ ලා නිවස සෑදීමත් ප්‍රධාන දොරටුව තැබීමත්...
2023-12-28 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාව සමඟ බැඳුණු වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී එය ඍෂිවරුන් විශාල පිරිසක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂි ශාස්ත්රියමය ක්රමවේදයකි....
2023-12-28 18:30:00
භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය දැක්වීම සඳහා වාස්තු විද්‍යාවේ කියවෙන සංකල්පය ‘වාස්තු පුරුෂ මණ්ඩල” යනුවෙන් හැඳින්විය හැකිය.මෙයින් අදහස් කරනුයේ හතරැස්...
2023-12-28 18:30:00
දිශා දක්නයක් (මාලිමාවක්) පමණක් ගෙන නිවස මැද සිටගනිමින් වාස්තු නිර්දේශ නිකුත් කරන ශිල්පීනට නිවස විවිධ මට්ටම්වල ඉදි කරනු ලැබූවත් නැතත් ගැටලුවක් මතු...
2023-12-21 18:30:00
බොහෝ දෙනකු නිවාස පරීක්ෂා කරන්නේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානයන් ඉදිකර පදිංචි වූවාටත් පසුයි. නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට පෙර ඡ්‍යොතිෂ හෝ වාස්තු...
2023-12-21 18:30:00
මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණ අතර ලෝකයේ පුදුම අතරටද එක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ සන්නාමය සනිටුහන් කරන ලිබර්ටි ප්‍රතිමාව තඹ ලෝහයෙන් එදා මෙදාතුර ලොව...
2023-12-14 18:30:00
තනි තනි ඉඩම්වල තනි තනි නිවාස ඉදිකර ගැනීම සෑම විටම කළ හැක්කක් නොවේ. එවිට එක් එක් වෙන් වූ නිවාස වෙනුවට ඉහළින් පහළින් මෙන්ම විවිධ පැතිවලින් එකිනෙකට බැඳී...
2023-12-14 18:30:00
සෙන් උද්‍යාන යනු වියළි වැලි හා ලොකු කුඩා පර්වත භාවිතයෙන් කරන අසිරිමත් උද්‍යාන නිර්මාණයකි. මෙහිදී විවිධ රටාවන් ඇඳෙන පරිදි අතු පතු ගෑම් සිදු කෙරෙන අතර...
2023-12-07 18:30:00
ජීවන ගමන අසීරුය. අපි සැවොම ජ්‍යාමිතික ලෝකයක් තුළ සිරවී සිටිමු. විවිධ ශක්තීන් හුවමාරු කර ගනිමු. ඉන් සමහරෙක් දොස් සහිතය, විෂ සහිතය, කලිෂ්ටය. තවත්...
2023-12-07 18:30:00
වාස්තු ශාස්ත්රයේදී වර්තමානයේ භාවිත වන තාර්කික කරුණු නිරවුල්ව වටහා ගැනීමට හුදෙක් ඉදිකිරිම්වල පවත්නා හැඩතල හා දිශා පමණක් ප්‍රමාණවත් නොවේ. එහිදී...
2023-11-23 18:30:00
වාස්තු විද්‍යාවේදී “විශ්වකර්ම” ඍෂිවරයාට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. යම් වාස්තු විද්‍යානුකූල විශිෂ්ට නිර්මාණයක් ලොව කොතැනක තිබුණද එහි අද්විතීය...
2023-11-23 18:30:00