නිවෙසකට ඉඩමකට වාස්තු පුරුෂයාගෙන් ලැබෙන විශ්ව ශක්තීන්

දෙසැම්බර් 29, 2023

භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය දැක්වීම සඳහා වාස්තු විද්‍යාවේ කියවෙන සංකල්පය ‘වාස්තු පුරුෂ මණ්ඩල” යනුවෙන් හැඳින්විය හැකිය.

මෙයින් අදහස් කරනුයේ හතරැස් කොටුවක් තුළ තැන්පත්ව ඇති වාස්තු පුරුෂ රූපයයි. ලක්ෂණයයි. මේ රූපයේ දැක්වෙන වාස්තු පුරුෂයා සෑම නිවසකම ඉඩමකම තැන්පත්ව සිටින බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. වාස්තු පුරුෂයා ඊසාන දෙසටත් නිරිත දෙසටත් තම බලය රඳවාගෙන සිටියි. එම රූපයේ හිස අනිවාර්යයෙන් ඊසාන දෙසට හැරවී තිබෙයි. මේ රූපයෙන් කියැවෙන කරුණු කාරණා ගැන සැලකිලිමත් වන විට මේ කොටුව තුළ විවිධ බලවේග ක්‍රියාත්මක වේ. මේ බලවේග ඕනෑම ඉඩමක නිවසක රැඳෙන බව දැනගත යුතුය.

වාස්තු පුරුෂයා මඟින් දිස්වන බලවේග බල ව්‍යුහයක් හා සම්බන්ධ වී ඇත. මේ බල ව්‍යුහයන් නිවසේ ඉඩමේ නිසි ලෙස පාලනය නොකළහොත් නොතිබුණ හොත් අහිතකාරි පීඩාවක් මේ තුළින් ජනිත වීමට ඉඩ ඇත.

මෙහි වෙසෙන අය හට මේ අහිතකාරි පීඩාවන් එකට එකතු වී නොපෙනෙන බලයක් ක්‍රියාත්මක වීම කාගෙත් දියුණුවට බාධා විය හැකිය. මෙම නොපෙනෙන බලය තුළ මෙම විශ්වයේ ඇති සෑම බලයක්ම ක්‍රියාත්මක වේ.

ආපෝ – තේජෝ , වායෝ ජල හා ආකාශ යන අයුරින් වෙන් වෙන්ව ද ක්‍රියාත්මක වේ. වාස්තු පුරුෂ මණ්ඩලය සෑදී ඇත්තේ ත්‍රිමූර්තියක ආකාරයෙන්ය. මෙම මූර්තීන් දර්ශන තලයක් මෙන් තුන් ආකාරයකින් මනසට ශරීරයට හා ආත්මයට සම්බන්ධව ඇත. මෙය ක්‍රියා කිරීමේදී සූක්ෂම වශයෙන්ද භෞතික වශයෙන් හා ගෘහ නිර්මාණය වශයෙන්ද ක්‍රියාත්මක වේ.

වාස්තු යනු චිත්‍රයක් නිරුපණය කරන කඩදාසියයි. පුරුෂ යනු මෙහි සටහන් කරන රූපයයි. මණ්ඩලය යනු නිර්මාණය කිරීමට උපයෝගී කර ගන්නා යන්ත්‍රණයයි.

වාස්තු පුරුෂ මණ්ඩලය මඟින් දී ඇති සිද්ධාන්තයන් උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද නිවාසයක්, ගොඩනැඟිල්ලක්, පූජනීය ස්ථානයක් වේ නම් සූක්ෂ්ම විශ්ව රශ්මි කදම්භයක් කැටිකොට බලවත් ප්‍රතිඵලයක් අදාළ එම ස්ථානවලට ලබා දෙනවා ඇත. වාස්තු පුරුෂයා මුනින් අතට පොළොවේ වැතිරී සිටින බව සිද්ධාන්තයයි. මේ ප්‍රතිරූපයේ හිස ඊසාන දෙසද පාදයත් නිරිත දෙසද වැලමිට ගිනිකොන හා වයඹ දෙසද පිහිටා ඇත.

ගොඩනැඟිල්ලක ජීවය පවත්වාගෙන යාමට වාස්තු පුරුෂ අංගෝපාංගයන් නිසි ලෙස හසුරුවා ගැනීම ඉතාමත් අවශ්‍ය වේ. කෙසේ වෙතත් මේ මර්මස්ථාන යම් හෙයකින් පීඩා වූයේ නම්, අප්‍රහිතකාරි පීඩාවන්ට ලක්වනවා ඇත. මේ ස්ථාන වනුයේ වාස්තු පුරුෂයාගේ හදවත, හනු පෙදෙස, හිස හා ලිංග පෙදෙස යන විශේෂ ස්ථානයන් වේ.

ගොඩනැඟිල්ලක් නිවසක් සැදීමේදී බර භාණ්ඩ හෝ ගල්, වැලි, බර කුලුනු, උතුරු දෙසින් පොළොවට ළං වේ. ජුනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා නැඟෙනහිර පොළවට ළං වේ.

සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය තෙක් සූර්ය බලය පොළොවට දකුණු දෙසින් ලැබේ. දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා සූර්ය බලය බටහිර දෙසින් පොළොවට ළං වේ. මෙය සමහර විට ප්‍රාදේශිකව සුළු සුළු වශයෙන් වෙනස් වීමට පුළුවන. මෙම කාලයන්හිදී ඒ ඒ පැතිවල ඇති දොර ජනෙල් විවෘතව තැබීමෙන් හා වාතය ලැබිය හැකි ස්ථාන නිසි ලෙස විවෘත කර තැබීමෙන් අදාළ ගොඩනැඟිල්ලට විශ්ව ශක්තීන් ඉතා ඉක්මනින් ඇතුළු වීමේ ඉඩකඩ ලැබෙනවා ඇත.

මේ විශ්ව ශක්තීන් තුළින් එම ස්ථානවල ලෙඩ දුක් අඩු වී නිරෝගීිව ජීවත් වීමට වාසනාව උදාවේ. මෙය විශ්ව ශක්තියයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.