සිරුර සවිබල ගන්වා වෙහෙස දුරලමු මෙලෙසින්

අප්‍රේල් 26, 2019

උණුසුම අධික කාලයට දැනෙන්නේ දැඩි වෙහෙසකි. උණුසුම නැතත් වෙහෙසින් දැඩි ලෙස පීඩාවට පත්වීම අද කාලයේ සුලබ අත්දැකීමකි. ආයුර්වේදයට අනුව වෙහෙසට ප්‍රබලවම බලපාන කරුණු දෙකක් තිබේ. ඒ ජීවන රටාව සහ අප ගන්නා ආහාර ප්‍රමාණයයි ඒවා ශරීර ශක්ති මට්ටමේ තීරකයන්ය.

කෑමට ගන්නේ මොනවාද, කෙසේද ආහාරයට ගන්නේ? ජීර්ණ හැකියාව කෙබඳුද? මේ සියල්ල ශක්ති මට්ටමට බලපායි. නිසි ලෙස ආහාර ජීර්ණය නොවු විට ශක්තිය ද නිසි ලෙස නොලැබෙයි.

මීට අමතරව හෘද රෝග වැනි වෙනත් තත්ත්වවලදී ද වෙහෙස දැනෙයි. එවැනි රෝග තත්ත්ව පසුකාලීනව ආහාර රටාවට ද බලපායි.

මේද අධික ආහාර, පිරිපහදු කළ හෝ සකස් කරන ලද ආහාර, සීනිමය ආහාර සහ කැෆේන් වැනි උත්තේජකවලින් වැළකී සිටින තරමට අපට වෙහෙස දැනීම ද අඩු කර ගත හැකිය. මෙවැනි ආහාර වෙහෙසට පමණක් නොව බර වැඩිවීමට ද හේතු වෙයි. ආහාරවල පෝෂණය උරා ගැනීමට ද බාධා කරයි.

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි චම්පිකා දීපානි රණසිංහ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.