දරාගන්න බෑ ඔළුව පුපුරන්න වගේද?

මාර්තු 29, 2024

 

“ඉවසන්න බැරි තරමට ඔළුවේ කැක්කුම ඔළුව පුපුරන්න වගේ දැනෙනවා. ඒ මදිවට මේ ළමයින්ගේ කරච්චලේ කොහොම ඉවසගෙන ඉන්නද නවත්තන්නකො ඔය කෑගැහිල්ල” මෙවැනි කියමන් ඔබ බොහෝ විට අසා ඇති. සමහර විට ඔබත් කවදා හරි මෙවැනි ප්‍රකාශ කර ඇති. ඔළුව කැක්කුමකින් වේදනාවට පත් වූ කෙනකු තමයි දන්නේ විඳින දුක වේදනාව. ඔළුවේ කැක්කුම නැතිනම් හිසරදය රෝගයක් පෙන්නුම් කිරීමකි. එය රෝග ලක්ෂණයකි.

Tension Headache  ලෙස හඳුන්වන ආතතිය නිසා ඇතිවන හිසරදය හැම කෙනෙක්ම වාගේ පීඩාවට පත් කෙරෙන තත්ත්වයකි.

ශිරාවල ධමනිවල හෝ මාංශ පේශීන්ගේ දුර්වලතා නිසා හෝ බරපතළ රෝගාබාධ නිසා හෝ හට ගැනෙන හිසරදය තවත් රෝග රැසකටම හේතුවිය හැකිය. පාසල් යන දරුවාගේ පටන් වැඩිහිටි කොයිකාටත් භේදයකින් තොරව හට ගැනෙන හිසරදය නැතහොත් ඔළුව කැක්කුම, දරාගත නොහැකි වේදනාව ගෙන දෙන පුදුමාකාර දෙයකි. හිසරදය මුලින්ම හටගත් විට සැලකිල්ලට නොගන්නා රෝග ලක්ෂණයකි. එසේ වූවත් හටගන්නා හිසරදයෙහි සැඟවුණු කිසියම් භයානක වූ රෝගී තත්ත්වයක් ද පෙන්නුම් කළ හැකිය. බයක් ඇති වූ විටත් යම් ප්‍රශ්නයකට මැදිව කල්පනා කරන විටත් හිසරදය ඇතිවිය හැකිය. එවැනිම බයක් ඇති වූ විටත් යම් ප්‍රශ්නයක් නිසාත් රෝගී අවස්ථාවකදී වුවත් හිසරදය හටගත හැකිය.

තවද දැඩි මානසික කම්පනයකදී අධික ලෙස නිදි වැරීමකදී, දුම්පානයකදී වගේම මත්පැන් පානය ද දේශගුණික වෙනස්කම් වගේම කාන්තාවන්ගේ මාසික වෙනස්කම්වලදී ද හිසරදය ඇතිවේ. ඇස් දෙක යටින් ඇහිබැම දක්වා හටගැනෙන තද වේදනාවලට අස්ථිය කෙළවරෙහි දැනෙන තද කැක්කුම, ඇස්වලින් කඳුළු වැගිරීම, කම්මුල හිරිවැටෙනවාක් මෙන් දැනෙන වේදනාව ඉන් සමහර ලක්ෂණයන්ය. හිසේ තද කැක්කුම ගැන සැලකිලිමත්වීමේදී විශේෂයෙන් වයස් සීමාව ගැනත් සිතා බැලිය යුතුය. වයස් සීමාවේදී වයස තිහට වැඩි අයකුට හැදෙන හිසරදය හෝ හිරුවාරදය මානසික ආතතිය නිසාද හටගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. බොහෝවිට වයෝවෘද්ධ අයට හැදෙන හිසරදය ඊඥථනධපචත ඒපඪජපඪබඪඵ යන රෝගී තත්ත්වයට ද පත්විය හැකියි. සමහර අයට හිරු නැඟීමත් සමඟ හටගැනෙන හිසරදය අධික වේදනාවට පත්වන්නේ හිරු මුදුන් වීමෙනි. ඒ සඳහා වාත පිතද බලපානු ඇත.

දසරුවෙන් පවතින රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා හිසේ කැක්කුම ශීර්ෂ රෝග එකොළහකට සම්බන්ධව පවතී. ඉරුවාරදය, අර්ධාවභේදය ඇස පහළ කොටසක උලකින් අනින්නා සේ දැඩි වේදනාවක් ගෙන දෙන අතර ඇහිබැම ගිලුණා මෙන් දැනීම, ඇහැ තුළ හා කනේ වේදනාව දකුණු පැත්තෙන්ද වම්පැත්තෙන් ද දැනේ. කතාවද අපහසු තත්ත්වයකට පත්වේ. ඉරුවාරදයෙන් වේදනාවට පත්වන බොහෝ දෙනකු නියුරෝන නම් මොළයේ ස්නායු ශෛලවලට ඇතිවන වෙනස්වීම් නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීමෙන් මේ තත්ත්වය ඇතිවීමට හේතුවන බව ද සොයාගෙන ඇත. එමෙන්ම ඇසේ පීඩනය වැඩිවීමෙන් ග්ලූකෝමා රෝග තත්ත්වය නිසා ඇතිවන වේදනා කැක්කුම් නිසා ද හිසේ කැක්කුම ප්‍රබල වේ. අර්ධාව භේදය අනුව හට ගැනෙන හිසරදය වර්ධනය වීමට ඉඩ නොතබා දේශීය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මහත් සැනසිල්ලක් ලබාගත හැකිය. හිස කොටස් දෙකකට මෙන්ම වරින්වර හට ගැනෙන මේ හිසරදය මානසික හේතුන් මත හා ආහාරපානාදිය, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ නිසා ද හට ගනී. වැටීම්, තැළීම් මෙන්ම කල්ගිය රෝගවල බලපෑමෙන් ද වැලඳෙන හිසරදය සුළු කොට සිතා ක්ෂනික ප්‍රතිකාරවලින් එවලෙට සුවකර ගැනීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවේ. එසේ ක්ෂණික වේදනා නාශක ප්‍රතිකාර ගැනීමෙන් සිදුවන්නේ එම අවස්ථාවට ක්ෂණික සුවයක් ලැබූවත් වරින්වර නොකඩවා එකම වේලාවට හිසේ වේදනාව හට ගැනීමෙන් බරපතළරෝගී තත්ත්වයකට පත්වීමයි.

ශරීරය තුළ ඇති මර්මස්ථාන දෙසිය හත ඇතුළත සිදුවන ඕනෑම අවස්ථාවක තැළීම් වැටීම් දීර්ඝ කාලීන රෝග, සර්ප දෂ්ටණය, ආහාර පීඩා, බරපතළ පහරදීම් ආදී අවස්ථාවන්හිදීද හිසරදය ඇතිවිය හැකිය. සාමාන්‍යයෙන් ගත් කල පුරුෂ පක්ෂය අනුව බැලීමේදී ඉරුවාරදයට ගොදුරුවන සංඛ්‍යාව කාන්තා පක්ෂයේ වැඩි බව සංඛ්‍යාලේඛන තුළින් හෙළි වී තිබේ. විටින්විට එන හිසරදය එතරම් වේදනාත්මක නොවන ටික වේලාවකින් සුවවීමේ තත්ත්වයක් ඇතිවුවත් එය සුළුකොට නොතකා වෛද්‍යවරයකු හමුවීම වැදගත් වේ. දිගින් දිගටම හට ගැනෙන ඉරුවාරදය නිසා ද ඇසේ පෙනීමේ තත්ත්වයට බාධා පැමිණේ. ඇසේ එක් පැත්තක් පෙනීම ගෙන දෙන අතර, අනෙක් පැත්ත අඳුරුව පවතියි. මෙවැනි අවස්ථාවහිදී, රිදීවන් ඉරි, රේඛා දර්ශනය වෙමින් නොපෙනී යන තත්ත්වයක් පවතී. රෝග ලක්ෂණයන් පෙන්නුම් කරන හිසරදයේ තත්ත්වය එක් එක් අයට වෙනස්ව පවතී.

ඇසේ පීඩනය අධික වීමෙන් ද තද හිසරදයක් ඇතිවේ. එසේ හිසරුදාව හටගත්විට අබ, එන්සාල්, කහ, වදකහ, සූදුරු, කොට්ටන්, කුරුඳුපොතු, කළුදුරු යන මේ ඖෂධ ගෙන කුඩු කර අඹරා වැටියක දමා අවුළුවා නිවා නාසයට දුම් අල්ලන්න. දුම් නාසයට උරනු. ඉසරුජා තුරන් වේ. වේදනාත්මකව තද හිසරදය නිතර නිතර හටගන්නේ නම්, ඉරුවාදරය පුරුද්දකට වගේ දින කිහිපයක්ම හටගන්නේ නම් වෛද්‍යවරයකුට පවසා ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.