නේත්‍ර පළිඟුවෙහි අඳුරු පැහැයෙන් දිළෙන රෝගය

ජුනි 28, 2019

එක් ඇසක් හෝ සමහර විටෙක ඇස් දෙකම කළුරුවාව තුළ (ඇසේ කලු ඉංගිරියාවේ) අඳුරු හෝ අලු පැහැය හෝ සුදු වර්ණව පෙනීම අවුරා සිටින රෝගය කාචය නම් වේ. නානාප්‍රකාර වූ මෙම රෝගය ත්‍රිදෝෂ කෝපය මුල්කොට ගෙන ඇතිවන රෝග අවස්ථාවකි.

බටහිර වෛද්‍යවරු මෙම (කාචය නම්) රෝගය හඳුන්වන්නේ (Cataract)  කැටරැක්ට් යනුවෙන් යැ. ඉතා සියුම් ඉන්ද්‍රියක් ලෙස හැඳින්විය හැකි ඇසෙහි සියුම් විනිවිද පෙනෙන තට්ටු ගණනාවකින් සෑදී ඇති කාච රෝගයේදී තවත් ප්‍රභේදයකි. නීලකාචය.

මෙම නීල කාචයේදි ඇස දෙපසින් කළ මැදිරියන් කඩා හැලෙන්නාක් බඳු රෝග ලක්ෂණ පහළ කෙරේ. මීට ප්‍රතිකාර නොගෙන සිටියහොත් ඇසෙහි තත්වය බොහෝ උග්‍ර විය හැකියැ. මෙම රෝගය වැළඳුන බොහෝ දෙනෙකු හට ඇසේ වේදනාවක් නොදැනුන බව පැවසූහ. එනමුත් මදින් මඳ පෙනීමේ මදකම සහ අඳුරු දුම් පැහැයදී. දුරපෙනීම හීනවීමද ඇති වේ.

තවද පීනස් රෝගයේදීද ,අර්ශස් රෝගයේදීද ප්‍රමේහාදී රෝග හේතු කොටගෙන ශරීර ශක්තිය දුර්වල වීම හේතුවෙන්ද රුධිර ධාවනය නිසා ලෙන්ස්වලට ලේ අඩුවීම රුධිරයෙහි ඇති ජල කොටස් අඩුවීම ආදි හේතුන් නිසාද කාචය ඇතිවේ. සමහර කුඩා දරුවන්ට උපතින්ම සහජ කාචය ඇතිවේ. අක්ෂි ආබාධ ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පෙර කරන ලද පාපකර්ම වල ප්‍රතිඵලයන්යැ. ඒ බව බුදුදහමේ සඳහන් වන කරුණකි. කාචය ප්‍රභේද වශයෙන් ගත් කල්හි වාතජ,පිත්තජ, ශ්ලේෂ්මජ , රක්තජ. සන්නිපාතජ වශයෙන් පස් ආකාරයට ප්‍රභේදව ඇත.

වාතජ කාචයේදී , ඇස ඉදිරියෙන් කළු පැහැති මැස්සන් ඉඟිල්ලෙන්නාක් සේ පෙනෙනු ඇත අහස අරුණු වර්ණ වත්ව දැකීම යන මෙම රෝග ලක්ෂණ වාත කෝපතාවයෙන් හටගනු ලැබේ.

පිත්තජ කාචයේදී – මොණර පිල් සේද රන් පැහැයෙන් යුතුවද ඇස ඉදිරියෙහි දර්ශනය වනු ලබයි. එය පිත් කෝප වීම හේතුවෙන් හටගත් කාච රෝගය බව දැන ගත යුතුයැ.

ශ්ලේෂ්මජ කාචයේදී – සුදුපැහැ වර්ණයෙන් යුතුව ඉපියන් ඉගිල්ලෙන්නාක් බඳුවැ. සිනිඳුවැ අඳුරුවැ ශුභවර්ණ (සුදුපැහැයෙන්ද පෙනේද එය සෙමෙන් උපන් කාචය බව අවබෝධ කරගත යුතු වන්නේ යැ.

රක්තජ කාචය – මෙහිදී ගිනි අඟුරු හෝ ගිණිදැල් වැනිවූද රන්වන්පාටවූද, ලේ බිංඳු ලෙස හෝ රතු පැහැ වද මල් සේ පෙනේනම් රක්ත කෝපය නිසා හටගත් කාච බව සිතාගත යුතුයැ.

සන්නිපාත කාචයේදී – ඉහත දක්වන ලදීන් වූ සෑම ලක්ෂණයක් සම්මිශ්‍රනව හෝ වරින්වර පෙනේනම් එය සන්නිපාත කාච රෝගය බව දැනගත යුතුයැ.

බොහෝ වශයෙන් මෙම කාචරෝගයන්හිදී ඇසේ මීදුම් පටලයක් ඇඳුනාක් බඳුවැ. තිමිර පටලයද මෙසේ සඳහන් කරන ලද රෝග ලක්ෂණ පහළ වේ. මෙම කාච රෝග නොයෙක් ආකාරයෙන් දැකීමට හැකිවනු ඇත. වටකුරු වූද ඝන වූද, තුනී ලෙසටද සිවි පිහිටා ඇතිවන අතර උකු වන ල ද කිරිබිංදුවක් ලෙසටද, පහසුවෙන්ම දියකර හැරීමට හැකිවූද කාච රෝග භේදාත්මකව තවත් කිහිපාකාරයකට දැක්විය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික අක්ෂිරෝග විශේෂඥ වෛද්‍ය
සුසිලා නාලිනී ගොඩලියද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.