රෝග අතර මුල්තැන ගන්නා රෝගයක්

ජුනි 19, 2020

රෝගයන් අතර බඩගින්න මුල්තැන ගන්නා බැවින් සබ්බේසත්තා ආහාරට්ඨිකායයි පැවසු බුදුන් වහන්සේ නිරෝගිකමට බාධකවන රෝගයන් අතර බඩගින්න මුල් තැන ගන්නා බවත් වදාළහ. ආහාර අනුභවයේ දී පමණ නොදැන ආහාර අනුභව කිරීමෙන් ද තම ශරීරය රෝගාබාධවලට පත්වන බවද පෙන්වා දුන් බුදුන්වහන්සේ බඩගින්න බලවත්ම රෝගය බවත් පමණට වඩා ආහාර නොගත යුතු බවත් දේශනා කළහ. 

ඊට අමතරව වැරදි චරියා ක්‍රියාවත් අසහපත් දැකීමත් අධ්‍යාපනය නොමැතිවීමත් පරිසරය දූෂණයත් නිසාද යම් යම් රෝග ඇතිවිය හැකි බවත් පෙන්වා දුන්හ. නිරෝගීකම යන්නෙන් හඳුන්වා දිය හැක්කේ කායික මානසික සමාජීය යන අංගයන්ගේ යහපත් බවයි. බුදුරජාණන් වහන්සේ පරම ලාභය ලෙස නිරෝගීබව අගය කළහ. 

ආරෝග්‍යා පාරමාලාභා 

සන්තුට්ඨි පරමංධනං 

විශ්වාසා පරමා ඥාතී 

නිබ්බාණං පරමං සුඛං 

යනුවෙන් දේශනා කළ තථාගතයන් වහන්සේ සම්මුති ලෝකයෙහි ඇති කවර සැපයක් වුවත් නිරෝගිකම නැතිව ලබාගත නොහැකි බවත් පැහැදිලි කර දුන්හ. එම නිසා උතුම්ම ලාභය මේ නිරෝගීකමම බවත් වදාළහ. නිරෝගිකම යනුවෙන් පෙන්වා දිය හැක්කේ කායික මානසික සමාජීය යන කොටස් ය. එම නිරෝගීකම ළඟා කර ගැනීමට නම් පළමුව අවට පරිසරයට ආදරය කරගනිමින් එය රැක ගත යුතු ය. සොබාදහම නැත්නම් ජීවිතයක් ද නැත. බුදුන් වහන්සේ මුළු ජීවිත කාලයම ගත කළේ සොබාදහම සමග ය. එනම් උපත බුද්ධත්වය හා පිරිනිවන් පෑම යන විශේෂ අවස්ථා සියල්ල සිදු වූයේ වෘක්ෂලතා මුල්කරගෙන ය. බුද්ධත්වයට පත්වීමේ දී තමන් වහන්සේට සෙවණ ලබාදුන් බෝධීන් වහන්සේට දෙසතියක් කළගුණ සලකා ඇත. පළමු සතිය බෝ මැඩ සමීපයෙහි වැඩසිටීමත් දෙවනසතියේ ඇසිපිය නොහෙලා අනිමිස ලෝචන පූජාවන් පැවැත්වීමත් යන කරුණු තුළින් උන්වහන්සේ කොතරම් දුරට සොබාදහමේ වටිනාකම අවබෝධ කරගෙන සිටියාද යන්න පැහැදිලි වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.