නිරෝගිකම උදෙසා අපේ ආහාර රටාවට හුරු වෙමු

ඔක්තෝබර් 9, 2020

වර්තමාන සමාජය සම්පූර්ණයෙන්ම වාගේ බටහිර ආහාර රටාවට ඇබ්බැහි වෙමින් පවතී. 

නගරබද ජනයා පමණක් නොව ගම්බද ජනතාව මෙයට ගොදුරු වී ඇත. කෘත්‍රිම වර්ණකාරක, පැණි රස කාරක, කල්තබා ගැනීමට යොදන විවිධ රසායනික ද්‍රව්‍ය මෙම ආහාරවල අඩංගුය. එයින් විවිධ ආහාර රසයන් උද්දීපනය කරන අතර එම ආහාරවලට ඇබ්බැහි වීම නිසා ඒවා නැවත නැවත ගැනීමට පෙළඹවීමද සිදුවේ. මේවායේ ඇති මේද, පදාර්ථ ,පිෂ්ඨය, හා සීනි පදාර්ථ   නිසා එම ආහාර  පරිභෝජනය කරන්නන්ට දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් ,අධික රුධිර පීඩනය, සන්ධිරෝග හා බෝ නොවන රෝග වැලැඳීම අනිවාර්යයෙන්ම සිදු වේ. එබැවින් අප අපේ සාම්ප්‍රදායික ආහාර රටාවට නැවතත් හුරුපුරුදු වීමට කාලය උදාවී ඇත. අපේ පැරණි පරම්පරාවෙන් අපට උරුම වී ඇති ආහාර වර්ග රැසක් ඇත. ඒවා සාම්ප්‍රදායික ආහාර වේ. ඒවා මෙලෙස හැඳින්විය හැකිය. 

හීල්බත්. දියබත්, හත්මාලුව, ලබුකොළ මාලුව, ලුණුමිරිස්, කලවම්පලා මැල්ලුම,තලප, වැලිකොස් ඇට, කිරිකැඳ, ඉඹුල් කිරිබත්, අටුකොස් /දෙල්, මෝරු, සුන්සහල්බත් සමඟ කිතුල්පැණි, නියඹලාව, කලුපොල්මාලුව, කොළ කැඳ, කිරි හොඳි, පොල් සම්බෝලය, තැම්බුම් හොද්ද, හැලප,  මුදවපු කිරි, ඉන් සමහරකි. 

මෙම ආහාර ගුණයෙන් ඉහළය. ස්වභාවික කුළුබඩු වලින් රස ගන්වා ඇත. ආහාරමය තන්තු බොහෝ අඩංගු වේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන,මේද, විටමින්, ඛනිජ අඩංගු වේ. ප්‍රතිශක්තිය වැඩීම සිදු වේ. බඩගින්න ඇතිකරන අතර ආහාර දිරවීම පහසු කරයි. මෙම ආහාර පරිභෝජනය තුළින් දියවැඩියාව, තරබාරුව, කොලෙස්ට්‍රෝල්, බඩවැල් ආශි‍්‍රත රෝග හා බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට හැකි වේ. 

මුං කිරිබත් 

පිෂ්ට පදාර්ථ මේද පදාර්ථ යහමින් ලැබේ 

පැළකරගත් (මුල් ඇද්දවූ) මුං ඇට යොදා ගන්නේ නම් විටමින් හා ඛනිජ ලවණ වැඩියෙන් ලැබේ. 

දියබත් 

උදර දැවිල්ල ශරීර දැවිල්ල වැනි රත්පිත් රෝග සුව කෙරේ. 

පැණි බත් 

ශරීර ශක්තිය හා බලය වර්ධනය කරයි. 

කුඩා දරුවන්ට ඉතා ගුණදායකයි. උදර දැවිල්ල, ශරීර දැවිල්ල සුව කරයි. 

නියඹලාව :– ආහාර රුචිය ඇති කරයි. බඩගිනි වඩයි. 

මල බද්ධය තුරන් කරයි. 

මෙය පොල් අඹරා මිශ්‍ර කළ විට ආහාරමය තන්තු හා මේද නොඅඩුව ලැබේ. 

මෙයට යොදන කුළුබඩුවලින් විටමින් බහුලව ලැබේ. 

හෘද රෝග, දියවැඩියාව, කොලස්ට්‍රෝල් අධික තරබාරුව, පාලනය කරයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.