හෘදයේ ගැස්ම රෝගියාට දැනීම රෝගයක් ද?

ජුනි 10, 2022

 

හෘද ස්පන්දනය (Palpitation) බහුලව ඇතිවන, රෝගියා බියට පත්කරන රෝග ලක්ෂණයකි. හෘද ස්පන්දනය විනාඩියකට 70 - 80 පමණ වේ. නාඩි (Pulse) යනුවෙන් මෙය හැඳින්වේ. නාඩි 60කට වඩා අඩුවීම අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. (Bradycardia) හෘද ස්පන්දන අවස්ථාවේ දී හෘද ස්පන්දනය වෙනස්ව, වේගවත්ව (Fast) තද කරමින්, (Forceful) විටෙක පපුවේ වේදනාව හෝ හතිය සමඟ හට ගනී.

 

පළමුව මෙය ඇතිවන අන්දම බැලිය යුතු ය. අනතුරුව එයට හේතුවන හෘදරෝගයක් තිබේද දැයි සෙවිය යුතු ය.

මෙහිදී රෝගියාට දැනෙන හැඟීම සොයා බැලීම වැදගත් ය. රෝගියාට හෘදගැස්ම දැනෙන අන්දම තම පපුවට හෝ මේසයකට තට්ටු කරමින් පවසන්න යයි දන්වන්න. රෝග ඉතිහාසය විස්තරාත්මකව දැන ගැනීමෙන් හෘද්ද්‍රාවයට හේතුව දැනගත හැක. මෙය දිගටම පවතී ද? වරින්වර හටගනී ද? හෘද ගැස්ම ක්‍රමවත් (regular)ද, අක්‍රමවත් (irregular) හෘදස්පන්දනය හෙවත් නාඩිවාර කීයද? මෙහිදී රෝග ලක්ෂණ ඇතිවේද? පීඩාව එක්වර ඇතිවේද? කෙසේ අවසන් වේද? පපුවේ වේදනාව, හිසේ සැහැල්ලු බව (lighthea dedness) මුත්‍රා වැඩියෙන් පිටවීම වැනි ලක්ෂණ ඇති වේද? ව්‍යායාම කිරීම, මත්පැන් පානය වැනි හෘද්ද්‍රව ඇති කරන හේතු තිබේ ද? කිරීටක ධමනියේ රෝග, කපාටගත රෝග ආදී හෘදයේ පීඩා තිබේ ද? හෘද්ද්‍රව පවතින වේලාවට  ECG  පරීක්ෂාවක් ගෙන, හෘද රෝගයක් තිබේදැයි බැලිය යුතු ය. හෘද ස්පන්දනය S.A. Node හෝ AV Nodeන් පටන් නොගැනීම නිසා හෘද ස්පන්දනය අක්‍රමවත් වීම ටික වේලාවකට සිදුවේ.

ඇතැම් රෝගීහු හෘද ගැස්ම, එක්වර නැවතුන සෙයක් දැනුණ බව පවසා සමහරු විනාඩියක් නැවති ගමන් කළ (Missed beat)  බැව් පවසති. ආතතිය (Stress) හෝ ශාරීරික දුර්වලතාවය නිසා හෘද ස්පන්දනය අනියම් ස්ථානවලින් ආරම්භ වේ. මත්පැන්පානය, සාන්ද්‍ර චීස් හෝ චොකලට් කෑම නිසා මෙය සිදුවේ. Anxiety (සාංකාව) අවස්ථාවක දී හෘදය 90 - 120 වාරයක් වේගවත්ව තදින් ගැහීම සිදුවේ. නීරක්තිය නිසා සිරුරේ වේගයෙන් ලේ ගමන් කිරීම. ගර්භිණීවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියා අධික වීම, මහා ධමනියේ කපාටවල ක්‍රියා වෙනස්වීම ද, හේතුවේ.

නාඩි විනාඩියකට 120 පමණ ඉතා වේගවත්ම වැටීමට හේතුව හෘද් සංකෝචන අනියම් තැන්වලින් ආරම්භ වීමයි. (Paroxysmal arrythmia) S.A. Nodepන් බැහැර හෘද සංකෝචනය ආරම්භ වන විට නාඩි අක්‍රමවත්ව වේගයෙන් වැටෙමින් යයි. හෘද්ද්‍රව සාමාන්‍යයෙන් භයානක නොවේ. හෘද ගැස්ම අනියම් ස්ථානයකින් ආරම්භ වී රෝග ලක්ෂණ නොපෙන්වන අතර හෘදයේ විකෘතියක් නොමැති නම්, හේතුව ආතතියයි. හෘද ගැස්ම පිළිබඳව පමණට වඩා සිතීම, මත්පැන් පානය, කෝපි පානය (Caffeine ) සිගරට්වල (Nicotin) නිසා දුම්පානය නිසා හෘද්ද්‍රව ඇතිවේ.

හෘද්ද්‍රව තත්ත්වය සඳහා ශාකමය ඖෂධ මෙන්ම රස ඖෂධයන් ද ගුණදායි වන බව කිව යුතු ය. ශාකමය ඖෂධ අතුරින් ප්‍රාණජීව තෛලයක් රස ඖෂධ අතුරින් වෘහත්වාත චින්තාමණි රසයත් මෙරට ප්‍රචලිතය.

ඉතා උෂ්ණ වූ, ගුරු (දිරවීමට අපහසු මීකිරි, ගිතෙල්, වැනි ආහාර) අධිකව ගැනීම, අධිකව වෙහෙස වීම, කලින්ගත ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීම, අධිකව සිතීම, මල මුත්‍රාදී සාමාන්‍ය වේග පහ කිරීමට අවශ්‍ය වූ විට එසේ නොකර සිටීම, හෘද්ද්‍රව ඇතිවිට අහිතකරය. චරක සංහිතාවෙහි දක්වා ඇත්තේ වාතය නිසා ඇතිවන හෘද රෝග අවස්ථාවේ දී හෘද්ද්‍රව (Palpitation) ඇතිවන බවයි. හෘද්ද්‍රව ඇතිවිට ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සුවඳ කොට්ටම්, අඩංගු, ඖෂධයන්ද, අඹ, ඇඹරැල්ලා, සියඹලා, කරඹ, මසන්, දෙළුම් සහ ලප්නාරං යන පලතුරු හිතකරය.

 

 

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්ෂ්මී සේනාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.