විවාහය බිඳ දමන කායික ගැටලු

මාර්තු 10, 2023

 

විවාහක පුරුෂයින් විවාහ දිවියේ නියම සතුට ලබා දෙන්නට නොහැකි වීම නිසා විවාහ ජීවිත අතර මඟ කඩා කප්පල් කර ගන්නා ප්‍රවණතාව වැඩි වී ඇති බව නොකියා සිටීමට නොහැක.

නෂ්ටකාමය, බෙලහීනතාවය හේතුවෙන් තරුණ ජීවිත මෙසේ විනාශ මුඛයට ළංවීමෙන් තම ජීවිතය අන්ධකාරයට ගොදුරුවන බව කිව යුතුය.

 

දහසක් අපේක්ෂාවන් ඇතිව විවාහ දිවියට පත්වෙන තරුණ ජීවිත ඉතාමත් දුක්ඛිත තත්ත්වයට පත්වී සුසුම් හෙළමින් හූල්ලමින් පසුතැවිලි වෙමින් ගෙවන ජීවතවලට සහනයක් ගෙනදීමට මෙම ලිපිය පිටුවහලක් වනු ඇතැයි සිතමි.

තරුණ ජීවිත මෙසේ බෙලහීන තත්ත්වයට පත්වෙන හේතු කාරණා බොහෝය. ඒ අතර සමහර තරුණයින්ගේ ශුක්‍ර ධාතුව නිකරුණේ පහවීමෙන් ශරීරය කෘශ වේ. ඒ හේතු කොටගෙන සිහිමද ගතිය, කල්පනා ශක්තිය හීනවීම, ආහාර අරුචිය, නින්ද අඩුකම, තමන් සිතන පතන දේ නොලැබීම, කුමක් හෝ කරන රැකියාවට වැට බැඳීම, නිදහස නැතිවීම, ශරීර ශක්තිය දුබලවීම යනාදී රෝග ලක්ෂණ ඇතිවේ.

එමෙන්ම තමන් අඳිනු ලබන ඇඳුම් ද ශුක්‍ර ධාතුව විෂමවීමට හේතු කාරණා වනු ලබන්නේය. අප දේශයේ හැටියට අපට ගැළපෙන්නේ කපු ඇඳුම්ය. කෘත්‍රිම ඇඳුම් ඇඳීමෙන් අපේ ගත පීඩාවට පත්වේ. ශුක්‍ර ධාතුව කෘත්‍රිම ඇඳුම්වල ගෑවීමෙන් එය ඇඳුමට උරා නොගැනේ. එවිට ලිංගාශි‍්‍රත ප්‍රදේශයේ කැසීමක් ඇති වී වණවීමට පුළුවන. දැවිල්ලක් ඇතිවිය හැකිය. ඩෙනිම් කලිසම තරුණයන් අතර ජනපි‍්‍රය ඇඳුමකි. ඒවා ඇඳීමෙන් පැය ගණනාවක් සිටීමෙන් ගතට අපහසුවක් දැනීමට පුළුවන. නිතර නිදිමත ගතිය ආද්මානය (ඈනුම් ඇරීම) ගත ඩහදිය වැගිරීම, ක්ලාන්ත ගතිය යනු ඇතිවෙන රෝග ලක්ෂණය. නාස්ති වන දැයේ ජීවනාලිය තම තමන් රැක ගැනීමට නොහැකිව රටක් රකින්නේ කෙලෙසක ද? ශාරීරිකව මෙන්ම, මානසිකව තැවෙන මෙවන් ජීවිත රැක ගැනීමට උත්සාහ ගත යුතු ය. සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෛද්‍යවරුන්ට මොවුන් ආරක්ෂා කිරීමට පුළුවන. ඒ සඳහා ඖෂධ නිපදවීමට පුළුවන.

මේ සඳහා ආයුර්වේදීය ප්‍රතිකාර ලබන රෝගීන් වෙතට දෙනු ලබන ඖෂධ අතර, ප්‍රභාෂ්වරී තෛලය, සහන සුව රසායනය, තුරඟ වර්ධනාලේපය, වෘහත් ජීව ශක්ති චූර්ණය, ප්‍රබෝධාලේපය මෙන්ම ගතට ජීවය දෙනු ලබන කෂාය වට්ටෝරු ද දීමෙන් ගත සිත පණ ගන්වනු ලැබේ. එවිට එම ඔසු බලයෙන් ගත සිත පිනායන අතර සතුට, ශක්තිය ජවය, බලය ප්‍රාණය පිහිටවනු ලබනු ඇත. එසේම සුපුරුදු දෛනික කර්මාන්තවල නිරත වීමේ හැකියාව ලැබෙනු ඇත. සිතට නිදහස ලැබෙනු ඇත. ගිලිහී ගිය ආදරය, කරුණාව සෙනෙහස උණුසුම ලැබෙනු ඇත.

කිසි විටෙකත් ඔබ බර ඔසවන රැකියාවන්හි (නාට්ටාමි) නිරත වේ නම් ඇඟේ ශක්තිය වර්ධනය වන ආහාර පාන ගැනීමට ද පෝෂ්‍යදායී ලෙස සකස් කළ ආහාර ගැනීමද වැදගත්ය. නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරද්දී වුව ද අඹුසැමි සබඳතා දින 5ට වරක් වන ලෙස හැසිරීම යෝග්‍යවනු ඇත. එනමුත් තරුණයකු විසින් මහලු ස්ත්‍රියකු සමඟ දිගින් දිගටම සබඳතා පවත්වනු ලබයි නම් එම තරුණයා මහලු තත්ත්වයට එළඹීමට වැඩිකල් නොයනු ඇත. ස්ත්‍රී - පුරුෂ විවාහයක දී නීති පද්ධතියකට එකඟව ක්‍රියා කළ යුතුව ඇත. එනම් ස්ත්‍රී, පුරුෂ වර්ගීකරණයක් ඇති බව ඔබ දැනගත යුතු ය.

ශශක වර්ගයේ පුරුෂයන්ට පද්මිණී වර්ගයේ ස්ත්‍රීහු ගැළපෙන අතර,

මෘග පන්තියේ පුරුෂයාට චිත්‍රණී වර්ගයේ ස්ත්‍රිය ද වෘෂභ පන්තියේ පුරුෂයාට ශංඛිනී නම් ස්ත්‍රිය ද අශ්ව පන්තියේ පුරුෂයාට හස්තිනී පන්තියේ ස්ත්‍රිය ද ඔවු නොවුන්ට යෝග්‍ය වෙයි.

මෙලෙස ගැළපෙන පරිදි විවාහයට පත් වේ නම් නීරෝගි ශාන්ති සම්පන්න දරු දැරියන් බිහි වනු ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.