ඩෙංගු මාරයා ඔබ අසලම විය හැකිය

ඔක්තෝබර් 20, 2023

ඩෙංගු රෝගය පිළිබඳව විශාල අවධානයක් මේ වන විට රටේ සෑම තැනකින්ම මතුවෙන්නට පටන්ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ඩෙංගු තත්ත්වය හැම ප්‍රදේශයකින්ම වාර්තා වෙමින් පවතින බැවිනි. ඒ වගේම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ද වාර්තා වේ.

ඩෙංගු රෝගයේ භයානකකම පවතින්නේ එය හතරවතාවක් වුවද වැලඳීමේ තත්ත්වයක් පවතින බැවිනි. මේ රෝගය වෛරස් කාණ්ඩ හතරකින් සැදෙන බවත් ඒ නිසා එක් අයකුට හතර වතාවක්ම වැලඳීමේ අවදානම පවතින බවත් එය බරපතල තත්ත්වයක් බවත් පෙන්වාදී ඇත. ලංකාවේ ඩෙංගු බෝ කරන මදුරු වර්ග දෙකකි. ඒ ඊඩ්ස්, ඒ ඊජිප්ටයි හා ඊඩ්ස් ඇල්බොහික්ටස් යන මදුරුවන් ය.

රටපුරා තැනින් තැන ඩෙංගු බෙහෙවින් වර්ධනය වීමට පටන් ගෙන ඇත්තේ කඩින් කඩ ඇතිවන වැස්ස හා වරින් වර උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් ය. එය ඩෙංගු මදුරුවාගේ වර්ධනයට එය බෙහෙවින් ඉවහල් වීමයි. මේ නිසා ඩෙංගු මදුරුවන්ගේ වැඩිවීම පාලනය කිරීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි. නිරිත දිග මෝසම් වැස්සත් සමඟ පසුගිය කාලයට වඩා මෙවර ඩෙංගු මදුරු වර්ධනය බෙහෙවින්ම වැඩි වී ඇති බව වාර්තා වී තිබේ. මෙවන් කාලයකදී දරුවන්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව නිතරම අසන්න ලැබෙන කරුණකි. ඒ නිසා වඩාත්ම දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි. බොහෝ විට දරුවන් නිවෙස්වල ගත කරන විට කමිසයක් එකක් හෝ බැණියමක්, ටී ෂර්ට් එකක් නොඇඳ ගෙමිදුලේ ගත කරන බව දැක ගන්නට ලැබේ. එසේ සිටීම මදුරු දෂ්ඨනයට ලක්වීමට අවස්ථාව ලැබීමකි. විශේෂයෙන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වීම දෙමාපිය වැඩිහිටියන්ගේ වගකීමක් වෙයි.

 

රෝග තත්ත්වය

 

ඩෙංගු රෝගය ඇතිවන්නේ වෛරසයක් මඟිනුයි. එම වෛරසය ශරීරගත වූ අයකු බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. රෝග ලක්ෂණ මතු වුණත් එය පෙන්නුම් කරන්නේ සාමාන්‍ය උණක් ලෙසයි. ඩෙංගු උණ (Dengue Fever - DF)  ඩෙංගු රක්තපාත උණ (Dengue - Heemorrnagic fever DHF)  සමහර අවස්ථාවලදී ඩෙංගු සාමාන්‍ය උණ තත්ත්වය අවදානම් තත්ත්වයට පවා ලක්විය හැකිය. තද උණ සමඟ හිසරදය ඇස්යට වේදනාව වමනය, ඔක්කාරය, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතිනවා. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් බලා නොසිට වෛද්‍යවරයකුට පෙන්වා අවශ්‍ය පරීක්ෂණ කරවා ගත යුතුයි. කෙසේ වෙතත් ඇඟේ උණ පවතින වෙලාවට තමයි න එසේ උණ පවතින වෙලාවට මඳුරුවකු දෂ්ට කළොත් මදුරුවාට වෛරස් යා හැකියි.

ඩෙංගු වෛරසයට ප්‍රභේද සතරකි. වැඩිහිටියකු හෝ දරුවකු වරක් ඩෙංගු රෝගයට ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වෙන්නේ එම අදාළ ප්‍රභේදයට බැවින් ඔහුට හෝ ඇයට නැවතත් අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය ඇතිවිය හැකියි. එමෙන්ම ඩෙංගු රෝගය සෑදීමේ දී ඔහුට හෝ ඇයට ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ හැකියාව වැඩිවෙයි.

 

පරීක්ෂණ

 

වැස්සත් සමඟ හැම අතින්ම අහන්න ලැබෙන්නේ ඩෙංගු රෝගය ගැනයි. මුලින්ම කළ යුත්තේ ඩෙංගු රෝගය හඳුනා ගැනීමයි. සාමාන්‍යයෙන් උණ වැලැදී දින දෙකකට පසුව ඒ තත්ත්වයක් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කරවා ගත යුතු ය. එහිදී අඩුවෙනවා. රුධිර පට්ටිකා මට්ටමත් ඩෙංගුවලදී අඩුවෙනවා.

දෙය වන්නේ මුලින්ම එය හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීමයි. අනෙකුත් රෝග මෙන් නොව ඩෙංගු රෝගය වළක්වා ගැනීම හරිම අමාරුයි. එය කොයි මොහොතේ කොයි වෙලාවෙක සිදුවනවාදැයි කීම අපහසුයි. මදුරුවා දෂ්ට කරන්නේ දිවා කාලයේදී. රෑට ප්‍රවේසම් වුවත් දහවල් කාලයේදී ප්‍රවේසම් වීම බොහෝම අපහසුයි. මේ නිසා නිතරම මදුරුවන් බෝවෙන තැන් විනාශ කිරීම අවශ්‍ය වේ.

 

සාමූහික බව

 

මේ වන විට නිතර නිතර වැසි ඇතිවේ. එබැවින් ජලය එකතු වන ස්ථාන පිළිබඳව විමසිලිමත් විය යුතු ය. මේ මගේ නිවස. ඒ මගේ වත්ත යැයි නොසිතා අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමට උනන්දු විය යුතු ය. තරහ මරහ නොතකා සාමූහිකව එක් වී ජලය රැදෙන තැන් බලා සුද්ධ පවිත්‍ර කළ යුතුය. හැම දෙනාම ඩෙංගු මාරාන්තික රෝගයක් බව සිහිතබා ගත යුතු ය. ඩෙංගු බෝවන්නේ මදුරුවන්ගෙනි. ඊඩින් මදුරුවන් වෙනත් රෝග පවා බෝ කිරීමට සමත් වේ. ඩෙංගු මදුරුවා කලු පැහැතිය. පාදවල සහ ඇඟෙහි සුදු ලප පිහිටා ඇත. (තිත්) ඊඩිස් මදුරුවාගේ බිත්තර ජලය නොමැතිව වියළි තත්ත්වයක වුවද නොනැසී පවතී. මාස දහයක්, දොළහක් වුවත් තිබී වැසි ජලයෙන් එය ප්‍රාණවත් වේ. ඩෙංගු රක්තපාත උණ වැලදුණූ රෝගියා පරිස්සම් කරගත යුතු ය.

 

රක්තපාත උණ

 

උණෙන් පෙළෙන රෝගියා ඇඳෙන් බැස්ස හැකිය. ඒ ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතු ය. මෙවැනි තත්ත්වයෙන් සිටින රෝගියාට තද ශීතලක් ඇති විය හැකිය. ඇඟ සුදුමැලි ගතියක් පෙන්නුම් කරයි. කලබලකාරී බවෙන් යුක්ත වේ. නිතරම නිදිමත ගතියෙන් පෙළේ. හුස්ම ගැනීමේ හා නාඩි වැඩීමේ වේගය අධික වේ. මෙවන් රෝග ලක්ෂණ පවතින්නේ නම් තත්ත්වය බරපතළ වේ. රෝගියාට විවේකීව සිටීමට සැළැස්විය යුතු ය. අධික බඩේ කැක්කුම (උදරයේ දකුණු පැත්තේ) ඇති විය හැකි ය. අනෙකුත් රෝග ලක්ෂණ අක්මාවට ද බලපෑ හැකිය. මේ නිසා රෝගියා හොඳින් රැක බලා ගත යුතු ය.

ඩෙංගු උණ රෝගය පතුරුවන ඊඩිස් ඊජිප්ටයි සහ ර්ඩිස් ඇල්බොපික්ටස් මදුරුවාට රෝගය පතුරුවමින් සැතපුම් දෙකක් පමණ යා හැකිය. එක් අයකුට දෂ්ටකොට නැවත තවත් අයෙකුට රෝගය බෝ කළ හැක්කේ දින අටක් හෝ දහයක් ගිය පසුවය. ඩෙංගු රක්තපාත වෛරසය නිසා හටගත් ඩෙංගු උණ රෝගියා දුර්වල කිරීම සුදුසු නැත. නිතර නිතර දියර වර්ග පානය කිරීමට දිය යුතු ය. වෛද්‍ය උපදෙස් අනුව කෑමට සුදුසු කෑම වර්ග පමණක් දිය යයුතු ය. කෙසේ නමුත් වැසි කාලයේ දී තම දූ දරුවන් කෙරෙහි මෙන්ම වැඩිහිටියන් කෙරෙහිද දැඩි විමසිල්ලෙන් සිටිය යුතු ය. හදිසියේ දී වත් තද උණක් හිසරදයක්, වමනයක්, ඇඟ පත වේදනාවක් ඇති වුවහොත් බලා නොසිටි වහාම වෛද්‍යවරයකු වෙතගොස් රෝගියා පෙන්වා ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.