පැනයට විසඳුම්

දෙසැම්බර් 1, 2023

 

බණ්ඩාරගම නිලූකා පතිරණ මිය

ප්‍රශ්නය

මගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙසේද? ඔහු උසස් පෙළට තෝරා ගත යුත්තේ කවර  විෂයයන් ද, මේ දිනවල ඔහුට අපල ගතියකුත් තියෙනවා නේද?

 

පිළිතුර

ඔබගේ දරුවාගේ කේන්ද්‍රය විමසීමෙන් පෙනී යන්නේ එය ඉතා වාසනාවන්ත කේන්ද්‍රයක් බවයි. මන්ද නම වැන්නේ රවි බුධ කුජ චන්ද්‍ර යෝගය පිහිටා තිබෙනවා. එසේම දොළොස් වැන්නේ නීච භංග රාජ යෝගයක් සහිතව ගුරු හා ශනි සිටිනවා. අෂ්ටක වර්ග අනුවත් ගුරු සහ බුධ  ඉතා හොඳ මට්ටමක තිබෙනවා . තවත් හොඳ යෝග තිබෙනවා. මේ අනුව ඔහුට වෛද්‍ය වෘත්තිය ඉතා හොඳට ගැළපෙනවා. මොකද ඒ හා සම්බන්ධ යෝග කිහිපයක් ඔහුට යෙදී තිබෙනවා. එම නිසා විද්‍යා විෂයයන්ට මුල් තැන දෙන්න. නමුත්  දරුවාගේ අධ්‍යාපනයට විෂයන් තේරීමේදී ඔහුගේ රුචිකත්වයන්ට ද මුල් තැනක් දෙන්න. එසේම තමන් යා යුතු විෂය පිළිබඳව මඟ පෙන්වන දියුණු මනෝවිද්‍යාත්මක පරීක්ෂණ තිබෙනවා. ඒවා ඉතා සරලව කළ හැකියි. බහුවිධ බුද්ධි න්‍යායට අනුව ඔහු යා යුතු ක්ෂේත්‍රය එයින් ද තෝරාගත හැකියි.

මේ දරුවා මේ වන විට රාහු අතුරු දශාව පසු කරමින් සිටිනවා මේ නිසා දැඩි මතධාරී , හිතුවක්කාරී තීන්දු ගැනීම දකින්න පුළුවන්. මනසේ  ඒකාග්‍රතාවය ද බිඳ දමනවා. නමුත් මොහුගේ උත්පත්ති කේන්ද්‍රයේ තුළ රාහු උච්චයි. මෙම අයහපත් තත්ත්වයන්ගෙන් මිදීමට ඔහුට විශ්වය විසින්ම  මාර්ගය සපයනවා. ගුරුගේ දෘෂ්ටිය ද රාහු  වෙත යොමුව තිබෙනවා.

මේ දරුවා සෑමදාම සවස බුද්ධ වන්දනාව කළ යුතුයි. එය අවසානයේ හැකි වෙලාවක් මෛත්‍රී භාවනාව ද කළ යුතුයි. ඉන් ඔහුට විශාල සහනයක් ලැබෙයි. එසේම උදේ සවස සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත ඔහු  සජ්ජායනා කළ යුතුයි.  එම කුසල් දුර්ගා මෑණියන්ට, ශිව දෙවියන්ට, සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේට අනුමෝදන් කරන්න.

**********************

 

කඩුවෙල  ජයන්ත ජයකොඩි

ප්‍රශ්නය

මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් පසුගිය මාසයේ මා ඉතා බිහිසුණු රිය අනතුරකට මුහුණ දුන්නා ජීවිතය බේරුණේ අනූනවයෙන් මම ජ්‍යෝතිෂය විශ්වාස නොකරන කෙනෙක් නමුත් මීට පෙර මට අපල ඇති බව බිරිද කිව්වා මං ගණන් ගත්තේ නෑ. මම දැන් ජෝතිෂ්‍ය ගැන උනන්දු වනවා. මට ඉදිරියටත් මෙවැනි අනතුරු සිදුවේ ද?, මා කළ යුත්තේ කුමක්ද?

 

පිළිතුර

ඔබ මේ දිනවල ශනි අෂ්ටම ඒරාෂ්ටක පසු කරමින් සිටිනවා එසේම සනි අතුරු දසාව ද ගෙවෙමින් පවතිනවා. උත්පත්ති කේන්දරයේ ශනි උච්චව සස යෝගය ඇති හෙයින් ඔබ මාරක අනතුරුවලින් පවා බේරෙනව. ඔබේ ජීවිතයට තර්ජනයක් නැහැ. මෙය දීර්ඝ ආයුෂ ඇති කේන්ද්‍රයක්. නමුත් වම් කකුලට යම් යම් හානි සිදු විය හැකියි. ශනිගේ ඒරාෂ්ටක කාලය  තුළ ඔබට ඔබගේ ධර්මතාවයන් පිළිබඳව උගන්වනවා. එනම් ඔබව එක තැන තබා ජීවිතය ගැන ඔබට උගන්නනවා. නමුත් කරදර සිත් තැවුල්වලින් නම් ඔබට කිසිසේත්  අඩුවක් නම් වන්නේ නෑ. දින හතක් ඔබ බෝධි පූජා සිදු කරන්න. ශනි දින ඉතා සුදුසුයි. නුග ගසට සත්කාර කිරීම තුළින් විශ්වයේ ඇති යම් යම් සුභ ශක්තීන් ඔබ වෙත ළඟා වෙනවා. යාචකයින්ට දන්දීම, කපුටන්ට එළගි තෙල් මිශ්‍ර කිරිබත් දීම වැනි දේ සිදු කළ ඔබ අනිවාර්යයෙන්ම විෂ්ණු දෙවිඳුන්ට  පින් දීම සිදු කරන්න.

 

 

2.ලෞහාසවය දවල් හා රාත්‍රී කෑමට පසුව මේස හැඳි 2 බැගින් බොන්න.

3. ච්‍යවන ප්‍රාශව ලේහය උදේ 10ට රාත්‍රි 9ට තේ හැඳි 2 බැගින් කා එළකිරි බොන්න.

7. නිවිති, කතුරුමුරුංගා කොළ, ගොටුකොළ නිතර ආහාරයට එකතු කර ගන්න.

8. දිනපතාම තලගුලි දෙක තුනක් කන්න.

9.තේ කෝපි වෙනුවට ඉරමුසු, බෙලිමල්, පාවට්ටා කොළ වැනි දෙයක් තම්බා කිතුල් හකුරු සමඟ බොන්න. ප්‍රතිඵල ලැබේවි.

 

02. අවුරුදු 29ක අවිවාහක අයෙක්මි. ඉක්මන් ධාතු මෝචනයට (ක්ෂණික මෝචනයට) ප්‍රතිකාරයක් දක්වන මෙන් ඉල්ලමි.

පහත සඳහන් ප්‍රතිකාර දින 30ක් කරන්න.

1.හාතාවාරිය අල, කිරිබදු අල, රසකිඳ, වැල්මී, රටමිදි, වදුරු මෑ ඇට කලං 2 බැගින් ගෙන වතුර පත 16 - 2ට සිඳ පත 1/2 බැගින් උදේ 6, දවල් 10, සවස 2, සවස 6 යන වෙලාවල්වලට මී පැණි තේ හැන්දක්ද දමා බොන්න. දින 7ක්.

2.නුගමුල්, විෂ්ණුක්‍රාන්ති, කොත්තමල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත 8 -1ට සිඳ පත 1/2 බැගින ්උදේ 7ට සවස 5ට බොන්න. දින 7ක්.

3.සුදුහඳුන්, සැවැන්නමුල්, කුඹුකුපොතු, මාදම් පොතු, රණවරා ඇට, පෙතිතෝර මුල්, බැබිල මුල්, ඉඟිනි ඇට, කලං 1 1/2 බැගින් ගෙන වතුර පත 16 -2ට සිඳ පත 1/2 බැගින් උද් 6,10 සවස 2,6 ට මී පැණි දමා දින 7ක් බොන්න.

4. පළමු කෂායෙන් පසුව උදේ 9ට රාත්‍රි 9ට ප්‍රමේහ ගජකේෂරී රසායනය තේ හැඳි 2 බැගින් කා එළකිරි බොන්න.

5.දවල්ට රෑට කෑමට පසුව අශ්වගන්ධාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

**************************

 

වෛද්‍යතුමනි, මගේ දියණියට වයස 16කි

ප්‍රශ්නය

තවම වැඩිවියට පත්ව නැත. රොග්ී තත්ත්වයක්ද? ප්‍රතිකාර පතා ලියමි.

පිළිතුර

පාරම්පරික හේතු මතද, පෝෂණ තත්වය දුර්වල නිසාද වැඩිවියට පත්වීම ප්‍රමාදවීමට හැකිය. තවත් හේතු ඇත. පහත ප්‍රතිකාර පන්තිය කරන්න.

1.පුනර්ණවා මණ්ඩුරය උදේ 7ට සවස 5ට ගුලි 2 බැගින් මී පැණියෙන් දියකර බී එළකිරි කෝප්පයක් බොන්න.

 

6.උදේ, දවල්, රෑ කෑමට පෙර චන්ද්‍ර ප්‍රභාවටී 2 බැගින් පොල්පලා තැම්බූ වතුරින් බොන්න.

7. ආකාරකරභාදී වටී 1ක් රාත්‍රි නින්දට පෙර මී පැණි සමඟ ගන්න.

නිතර පලතුරු කන්න. ඔබට යහපත් ප්‍රතිඵල ස්ථීරවම ලැබේවි

***********************************

 

 

ප්‍රශ්නය

වයස 64කි. රාත්‍රියට කීප වතාවක්ම මූත්‍රා කිරීමට සිදුවේ. මීට ප්‍රතිකාරයක් දක්වන්න.

පිළිතුර

1.මූත්‍රා සංග්‍රහණ ක්වාථය පැය 4න් 4ට මේස හැඳි 2 බැගින් බොන්න.

2. උදේ 9ට රාති‍්‍ර 9ට චන්ද්‍ර ප්‍රභාවටි ගුලි 2 බැගින් පොල්පලා තැම්බූ වතුරින් බොන්න.

3.කපුකොළ කොටා වණ්ඩුවෙන් තම්බා මිරිකා තලතෙල් මේස හැන්දක්දමා දින 7ක් බොන්න. (උදේ, සවස)

4.සපු පොතු තම්බා එම වතුර මී පැණි තේ හැඳි 1ක් දමා නින්දට පෙර බොන්න.

සියල්ලට පෙර සීනි පිළිබඳ (ලේවල සීනි) පරීක්ෂණයක් කර ගන්න.

***********************************

 

අවුරුදු 40. මාලඹේ – සුමින්ද පෙරේරා

ප්‍රශ්නය

, නිතරම දහදිය දැමීම කරදරයක්. අතුල් පතුල් නිතරම තෙතයි.

 

පිළිතුර

ඔබට ගිනියම් ශරීරයක් ඇති බවයි පෙනෙන්නේ.

1.උදේ සවස රසකිඳ , සුදුහඳුන්, හාතාවාරිය කලං 4 බැගින් ගෙන වතුර පත 16 -2ට සිඳ පත 1 බැගින් සීනි දමා බොන්න. දින 14ක්.

2.මානිභද්‍ර මෝදකය උදේ 8ට රාත්‍රි 8ට තේ හැඳි 2 බැගින් නිවුණ උණුවතුර වීදුරුවකට දියකර බොන්න.

කොළ කැඳ බොන්න. නිතර කොළ වර්ග කන්න. ගිනියම් ආහරපානවලින් වළකින්න. සව්කැඳ, එළකිරි, ජලය, හොඳයි. ඔබට

 

ප්‍රශ්නය

අවුරුදු 29ක අවිවාහක අයෙක්මි. ඉක්මන් ධාතු මෝචනයට (ක්ෂණික මෝචනයට) ප්‍රතිකාරයක් දක්වන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

පහත සඳහන් ප්‍රතිකාර දින 30ක් කරන්න.

1.හාතාවාරිය අල, කිරිබදු අල, රසකිඳ, වැල්මී, රටමිදි, වදුරු මෑ ඇට කලං 2 බැගින් ගෙන වතුර පත 16 - 2ට සිඳ පත 1/2 බැගින් උදේ 6, දවල් 10, සවස 2, සවස 6 යන වෙලාවල්වලට මී පැණි තේ හැන්දක්ද දමා බොන්න. දින 7ක්.

2.නුගමුල්, විෂ්ණුක්‍රාන්ති, කොත්තමල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත 8 -1ට සිඳ පත 1/2 බැගින් උදේ 7ට සවස 5ට බොන්න. දින 7ක්.

3.සුදුහඳුන්, සැවැන්නමුල්, කුඹුකුපොතු, මාදම් පොතු, රණවරා ඇට, පෙතිතෝර මුල්, බැබිල මුල්, ඉඟිනි ඇට, කලං 1 1/2 බැගින් ගෙන වතුර පත 16 -2ට සිඳ පත 1/2 බැගින් උද් 6,10 සවස 2,6 ට මී පැණි දමා දින 7ක් බොන්න.

4. පළමු කෂායෙන් පසුව උදේ 9ට රාත්‍රි 9ට ප්‍රමේහ ගජකේෂරී රසායනය තේ හැඳි 2 බැගින් කා එළකිරි බොන්න.

5.දවල්ට රෑට කෑමට පසුව අශ්වගන්ධාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

6.උදේ, දවල්, රෑ කෑමට පෙර චන්ද්‍ර ප්‍රභාවටී 2 බැගින් පොල්පලා තැම්බූ වතුරින් බොන්න.

7. ආකාරකරභාදී වටී 1ක් රාත්‍රි නින්දට පෙර මී පැණි සමඟ ගන්න.

නිතර පලතුරු කන්න. ඔබට යහපත් ප්‍රතිඵල ස්ථීරවම ලැබේවි

 

 

ආයුර්වේද වෛද්‍ය (ආයුර්වේද කීර්ති, පණ්ඩිත)

ඊ.එම්. නිමල් විමලරත්න ඒකනායක

මාලඹේ – දීඝායු ඖෂධාලය 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.