සාක්කුවට බරක් නැතිව ලෙඩ රෝග සොයා දෙන පරිගණක වෙද මහතා ‘ජෛව අනුනාද යන්ත්‍රය’

ජනවාරි 5, 2024

 

අද අපේ රටේත් ලෙඩ රෝග ඉස්සරටත් වඩා වැඩිවෙලා. අලුත් අලුත් රෝගාබාධ පැතිරෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහට. රට පුරා බෙහෙත් හිඟයකුත් මේ අතරෙ තියෙන බව කියනවා. මෙවන් තත්ත්වයක් එක්ක මිල මුදල් හිඟකම ඉක්මවපු අසරණකමක් හැමෝටම ඇති වෙමින් තිබෙන බව ඇඟටම දැනෙන ඇත්තක්.

ඒ අතර වාරයේ ලෙඩ රෝග හොයා ගන්නට කරන විවිධාකාර පරීක්ෂණවලට යන වියදමත් දරා ගන්නට බැරි තරමට වැඩිවෙලා. මෙහෙම තත්ත්වයක් ඇති වුණාම හුඟක් අයට ලෙඩට බෙහෙත් ගන්න තියා ඒවාට තියෙන පරීක්ෂණවලට යන වියදම ඇහෙනකොට මැරුණත් කමක් නෑ කියල හිතෙනවා.

මේ වගේ බරපතළ තත්ත්වයක් එක්ක අපේ රටට හඳුන්වා දෙන “ජෛව අනුනාද යන්ත්‍රය” නැතිනම් ශබ්ද තරංග යොදාගෙන රෝග හඳුනාගන්නා උපකරණය ලෙඩ රෝගවලින් පීඩා විඳින වගේම රෝගාබාධවලට අත වනමින් ඉන්නා හැමෝටම හිතා ගන්නට බැරි සහනයක් ගෙන එන දෙයක් බව පහදා දීමටයි අප මේ වෑයම් කරන්නේ. සිරුරට අහිතකර නොවන ශබ්ද තරංගයක් කන් දෙක හරහා ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් අවයවයයන් විතරක් නොවෙයි පුංචිම පුංචි සෛලයක් දක්වාම යැවීමෙන් සිරුරේ ඇති කරන කම්පනවල හැටි හොඳින් තේරුම් ගනිමින් තමයි මේ ලෙඩ රෝග හඳුනා ගැනීම සිදුවන්නේ. ලෙඩ රෝග හඳුනා ගත්තාට පසුව අපට තවත් විදිහකට ප්‍රතිකාරයක් විදිහට ලබාදෙන ශබ්ද තරංගයක් පාවිච්චි කර තමයි ඒ හඳුනා ගත් ලෙඩ රෝග සුව කිරීමට ඉඩකඩ සලසා ගන්නේ. වැදගත්ම දේ තමයි මේ පරීක්ෂණවලට වගේම ප්‍රතිකාරවලටත් ලොකු මුදලක් වියදම් නොවීම.

මේ උපකරණය වැඩ කරන සරලම ක්‍රමය ගැන පාසලේ විද්‍යා පාඩමේ, භෞතික විද්‍යාව පාඩමේ “ධ්වනිය” “අනුනාදය” වගේ වචනවලින් තේරුම් කර දෙනවා. ඒ වගේම ජීව විද්‍යාව ඉගෙන ගන්නකොට යොදා ගන්න “ඉන්ද්‍රිය” “අවයව“ “ජීව රසායන” වගේම “පද්ධති” “සෛල” “වර්ණදේහ” වගේ දේවලුත් මේ උපකරණය පාවිච්චි කරනකොට අපට මතක් වනවා.

මේ උපකරණයෙන් ලෙඩ බලනකොට අපට අපේ ඇඟේ අවයව වෙන වෙනමත්, මුළු ශරීරයමත් පරීක්ෂා කරන්නට පුළුවනි. විශේෂ බරපතළ ආබාධයක් මොකක් හරි අවයවයක තියෙන බව යන්ත්‍රය හඳුනා ගත්තොත් ඒ වෙලාවේම එතැන තවදුරටත් ගැඹුරට ගැඹුරට පරීක්ෂා කිරීම උපකරණය පටන් ගන්නවා. සමහර බරපතළ වෙලාවලදී මේ පරීක්ෂාව ජාන දක්වා වුණත් යන්නට පුළුවනි.

සාමාන්‍යයෙන් ලෙඩක් බලන කොට වෛද්‍යවරයා ඒ ගැන ලෙඩාට පැහැදිලි කර දෙන්නේ කලාතුරකින්. ඒකට හේතුව දොස්තරගේ අමුතු උඩඟුකමක් නොවෙයි. ලෙඩේ ගැන තියෙන අකුරු ඉලක්කම් තේරුම් කරන්නට නම් ලෙඩාත් ලොකු දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක් වන්නට ඕනි. ඒත් මේ ලෙඩ පරීක්ෂාව උපකරණය එක එක විදිහට පෙන්නුම් කරනවා. කාටත් තේරෙන විදිහට අවයවයේ තැනින් තැන යොදන වෙනස් සංකේතවලින් ලෙඩේ බරපතළකම පෙන්නුවහම ලෙඩාට වුණත් තමන්ගේ ආබාධ තියෙන තැන් ගැනත් ඒවායේ තත්ත්වය ගැනත් සෑහෙන අවබෝධයක් ලබා ගන්නට පුළුවනි. ඊට වඩා යමක් කමක් දන්න කෙනෙකුට ප්‍රස්තාරවලින් වගේම ශරීරයේ තියෙන රසායනික දේවල ප්‍රමාණ පරීක්ෂා කරමින් වඩාත් ගැඹුරට දෙයක් තේරුම් ගන්නට පුළුවනි. ඇලොපති, හෝමියෝපති ආයුර්වේද හරි වෙනස් ක්‍රමයකින් හරි ලෙඩ බලා අත්දැකීම් තියෙන කෙනෙකුට මීටත් වඩා ලොකු අවබෝධයක් මේ උපකරණයෙන් ලබා ගන්නට පුළුවනි.

මේ ලෙඩ බලන ක්‍රමයට මුල් වෙච්චි විද්‍යා දැනුම හුඟ කාලයක් තිස්සේ තිබුණත් මේ උපකරණය හුඟක් අලුත් එකක් නිසා කාටහරි මේකෙ නිවැරැදිකම ගැන සැකයක් තිබෙනවා නම් කරන්නට තියෙන්නේ පොදුවේ මේකෙන් පරීක්ෂාවක් කරගෙන බරපතල ලෙඩ තත්ත්වයක් පෙන්නපු තැන් ටික තමන් විශ්වාස කරන හුරු පුරුදු ක්‍රමයෙනුත් පරීක්ෂා කරන එකයි. එතකොට මුළු ඇඟම වියදම් වැඩි ක්‍රමයකට පරීක්ෂා කරන්න සිදු වන්නේ නෑ. ඒ වගේම මේ ක්‍රමය කොච්චර නිවැරැදිද කියල එක වතාවක් තමන්ට හුරු පුරුදු ක්‍රමයක් එක්ක සංසන්දනය කෙරෙන මේ විදිහට බලපුවහම හොඳටම තේරුම් ගන්නට පුළුවන් වනවා.

මේ ලෙඩේට උපකරණයෙන්ම ශබ්ද තරංගයක් යවල ප්‍රතිකර්මයක් ඒ වෙලාවේම ලබා දෙන්නටත් පුළුවනි. ඒ වගේම දැනට ලෝකයේ වැඩිපුරම පාවිච්චි වන වෛද්‍ය ක්‍රමවල තියෙන ප්‍රතිකාර වගේම ආහාරපානවලින් ලබාගන්නට පුළුවන් විසඳුම් ගැනත් මේ ක්‍රමයෙන් උනන්දු කරවන එකත් අපට හොඳට ගැළපෙන ක්‍රමයක් බව තේරුම් ගන්නට පුළුවනි.

මේ උපකරණයෙන් දෝෂ පරීක්ෂා කිරීමේ දී ලැබෙන වටිනාම ප්‍රයෝජනය වන්නේ දැන් වැලඳී තිබෙන රෝග වගේම ඉදිරියේ දී හැදෙන්නට ඉඩකඩ තිබෙන රෝග ගැනත් කල්තියාම දැන ගැනීමට අවස්ථාවක් මෙයින් ලැබීමයි. එහෙම මුල් මට්ටමේ තිබෙන රෝගාබාධ හැදෙන්නට නොදී වළක්වා ගැනීමටත් මේ මෙවලමේ තියෙන පිළියම් පාවිච්චි කරන්නත් පුළුවනි.

ඒ වගේම අපේ රටේ වෙදකමේ වටිනාකම හොඳින්ම වටහාගන්නට මේ උපකරණ හොඳටම පාවිච්චි කරන්නට පුළුවනි. මේ උපකරණයන් මොකක් හරි දවසක රෝග පරීක්ෂාවක් කරල ඕනෑම ප්‍රතිකාරයක් කරගෙන ගිහින් නැවත වතාවක් ඒ රෝගයේ අලුත් තත්ත්වය පරණ වාර්තාවක් එක්ක සංසන්දනය කරමින් බලන්නටත් මේ උපකරණයෙන් අවස්ථාව සලසා තිබෙනවා. ඒ නිසා ලොකු වියහියදම් නොකර ලෙඩකට පිළියමක් කරන කොට ඒකෙන් ප්‍රතිඵලයක් එනවද කියල මුල ඉඳන්ම දැනගෙන පිළියම තවදුරටත් කරගෙන යනවාද කියල පැහැදිලිව තීරණය කර ගන්නට අපට මෙයින් පුළුවනි.

 

දිනුක පියත්

[email protected]

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.