හිතට වද දෙන බෝ නොවන රෝග

පෙබරවාරි 2, 2024

 

බාල තරුණ වැඩිහිටි කොයිකවුරුත් බෝ නොවන රෝග වැලඳීමෙන් මහත් පීඩාවට පත්ව සිටිති.

ඒ අනුව ඇදුම, පීනස, දියවැඩියාව, ගැස්ට්‍රයිටීස් අම්ලපිත්ත රෝගය, කොලෙස්ටරෝල්, රුධිරගත මේදය, අධිරුධිර පීඩනය, ප්‍රෙෂර් එක, පිළිකා, හන්දිපත් වේදනාව, ආතරයිටිස්, අර්ශස් ඇතුළු ශරීරයේ උෂ්ණාධික රෝග ගණනාවකින් ඔවුන් රෝගීන් බවට පත්ව ඇත. අතීතයට වඩා වර්තමානයේ බෝ නොවන රෝගවලට ජන සමාජය බෙහෙවින් ගොදුරු වීමට හේතු වී ඇත්තේ එදිනෙදා ගන්නා ලද අක්‍රමවත් ආහාර රටාව ව්‍යායාමයට නොයෑම, අවශ්‍ය පමණ ජලය පානය නොකිරීම, ක්ෂණික කෘතිම ආහාර රටාවට යොමුවීම, නොයෙකුත් ආලේපන වර්ගවලට හුරුවීම, අධික ලෙස මත්පැන් හා දුම්පානයට ලොල් වීම, මානසික ආතතිය, බටහිර ඖෂධ දිගුකලක් පාවිච්චි කිරීම ආදී කරුණු ගණනාවක ප්‍රතිපලයක් වශයෙනි.

එය කෙසේ වෙතත් කුමන රෝගයක් වුවත් නිසි උපදෙස් පිළිපදින්නේ නම් දේශීය වෙදකමින් එය සුවපත් කිරීම අපහසු නොවේ. බෝ නොවන රෝග අතරින් ඇදුම, පීනස, ගැස්ට්‍රයිටීස්, හන්දිපත් වේදනාව සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකියි. කෙටි කාලයකින් කිසිදු අතුරු ආබාධයකින් තොරව දේශීය ඖෂධවලින් පමණක් ප්‍රතිකාර ලබාදෙමින් පමාවකින් තොරව ඒවා සුවපත් කරන්න දේශීය ඖෂධ පමණක් ලබා දෙමිනුයි.

 

ගැස්ට්‍රයිටීස්

අපේ රටේ ජනගහනයෙන් හතරෙන් තුනකටම තිබෙන ගැස්ට්‍රයිටීස් හටගැනීමට මූලික වන්නේ පෝෂණයෙන් යුතු නිවැරැදි ආකාරයට ආහාර නොගැනීමයි. විශේෂයෙන් ආහාර ගැනීම, නියමිත වේලාවකට නියමිත ලෙස සිදුවිය යුතුයි. උදේ අටට පෙරත් දහවල් එකට කළිනුත් රාත්‍රී හතට පෙරත් සාමාන්‍යයෙන් ආහාරගත යුතුයි. ඒ වේලාවට ආහාර ගැනීමට පුරුදු වුණොත් එය නොකඩවාම කළ හැකියි. අවේලාවට ආහාර ගැනීමත් ක්ෂණික ආහාර ගැනීමත් නොකළ යුතුයි. අධික ලවණ සහිත ආහාර ගැනීම, තුනපහ අධිකව යෙදූ ආහාර ගැනීම නොකළ යුතුය. උෂ්ණාධික ආහාර ගැනීම, ගැස්ට්‍රයිටීස්වලට තවත් හේතුවකි. බඩේ දැවිල්ලට හේතු වන්නේ නරක් වූ පිළුණු වූ ආහාර ගැනීම, අන්නාසි ආදී වූ ඇඹුල් අධික ආහාර ගැනීම, මිරිස් අධිකව යොදා ගිනියම් වූ ආහාර ගැනීම, පාන්පිටිවලින් නිෂ්පාදනය කළ කෑම ජාති නිතර නිතර ගැනීම ද වේ.

දියවැඩියාව

රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වූ විට පාලනය කර ගැනීමට නොහැකි වූ විට කුඩා රුධිර නාළ සහ ස්නායු තන්තුවලට හානි සිදුවේ. එමෙන්ම දියවැඩියාවෙන් කලක් සිටීමෙන් ප්‍රතිශක්තියද දුර්වල වේ. දියවැඩියා රෝගය නිසා සිදුවන තුවාළ සුවවීම පවා ප්‍රමාද වන අතර ශරීරාංග කොටස් පවා ඉවත් කිරීමට සිදුවේ. දියවැඩියාව පාලනය කර ගැනීමට වහා කටයුතු කළ යුතු වන්නේ ඒ නිසාය. දියවැඩියා රෝගියා කෑමෙන් බීමෙන් දැඩිලෙස ප්‍රවේසම් විය යුතු අතර දුම්වැටි හා මද්‍යසාර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. දියවැඩියා රෝගියකු ගත යුතු ආහාර පිළිබධ වඩාත් සැලකිලිමත් විය යුතු ය. රතු කැකුළු සහල් බත්, උඳු පිටි, කුරක්කන්, මුං ඇට, සෝයා, කඩල ආදී ආහාර ද කෙඳි සහිත එළවළු වර්ග ද බාගෙට ඉදුණු පලතුරු ද ඉතාම ගුණදායකය. රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට ඇස්වල පෙනීමද අඩුවිය හැකිය. පෙනීම බොඳවීම, දුර නොපෙනීමද ඇතිවේ. දියවැඩියාව රෝග කීපයකටම හේතුවන බැවින් රෝග සුවය සඳහා කඩිනම්ව ප්‍රතිකාරවලට යොමුවිය යුතු ය.

හන්දිපත් රුදාව

හන්දිපත් රුදාව හන්දි ඉඳිමීම නිසා පීඩාවට පත් වන්නේ උදෑසන කාලයේදීය. දණහිස් ඉඳිමුම ඇති වී වරින්වර තද වේදනාවෙන් පීඩාවට පත්වේ. හන්දි ඉදිමීම නිසා ඇතිවන තත්ත්වයන් අනුව ඉරියව් පවා වෙනස්වීමට ඉඩ ඇත. කොන්දෙ අමාරුව නිසා බෙහෙවින් වේදනාවට පත්වන්නේ කාන්තාවන්ය. මෙය එකතැන වාඩි වී කරන රැකියා නිසා ඇතිවන්නකි. හන්දි ඉදිමීම කොටස් දෙකක් මුල්කරගෙන සිදුවේ. සාමාන්‍යයෙන් හන්දි ඉදිමීම සහ රක්තවාත තත්ත්වය මුල්කරගෙන හන්දි ඉදිමීම ලෙසය. යම් හෙයකින් අස්ථියක් බිඳීගියහොත් වැටීමකින් තැලීමකින්, ඒ අස්ථියට ආසන්න අස්ථියට ද හානි සිදුවේ.

ඇදුම

පෙණහලු ආශි‍්‍රතව හට ගැනෙන ඇදුම රෝගය මහත් වේදනාකාරී දුක්ඛිත රෝගයකි. උපතේ සිට මරණය දක්වා වූ ඕනෑම වයස් කාණ්ඩයකදී වැලඳිය හැකිය. ඇදුම රෝගය රැකියාව ආශි‍්‍රතවද වැලඳිය හැකි රෝගයකි. දුම්, දූවිල් සහිත පරිසරයේ රැකියාවේ නියුතු අයට වී මෝල්, ගල් මෝල්, ගල් කණු, සිමෙන්ති ආශි‍්‍රත ගොඩනැඟිලි ද්‍රව්‍ය ආශි‍්‍රත රැකියාවේ නියුතු අයට මාර්ග නඩත්තු, මාර්ග සංවර්ධන, ඇඟලුම් කර්මාන්ත, වායු සමීකරණ ස්ථානවල මෙන්ම ගරාජ්වල සේවය කරන අයට රසායනික ද්‍රව්‍ය, කෘෂි ද්‍රව්‍ය ගබඩා ස්ථානවල හා එවැනි රැකියාවල නියුතු අයටද ඇදුම රෝගය වැලඳීමේ හැකියාව පවතී.

දරුවන්ට වාහනවලින් නිකුත් කෙරෙන දුම් මෙන්ම දූවිලි රටහුණු, මකුණුදැල්, පෙට්ට්‍රල්දුම විෂ සහිතය. එමෙන්ම සුරතලයට ඇති කරනු ලබන බල්ලන්, පූසන්ගේ මෙන්ම කුරුල්ලන්ගේ පිහාටු, දූවිලි, සතුන්ගේ ලොම් මෙන්ම මල්පරාග සිඹීම ද ඉතාම අහිතකරය. දරුවකුට සෙම්ප්‍රතිශ්‍යාවක්, කැස්සක්, කිවිසුම් යෑමක්, මළපහ කිරීමේ අපහසුතාවයක්, හිසරදයක්, බඩරිදුමක් හෝ වෙනයම් අසනීප තත්ත්වයක් ඇතිවුව හොත් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබාදිය යුතු ය. දරුවාගේ පෙර ක්‍රියාකාරකම් ගැන වෛද්‍යවරයා දැනුම්වත් කිරීමෙන් රෝග සුවයට පහසු වේ.

පීනස

පීනස් රෝගයේ ලක්ෂණ පිළිබඳ දැනුම්වත්ව සිටීමෙන් ප්‍රතිකාර ගැනීමට පහසුවේ. පීනස වැලඳුණු විට ගඳ සුවඳ දැනීමක් ඇති නොවේ. ආහාරවල රස නොදැනෙන්නේ නළල ප්‍රදේශයේ කැක්කුම, ඇස්යට කැක්කුම, උදේ කාලයට හිසේ බරගතිය, ඇස් මෙන්ම කන් කැසීම, උදේට හා රාත්‍රී කාලයට උගුර කැසීම, අගුරේ වේදනාව ද ඇතිවේ. සෙම පැසවීමෙන් විදුරුමස්වලින් ලේ ගැලීම, දත් සෙලවීම, දත්මුල් දියවීම හා මුඛයේ දුර්ගන්ධය ද පවතී. පීනස් රෝගීනට කිවිසුම්යාම ආරම්භවීමත් සමඟ නාසයෙන් ජලය මෙන් හෝ ඝනකමට කහ පැහැයෙන් යුතු සොටුදියර ගැලීම සිදුවේ.

අධිරුධිර පීඩනය

අද අප රටේ අති විශාල පිරිසක් අධි රුධිර පීඩනයට ගොදුරු වී සිටියි. මෙයට හේතු රැසක්ම බලපා ඇත. මානසික අසහනය, අධික මත්පැන් පානය, අධික කේන්තිය, තරබාරුකම, දියවැඩියාව ආදී සමහරෙකි. අධිරුධිර පීඩනය පවතින සමහර අයට ක්ලාන්තය, කැරකැවිල්ල, අධික මහන්සිය, පපුවේ වේදනාව හිසරදය, නිදිමත ඇතිවේ.

බොහෝ දෙනෙකුට හෘද රෝග අවදානමක්ද පවතී. මේ නිසා කෑමෙන් බීමෙන් ප්‍රවේශම්වීම වඩාත්ම සුදුසුය. නිවුඩුහාලේ බත්, කුරක්කන් පිටිවලින් හෝ කුරක්කන්පිටි මිශ්‍ර පිට්ටු, රොටී, ඉඳිආප්ප, එළවළු හා පළාකොළ මිශ්‍ර මැල්ලුම් අලුත් පලතුරු, මුං ඇට, සෝයා, කවුපි, කඩල, පරිප්පු වැනි වියළි ඇට වර්ග බිත්තර සුදුමදය, මේදය රහිත කිරිපිටි, අලුත් මාළු ඉතාම ගුණදායක ආහාර වේ. ජම්බු, පේර, නෙල්ලි, දෙළුම්, ඇබරැල්ලා, රටඉඳි, දොඩම්, කොමඩු ද වඩාත්ම ගුණවේ.

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.