සමට හානි කරන දැඩි උණුසුම

පෙබරවාරි 9, 2024

 

දැඩි හිරු රශ්මිය නිසා සිරුරට මහත් වේදනාවක් ගෙන දෙන අවස්ථාවේදී රෝස වතුරෙන් සිරුර තෙත් කිරීමෙන් වේදනාව සමනය වේ. තම ගෙවත්තේ රෝසමල් ඇත්නම් නැතහොත් රෝසමල් සොයාගත හැකි නම් රෝසමල් පෙති තම්බා එම වතුර පෙරා ගැනීමෙන් හෝ පෙති ඇල්දියට දමා තිබීමෙන් එය සාදා ගත හැකිය.

අන්තර් මෝසම් කාලගුණික තත්ත්වයක් පවතින විට දහවල් කාලයේදී දැඩි උෂ්ණත්වයක් පවතී. සුළං හැමීම අඩු වීමත් පහළ වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වීමත් නිසා සිරුරට මෙසේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇති බව කාලගුණික තොරතුරුවලින් පෙන්වා දී ඇත. දහවල් කාලයේදී අධික හිරු රශ්මියක් පවතින බැවින් එයට නිරාවරණය නොවී සිටීමට වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් රෝගීන් හා දරුවන්ද වග බලා ගත යුතුය. දැඩි හිරුඑළිය නිසා සමේ පැහැපත් බව නැතිව යා හැකිය.

දැඩි හිරු රශ්මිය පවතින විට ආවරණයක් නොමැතිව යාම නිසා මුහුණ මෙන්ම අත්පා පිලිස්සීම නිසා ලප, කැළලි මෙන්ම චර්ම රෝගවලටද හේතු විය හැකිය. දැඩි රශ්මියක් පවතින විට අව්වේ යෑමෙන් සමේ වියළි බවක් ඇතිවී සම රළු බවට පත් වේ. දුර්වර්ණ ලප කැළැල් හට ගනී. මුහුණ දෙපස දුඹුරු පැහැ ගැන්වේ.

දැඩි හිරු රශ්මිය නිසා ගතට අධික ලෙස දහඩිය දැමුව ද පරිසරයේ ජලවාෂ්ප වැඩි වීම නිසා දහඩිය ඉක්මනින් පරිසරයට වාෂ්ප නොවේ. බොහෝ වේලාවක් සමේ දහඩිය පැවතීම සමේ හටගන්නා රෝගවලට ද හේතුවකි. මෙවැනි අවස්ථාවකදී ශීත ජලයෙන් ඇඟ සේදීම වඩාත්ම ගුණදායකය. මෙසේ උණුසුම වඩාත් වැඩි වීමට හේතු වී ඇත්තේ කාලගුණික දත්තයන්ට අනුව ඉහළ වායුගෝලයේ වලාකුළු නොමැතිවීම වර්ෂාව නොමැති වීම බවද හෙළි වේ. දැඩි හිරු රශ්මිය නිසා සිරුරට මහත් වේදනාවක් ගෙන දෙන අවස්ථාවේදී රෝස වතුරෙන් සිරුර තෙත් කිරීමෙන් වේදනාව සමනය වේ. තම ගෙවත්තේ රෝසමල් ඇත්නම් නැතහොත් රෝසමල් සොයාගත හැකි නම් රෝසමල් පෙති තම්බා එම වතුර පෙරා ගැනීමෙන් හෝ පෙති ඇල්දියට දමා තිබීමෙන් එය සාදා ගත හැකිය. රෝස වතුරින් සුදු හඳුන් කුඩු දිය කර ගෑමෙන්ද සිරුරට සිසිල් බවක් ලබා ගත හැකිය.

තදින්ම උණුසුම පවතින විට උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිය යුතුය. සිරුර සිසිල් කරන ආහාර පානවලට දැඩි කැමැත්තක් දැක්විය යුතුය. අයිස්ක්‍රීම්, අයිස්පලම් මෙන්ම තෙල් අධික කෑම, බැදුම් මෙන්ම පිටි කෑමවලින්ද වැළකිය යුතුය. පුහුල්, වට්ටක්කා, කැකිරි , පිපිඤ්ඤා, කොමඩු, කරවිල වැනි එළවළු ආහාරයට ගැනීමෙන් ගුණාත්මක බවක් ඇති කරන අතර, සිරුර විජලනයෙන් තොරව පවත්වා ගැනීමටද ක්‍රියා කෙරේ. දැඩි උණුසුම පවතින විට රෝග රැසකට ගුණ දෙන ගතට සිසිල් බවක් ගෙන දෙන රතු හාලේ බත වඩාත්ම ගුණදායකය. කැකුළු සහල්වල විටමින් හා ඛනිජ නිවුඩ්ඩ සහල් ඇට බීජවල පැවතීම එහි ගුණාත්මකභාවය අධික වී ඇත. එමෙන්ම මෙවැනි උෂ්ණාධික කාලවලදී ආහාරයට ගත යුත්තේ දියරමය එළවළුය. උෂ්ණාධික තත්ත්වය වැඩි වන විට ශරීරයේ වේළීමද වැඩි වේ. එයට දියර වර්ග වැඩි වැඩියෙන් ගැනීමෙන් සුවදායකත්වයක් ඇති වේ.

දිය ලබු

දියර අධික එළවළුවක් වන දියලබු ආහාරයට ගැනීමෙන් ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවීමට මෙන්ම වෙනත් රෝගාබාධයන්ට ගුණ වේ. සාමාන්‍යයෙන් දියලබු ගෙඩියක ජලය 90.26%ද ඇත. මේ නිසා ගී‍්‍රෂ්ම කාලයේදී දියලබු ආහාරයට ගැනීමෙන් ඇඟ සිසිල් වීමක් ඇති කෙරේ.

අළු පුහුල්

අධික උණුසුම් කාලගුණයේදී ආහාර සමඟ අළුපුහුල් ආහාරයට ගැනීමෙන් ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවීමෙන් ශරීරගත ජලය අඩු වීම, මඟහරවාගත හැකිය. ශරීර ශක්තියද ඇති කරන අළු පුහුල් අධික පිපාසයද සන්සිඳුවයි.

පතෝල

දියර ගතිය වැඩි එළවළුවක් වන පතෝල රෝග රැසකට ගුණ දෙන එළවළුවකි. දිරවීම පහසු කරනු ලබයි. මළබද්ධය දුරු කරයි. සමේ රෝග ඇති අයට ද ගුණාත්මක වන අතර, උණ සමනය කිරීමේ ගුණයක් ද පවතී. හමේ රෝග ඇති අයට වඩාත්ම හොඳ ඖෂධයකි.

රාබු

ශරීරගත දැවිල්ල, පිපාසය නසන ගුණයක්ද පවතී. සමේ ඇති ලප කැළැල් මැකී යාමේ ඖෂධීය ගුණයක් පවතින රාබුවල, පවතින විටමින් වර්ග නිසා බඩගින්න අඩුකම මෙන්ම සෙම් රෝග නැසීමේ හැකියාවක්ද පවතී.

පිපිඤ්ඤා

දියරමය සැහැල්ලු එළවළුවක් වන පිපිඤ්ඤා සලාදයක් එළවළුවක් මෙන්ම අමුවෙන්ද ආහාරයට ගත හැකිය. ශරීර වේදනාවට දාහයට මෙන්ම රත්තයට මහඟු ඖෂධයකි.

කැකිරි

ශරීරයේ දාහයට සහ පිපාසය සංසිඳවීමේ ගුණයක් පවතී. තද උෂ්ණාධික කාලයේදී කැකිරි ඇට අඹරා බීමක් වශයෙන් සාදා බීමෙන් දාහය සමනය වේ. වාතය හා සෙම වර්ධනය කරනු ලබන කැකිරි පිත සමනය කරයි. කැකිරි වර්ග කීපයක්ම පවතී. හීන් කැකිරි, ඇඹුල් කැකිරි, තිත්ත කැකිරි, සීනි කැකිරි, පිට්ටු කැකිරි, ගොන් කැකිරි ඒ අතර වේ. මින් ඉතා රසවත් ජනපි‍්‍රයභාවයට පත්ව ඇත්තේ සීනි කැකිරිය.

වැටකොළු, නිවිති, සාරණ, මෑකරල්, ආදි එළවළු ද ගුණදායක වන අතර පලතුරු අතරින් පැපොල් ඉතාම ගුණදායකය. පැපොල්වල විටමින් සී මිලිග්‍රෑම් 57ක්ම ඇති අතර රෝග රැසකටම ගුණදායක වේ. කෙසෙල්, දෙළුම්, දොඩම්, ඇපල් ද කොමඩු, කුරුම්බා, තැඹිලි ද ගුණදායකය. ඊට අමතරව තේ, කෝපි, පිටිකිරි වෙනුවට ඔසුපැන් කෝප්පයක් සකස් කර බීමෙන්ද මනා සුවයක් ගතට ඇති වේ. ඒ සඳහා රණවරා මල්, බෙලිමල්, ඉරමුසු, පොල්පලා වැනි පානයන් ද ගුණදායකය.

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.