දරුවන් අහිමිවීම හා අහිමි කරවීම

දෙසැම්බර් 11, 2020

දැනට කෙරෙන පරීක්ෂණ අනුව ශ්‍රී ලංකාව තුළ දී දිනකට ගබ්සා කෙරෙන කළල සංඛ්‍යාව 800 ක් වන බවට දක්වා සංඛ්‍යාලේඛන තුළ මෙය කෙසේ සාධාරණීය කළ හැකි ද? එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවද අප අමතක කළ යුතු නොවේ. විශේෂයෙන් ගබ්සාවීම හඳුන්වනුයේ කාන්තාවන් ගර්භණී වී සති 24 ක් ඇතුළත එම දරුගැබ නැතිවන්නේ නම් ගබ්සාවීමක් Miscarriage ලෙස හැඳින්වේ.

 

පොදුවේ ගත්කල සියලු ගබ්සාවීම්වලින් 25% ක් පමණ කෙළවර වන්නේ ගබ්සාවීමක් ලෙසට ය. බොහෝ ගබ්සාවන් සිදුවන්නේ පළමු මාස දෙක තුළ බැවින්, සමහර කාන්තාවන් එය අක්‍රමවත් වූ වෙනදාට වඩා වැඩිපුර ලේ වහනය වන ආර්තවයක් ලෙසද සැලකිය හැකියි.

ගබ්සාවීමේ සාමාන්‍ය වයස අවුරුදු 18 අඩු සහ 35 ට වැඩි කාන්තාවන් අතර වීම විශේෂයි. එසේම ගබ්සා වීම තුළ 70% ක්ම පළමු මාස තුන අතර සිදුවේ. එයට ප්‍රධාන හේතුව කළලය තුළ හටගන්නා අංගවිකලතාවයන්ය. එසේම උපදංශය, රුබෙල්ලා යන වෙනත් වෛරස රෝග වැනි මවටට වැළඳී ඇති අසනීප තත්ත්වය නිසාද ගබ්සා සිදුවේ. විශේෂයෙන් කළලයේ වර්ධනයට අත්‍යවශ්‍ය විටමීනයක් වන ෆෝලික් අම්ලයේ ඌනතාවය නිසා කළලයේ ස්නායු වර්ධනය නිසිලෙස ක්‍රියාත්මක නොවීම නිසා සමහර විට එවැනි කළල ගබ්සා විය හැක. තවද නිබුල්ලු හටගත් විට ද ගබ්සාවීමේ ප්‍රවණතාවය වැඩි වේ. මාස 3කට පසුව සිදුවන ගබ්සාවලට මවගේ ගැබ්ගෙලේ හටගත් ලිහිල් බව හෝ ගර්භාෂයේ හටගත් හයිඩ්‍රොයිඩ් වැනි තත්ත්වයන්ද මේ සඳහා හේතු විය හැක.

මෙවැනි තත්ත්වයකදී රෝග ලක්ෂණ

යෝනි මාර්ගයේ රුධිරය වහනය වීම

යෝනිමාර්ගයේ රුධිරය වහනය වීම ප්‍රධාන ලක්ෂණයයි. සුළු රුධිර වහනයක් නම් එය ගබ්සා වීමකට මුල් පියවරක් ලෙසට ගණන් ගනී. නමුත් මෙම අවස්ථාවේ විවේකීව සිටීම මඟින් බොහෝ දුරට ගබ්සාවීම වළකාගත හැක. නමුත් යටිබඩේ වේදනාව සහිතව කැට සහිතව රුධිරය වහනය වේ නම් එම ගබ්සාව නතර කළ නොහැකි වේ. පරීක්ෂණ මඟින් ගැබ්ගෙල ඇරී ඇත්නම් එය වැළකිය හැකි වෙනවා. ගබ්සාව අසම්පූර්ණව සිදුවී ඇත්නම් රුධිර වහනය වැළකිය හැකිවන්නේ බඩ සේදීම මඟින් පමණක්මය. එය ශල්‍යකර්මයකින් පමණක් කළ හැකි බව අමතක නොකර එය Dand E සැත්කම ලෙස හැඳින්වේ. (Dilatation and Evacuation)

මෙහිදී ඇතිවන කම්පන තත්ත්වය සමහර විට බොහෝ බරපතල විය හැක. එය මානසිකව බොහෝ බලපෑම් ඇතිකළ හැකි බැවින්, මව ආරක්ෂාකාරී කරවිය යුතු වේ. බොහෝ ගබ්සාවන් සමහර විට කළලයේ දෝෂ නිසා සිදුවන බැවින්, එය බොහෝ විට නොදැනම සිදුවේ. එසේම ගබ්සාවකින් පසු අධික රුධිර වහනය වීම නිසා ශරීරය දුර්වල වී කම්පනයට පත්වීම හා නීරක්තිය ඇතිවිය හැක. තවද බරපතල කාරණයක් වනුයේ විෂ බීජ ඇතුළු වීමෙන් බරපතළ ලෙස රෝගවීම හා මරණය ද සිදුවිය හැක. බොහෝ විට අපරාධ ගබ්සාවීම්වලදී මේ තත්ත්වයන් ඇති වේ.

ගබ්සාවීම් වළකාගත හැකි ක්‍රියාමාර්ග

රුබෙල්ලා එන්නත විවාහයට පෙර ලබා ගැනීම.

දියවැඩියාව, අපස්මාරය, අධිරුධිර පීඩනය පවතින කාන්තාවන් දරුවෙකු සෑදීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම.

ගර්භනීතාවයට මාස තුනකට පමණ පෙර සිට වෛද්‍ය උපදෙස් මත ෆෝරික් අම්ලය පෙති ගැනීම.

ශාරීරික උෂ්ණත්වය පාලනය කර, කය ලිහිල් කරගන්න.

සැමවිට සතුටින් සිටින්න.

ගබ්සාවන් දෙකකට වැඩි වාර ගණන් පිටපිටම සිදුවේ නම් විශේෂ වෛද්‍ය උපදෙස් මත පමණක් දරුවෙකු සෑදීම.

ගර්භනී වූ මුල් මාස 03 ඇතුළත වෛරය වැනි ආසාධන තත්ත්වයක් වේ නම් ආරක්ෂාකාරී වීම.

ගබ්සා කිරීම

සමහර විට නොයෙකුත් හේතූන් මත ඇති වූ කළලය අකමැත්තෙන් වුව ද ඉවත් කර ගැනීමට සමහර කාන්තාවක් පෙළඹෙන බව පෙනේ. දරු පිළිසඳ ගැනීමකට පසු කිනම් අවස්ථාවකදී හෝ එය හිතාමතා නැතිකර ගැනීම ගබ්සා කිරීම ලෙස හැඳින්විය හැක.

ගබ්සාවක් කිරීම සඳහා හේතුවන කරුණු

මව දරුගැබක් දරා සිටීමට තරම් ප්‍රමාණවත් කායික හා මානසික තත්ත්වයක පසු නොවීම, දරුගැබ නිසා හෝ දරු ප්‍රසූතියේ දී මවගේ ජීවිතයට අනතුරක් වීමට ඉඩකඩ ඇත්නම්,

මවගේ කුස තුළ වැඩෙනා කළලයේ අස්වාභාවික තත්ත්වයන්, යමක් හෝ උපතින් පසු දරුවා ආබාධිතයෙකු හෝ මන්ද බුද්ධික බවට පත්වේ නම්,

දූෂණයට පත්වූ යුවතියක් හෝ කාන්තාවක් නම්,

එක ලේ ඇති ඥාතීත්වයට පිළිසිඳ ගත්තේ නම්,

ඒඩ්ස් රෝගී තත්ත්වයේ පෙළෙන මවක් නම්,

අප රටේ 1883 දී පනවනු ලැබූ ගබ්සා නීතිය දණ්ඩනීති සංග්‍රහයෙහි 311 ඡේදයට අනුව සකස් කොට ඇත. මවට අන්තරාවන් වූ කලී ගබ්සාව කිරීමට ඉඩක් ඇත. අනෙක් සෑම ගබ්සාවක්ම සාපරාධි ගබ්සාවක් ලෙසට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ මෙය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට අද පත්ව ඇති බවට සමාජ විශ්ලේෂණයන්හිදී හඳුන්වාදී ඇත. විශේෂයෙන් එහි තවද සඳහන් වනුයේ ගබ්සා කරවා ගන්නා කාන්තාවන්ගෙන් 80% ක්ම විවාහක කාන්තාවක් බව ය. විශේෂයෙන් අප රට බෞද්ධ සමාජීය රටකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.