කරකැවිල්ල

පෙබරවාරි 22, 2019

හේතුවකින් තොරව තම සමබරතාවය බිඳීයාම තමන් අවට සියල්ලම තමන් වටා බමන්නා සේ දැනීම මත සමබරතාවය බිඳී බිම ඇඳ වැටීමක් සිදුවුවහොත් එය මාරාන්තික අත්දැකීමක් වනවා නොඅනුමානය.

නමුත් රෝගියා කල්යාමේදී මෙයට පුරුදුවීම ක්‍රමයෙන් සිදුවේ. රෝගියා සිහියෙන් සිටීමද මෙහි විශේෂතාවයක් වෙනවා. සමබරතාවය බිඳවැටීමක් සමඟ ඇතිවන නුහුරු අත්දැකීම උත්සන්න වූ විට දෙපයින් සිටිය නොහැකිව ඇඳවැටීමක් සිදුවේ. සමහර අය යමක් දැඩිව අල්ලා ගනිමින් හා බිත්තියකට හේත්තු වීමෙන් මෙම වැටීමෙන් වළකා ගනී. මෙම තත්ත්වය එක්වරක් නොව කිහිපවරක් වරින් වර සිදුවීමද රෝගියාට තම රෝගයේ නිසි ලක්ෂණ හඳුනාගෙන කල්තියාම කටයුතු කළ හැකි වේ.

වියපත් වීමත් සමඟම වැඩිවන මෙම තත්ත්වය වයස අවුරුදු 40 ඉක්ම වූ පසු මැදිවියේදී 50 % ක් පමණම මෙම කරකැවිල්ලේ අත්දැකීම විඳපු අය වේ. එසේම වයස 60 ඉක්මවූ පසු මෙම තත්ත්වයට ගොඳුරු වන්නන්ගේ තත්ත්වය වැඩිවේ. මේ අයගෙන් 70%ක් වත් මේ ගැන පවසන බව වෛද්‍ය දත්ත පෙන්වා දේ.

කරකැවිල්ලට හේතු

1.පරිසරයේ සිසිල් බව මෙන් ම ශීතල සුළං වැදීම නිසා

2.සවස් කාලයේ ස්නානය

3.අධික වෙහෙස

මෙම කරකැවිල්ල සමහර අයට දින ගණනාවක් පවතී. එසේම තවද විරාම කාල පරතරයකදී ඇතිවන අවස්ථා ඇත. එසේම නොනැවතී දින ගණනාවක් පමණ පැවතීම තවද විශේෂත්වයක් වෙනවා. එසේම මේ සමඟම එන අපහසුතාවයන්ද රාශියක් වෙනවා. වමනය, හෘදයේ ගැස්ම වේගවත් බව, හිසරදය, බඩ බුරුල්වීයාම, තවද කනේ ඝෝෂාව, වරින්වර කනේ ශබ්ද ඇසීම, කන ඇතුලේ අඟුල් වැටීම ද විශේෂ වේ.

කරකැවිල්ලේ විද්‍යාත්මක යාන්ත්‍රණය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය නිරූපා සංජීවනී රත්නායක

දු.අං. 0717215049

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.