දෝ සතර - විවාහ පිරික්සුම

දෙසැම්බර් 28, 2018

ඡ්‍යොතිෂ පාඩම අංක - 21

යුග දිවිය අරඹන නව යුවළකට දිවි හිමියෙන් සමගියෙන් සතුටින් විසීමට දෝ සතර අතින් කැරෙන මඟ පෙන්වීමකි. විවාහ පිරික්සුම, පොරොන්දම් ගලපා බැලීම එහි එක්තරා කොටසකි. ඒත් අද කාලයේ විවාහ පිරික්සුම සැටියෙන් කැරෙන්නේ පොරොන්දම් බැලීම පමණක් බව පෙනෙන තැන් ද ඇත.

ඒ ඇත්තන් පොරොන්දම් විස්සක් ගලපා බලා මෙහි ගැලපීම සියයට මෙපමණ යැයි සඳහන් කැරෙන තැනුත් දක්නට ලැබේ. හෙළදිවේ පැරැණි දෝ සත් ඇදුරන් අනුගිය පිළිවෙළත්, දඹදිවේ බමුණු පඬුවන් අනුගිය පිළිවෙළත් එකතු කැර පංචාංග ලිතේ පොරොන්දම් විස්සක් දක්වා ඇතත් එයින් ඉතා මැ අවැසි වනුයේ පොරොන්දම් දහයක් බව ද පිළිගෙන ඇත.

නැකැත්,ගණ, යෝනි, නාඩි, රාශි, රාශ්‍යාධිපති, වශ්‍ය, රජ්ජු,වේධ, පක්ෂී, යනු ඒ ඉතා මැ ඇවැසි පොරොන්දම් දහය යි.

මේ පොරොන්දම් ගැලපීමට පළමු සලකා බැලියැ යුතු කරුණු කීපයකුත් තිබේ. කේන්දර දෙකේ මැ ඒ කරුණු නිසිලෙස නොසැසඳේ නම් පොරොන්දම් ගැලපීමෙන් පලක් නැත. කුජගෙන් යෙදෙන දෝසය ඉන් එකකි. කේන්දරයේ 1,2,4,7,8,12 යන රාසියක කුජ යෙදී ඇත්නම් එය බලවත් දෝසයකි. එ වැනි කේන්දරයට විවාහය සඳහා ගැලපිය හැක්කේ එම දෝෂය යෙදුණු කේන්දරයක් පමණි. එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ “භෞම දෝෂය” කියා යි. “භෞම” යනු කුජ හඳුන්වන තවත් නමකි. එය සකු වදනකි. පොළොවට සම වන ගහයා යන අරුතින් ඒ නම යෙදී ඇති. “භූමියට” සම යන අරුතින් භෞම යැ යි කියා ඇත. කුජ යන්නේ අරුත අසුබ උපදවන හෙවත් ජනිත කරවන යනුයි. (කු+ජ) මේ දොස යෙදෙන්නේ කෙසේ දැයි බලමු. ලග්නයේ සිටින කුජට හත් වැන්න (විවාහ රාසිය) පෙනේ. දෙ වැන්න හත් වැන්නෙන් අට වැනි රාසිය යි. එ හෙයින් එ තැන කුජ සිටීමත් යහපත් නැත. සිව් වැන්නේ සිටින කුජට ද හත් වැන්න පෙනේ. හත් වැන්නේ කුජ සිටීම අයහපත් බව අමුතුවෙන් කිව යුතු නැත. අට වැන්න මාරක තැන වන අතර එය හත් වැන්නෙන් දෙ වැන්න ද වෙයි. දොළොස් වැන්නේ සිටින කුජටත් හත් වැන්න පෙනේ. මෙ සේ මේ තැන්වල කුජ සිටීම විවාහයට අයහපත් බලපෑමක් වෙයි. ඒත් බලවත් ගුරු ගේ බැල්ම කුජට වැටී ඇත්නම් කුජ දෝසය නො යෙදේ. සිංහ රාසිය වු හත් වැන්නේ කුජ සිටීමත් දෝස නැත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

0718034076

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.