අවුරුද්දම සරු‍ කරන ශ්ලෝක

අප්‍රේල් 12, 2024

ශක වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024ක් වූ අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 09.05ට නව වසර උදාවේ.

උදාවන්නාවූ සූර්ය මංගල්‍ය හෙවත් සිංහල අලුත් අවුරුද්ද යනු හිරු මීන රාශියෙන් මේෂ රාශියටත් හිරු රේවතී නැකතේ සිට, අස්විද නැකතට ප්‍රවිශ්ට වීමද ඡ්‍යොතිෂයේ නියමයත්, පිළිගැනීම අනුවත්, සිංහල හා හින්දු ජනයා වාර්ෂිකව සමරන්නේ ඉතා අභිමානවත් ලෙසටය. කෘෂිකර්මය, නව නිෂ්පාදනය, සතුට සාමය නීරෝගි සුවය හා අලුත් ජවයක් ළඟා කර ගැනීමට අවුරුදු කුමරා හෙවත් සූර්ය දිව්‍ය රාජයාට නමස්කාරයක් පවත්වා ආශීර්වාදය ලබන්න. ටික දිනක් ගතවන විට ඔබට වෙනසක් දැනේවි. භක්තියෙන් යුතුව කටයුත්ත කරන්න.

මූර්තිත්වෙ පරිකල්පිතඞ

ශශිභෘතොවර්ත්මා පුනර්ජන්මනා

මාත්මේත්‍යාත්ම විදාං ක්‍රතුශ්ව

යජතාම් භර්තාමරඡ්‍යොතිෂාම්

ලොකානාම් ප්‍රලයෝද්භවස්ථිති,

විභූෂ්චානෙකද්‍යායඞ

ශ්‍රැතෞ වාචංනඞ සසදාත්වනේක කිරණස්

තෛ‍්‍රලෝක්‍ය දීපො රවිඞ

“චන්ද්‍රයාගේ ශරීරත්වයෙන්, ව්‍යවස්ථාපිත වූ හෙවත් චන්ද්‍රයාගේ ශරීරය වශයෙන් කල්පනා කරනු ලබන්නාවූ, මහ දෙවියාගේ ක්ෂිති, ජල, පවන, ආකාශ, යජ මාන්, සෝම, සූර්යය යන මූර්තිත්ව අටෙන් ප්‍රධාන මූර්තියවූ මොක්ෂයට යන්නවුන්ට මාර්ගයක් වූ, යෝගීන්ට ආත්ම යයි කිය ලද්දා වූ යාග කරන්නන්ට අමර දෙවියන් හා ග්‍රහ නක්ෂත්‍රාදීන්ට ස්වාමි වූද ලෝකයන්ගේ විනාශය, උත්පත්තිය පැවැත්ම යන මීට පොහොසත්ම වූ යමෙක් වේදයෙහි ඉන්ද්‍රමිත්‍ර වරුණ අග්නි ආදිවූ නොයෙක් නම්වලින් නොයෙක් පරිද්දෙන් කියන ලද්දාවූ ද, ඒ සහස්‍ර රශ්මියෙන් යුක්ත වූ තුන් ලොවටම පහනක් වූ සූර්යය තෙමෙ අපට වචන දෙත්වා. ආරක්ෂා කරත්වා.

රශ්මි මන්තං සමෘද්‍යාංතං

දේවා සුර නමඞ කෘතඞ

පූජ්‍යස්ථ ව්‍යවස්තං

භාෂ්කර භුවනේශ්වරම් ( 9 වරක් කියන්න)

ලෝකය ආරක්ෂා කරන්නාවූ වර්ධනය කරන්නාවූ ද දෙවියන් හා අසුරයන් විසින් නමස්කාර කරන්නාවූ ලෝකයටම ආලෝකය කරන්නාවූ සූර්යය දිව්‍යරාජයාට නමස්කාර වේවා.

නියමිත වේලාවට ආහාර අනුභව කරන්න. පොල්තෙල් පහනක් දල්වා එයට

“ඕං සත්තාකාරි භගතාමේරී භගතේ, මාන්‍යා ජේතු පෝතු, බහී පොඩිකන්ර ඕරා ජාදේහා වා අගෝරු, කේමාදේහයි, අංඅයිහාද් හා බේ ගුරු ගුරු” නව (9 )වරක් කියවා තම නිවැසියන්ට පහන දෙස බලා ඉදිරි වර්ෂයට කටයුතු ප්‍රාර්ථනා කරගන්න කියන්න. ඉන්පසු පිළියෙල කරගත් “හත්මාළුව සමඟ ආහාර අනුභවය කරන්න. ඉදිරි වර්ෂයට ආරක්ෂාවයි. හත්මාළුව සඳහා අලපෙති, කොස් ඇට, තිබ්බටු, කහට ගෙඩි, අඹ, වට්ටක්කා දලු, කජුමද මේවා පැරැන්නන් ගත් ද්‍රව්‍යයයි. මස් මාංශ නොගනී.

“ඕං නමෝ අසාජ්ජ භගවතේ නමඞ” එම පහනටම පසුව ඉහත මන්ත්‍රයෙන් 108 වරක් මතුරා හිසේත් පාදවලත් ගානු. වර්ෂයටම සර්පයෝ නොකයි. ආරක්ෂාවයි. ස්තෝත්‍රද භාවිත කරන්න. සියල්ලටම යහපත්ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.