රවි, සඳුගේ භූත පීඩා පුද්ගලයා හඳුනා ගනිමු

අගෝස්තු 2, 2019

හෘද රෝග, මොළයේ ආබාධ, සමේ රෝග, රුධිර වාහිනි ආබාධ ඇතුළු රෝගාබාධ ගණනාවකම රවි පීඩාවට අහිතකර ලෙස බලපානු ලැබේ.

රවි පීඩා පුද්ගලයා මුදල් පරිපාලනයේ අදක්ෂතා මතු කරයි. විශේෂයෙන් වියදම් පිළිබඳව මොවුන් වෙත පවතිනුයේ දරාගත නොහැකි මට්ටමකි. ඉතා දැඩි කෝප තත්ත්වයන් ඇති කිරීමට රවි ග්‍රහයා පීඩාවීමේ ස්වභාවය මඟ පෙන්වයි.

රවිගේ ගිනි ස්වභාවය (තේජෝ ගුණය) පීඩාවට පත්වීමෙන් තම මතයට නිවැරැදි බව සිතා තර්ක කෙරෙයි. ස්ත්‍රී පක්ෂයේ අය සමඟ නිතර අවුල් වියවුල් සාදා ගැනීම සිදුවේ. තේජෝ රවි පීඩාව අන් අය කුපීත කරවීමෙහිලා දක්ෂයකු කෙරේ. අන් අය කුපීත කර තමාට ද යහතින් වෙසිය නොහැකි බව අවබෝධවන විට කල්ගොස් ය.

රවි ග්‍රහයා පීඩා වීමෙන් පුද්ගලයා තුළ විවිධ ලක්ෂණයන් මතු කෙරේ. ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් රවි පීඩාව පවතීද නැත්ද යන්නත් පීඩාවී ඇත්නම් එහි ප්‍රමාණය පිළිබඳවද පරීක්ෂා කළ යුතු වේ. රවි පීඩාව පැවතීමෙන් කෙසේ හෝ උසස් තනතුරක් ලබා ගැනීමට හෝ උසස් තත්ත්වයකට පත්වීමට දැඩි ආශාවක් ඇති කෙරේ. මෙම ඉතා දැඩි බැවින් අන්‍යයන්ට ද අහිතකරව බලපෑ හැකි ය.

රවි සඳුගෙන් පීඩාවීමද අහිතකර තත්ත්වයකි. එය මූලිකව බලපෑම චරිතය සඳහා වේ. චරිතයේ නරක අයහපත මේ තුළින් ඇති කෙරේ.

එය දුෂ්චරිත ගති ලක්ෂණ ඇතිවීම ලෙස හඳුන්වා දිය හැකි ය. මෙය සඳුගේ ජල ගුණයෙන් රවිගේ ගිනි ගුණය පීඩාවට පත්වීමකි. රවිගේ ගිනි ස්වභාවය (තේජෝ ගුණය) පීඩාවට පත්වීමෙන් තම මතයට නිවැරදි බව සිතා තර්ක කෙරෙයි. තම මතයට නිවැරදි බව පෙන්වීමට උත්සාහ දැරීම යන ලක්ෂණ ජන්මියාගෙන් පිළිබිඹු කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වාස්තු විද්‍යා දෝෂ කේන්දර, දෝෂ නිරාකාරක, ග්‍රන්ථකර්‍ත¡ෘවර හා ශාස්ත්‍රවේදී

විරාජිත් බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.