පෙම් සබඳතා බිඳී යන්නේ ඇයි?

අගෝස්තු 23, 2019

ලග්නාධිපති හා පහ අධිපති යෝග වීම හරහා ප්‍රේමයට මුල් තැන දී විවාහයට මඟ පාදා ගනී. නමුත් ග්‍රහ බල දුබලතා අනුව වෙනස් වේ. ගුරු ආධ්‍යාත්මික පැතිකඩක් සඳහා දායකවන නිසා ය. කුජ ශුක්‍ර වහා එක්වේ. ලිංගික සුවය කෙළින්ම අපේක්ෂා කරයි. හැසිරීම යහපත් වුවත් අයහපත් වුවත් තාවකාලික කායික එක්වීමක් අපේක්ෂා කරන නිසා එය මායා මිරිඟුවක් බවට පත්වී නොවැළැක්විය හැකි ය.

විවාහය ප්‍රේමය ආදරය ආලය සහ ලෙන්ගතුකමේ සංවේදතාවය අනුව බලනවිට එහි අග්‍රඵලයයි. එසේ නොමැති වූ විට අතරමග විවාහය බිඳ වැටීමට හේතු කාරක වේ. මේ ගැන කතා කිරීමේදී කේන්ද්‍රයේ පස්වැන්න හා හත් වැන්න මුල්වේ. කේන්ද්‍රයේ 5 - 7 වැන්න පාපීන්ගේ පීඩාවන්ට ලක් නොවී තිබීම පිරිසුදු ආදරයකින් හෙබි යුගදිවියකට පා තැබීමට වාසනාව පෑදේ.

පස්වැන්නේ කුජ, ශනි, රාහු, කේතු වැනි ග්‍රහයින් සිටීම නිසා බොහෝවිට ආදරය පමණක් නොව හුදෙක්ම අධ්‍යාපන කටයුතුවලට ද යම් යම් බාධා ගෙනදේවි. පස්වැන්නේත් හත්වැන්නේත් කුජ සිටීමේ දී කුජ අධික ඌෂ්ණාකාරී අතිධාවනයකින් යුක්ත ග්‍රහයෙකු නිසා විවාහයට බාධා ගෙනදෙනු ඇත. ඔහු සිටින තැන විනාශ කිරීමටත් ආලය ආදරයට අකුල් හෙලීමටත් නිරන්තරයෙන්ම වෑයමක් කරනු ලැබේ. (විනාශකාරීත්වය වැඩිය)

කුජ හත්වැන්නේ වකුගඩුවලට බලපාන බැවින් උත්තේජනය වැඩි කරයි. බොහෝවිට අයථා සබඳතා ගොඩනැඟීමට බලශක්තිය ආරෝපනය කරන ගතියක් කුජ ලබාදෙනු ඇත. වකුගඩු ව්‍යාධිවලට ද කුජ මුල්වන බැව් පැහැදිලි ය. විවාහයේදී ස්ථාවර සබඳතාවය ඉක්මවා ගොස් වෙනත් බාහිර පැත්තට යොමුවීම නිසා යුගදිවියේ අසාර්ථක බවට ඉඟි ඇතිවිය හැක. තවද රාහු පහේ සිටි විට අත්තනෝමතිකව වැඩකටයුතුවලට පෙල ඹේ. ශනි පහ හෝ හත වීම හරහා යුගදිවියට කායික මානසික සතුට හීන කරන අතර ඒ තුළ පවත්නා සෞන්දර්යාත්මක හැඟීම් වියපත් කරනු ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී,

දේශබන්ධු,

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.