අසාර්ථක විවාහයකට හේතු වන හස්ත රේඛා සලකුණු

දෙසැම්බර් 13, 2019

වර්තමාන සමාජය තුළ විවාහය අසාර්ථක වූ අය අපට ඕන තරම් හමු වී ඇත. ඊට හේතුව වන සමාජ විද්‍යාත්මක කරුණු සමාජ විද්‍යාඥයින් අපට පෙන්වා දී තිබේ. එසේ වුවද විවාහය අසාර්ථක වීම කෙරෙහි බලපාන හස්ත රේඛා සළකුණු බොහෝ තිබෙන බව පෙර සිටි ඍෂිවරුන් අපට පෙන්නා දී තිබේ. ඒ අනුවත් අප විසින් අත්දැකීමෙන් ලැබුවා වූ හස්ත රේඛා සළකුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි. කෙනෙකුගේ සිකුරු මණ්ඩලයෙන් පටන් ගත් රේඛාවන් ශනි මණ්ඩලය වෙත ගමන් කර තරු සටහනින් අවසන් වී ඇත්නම් එය විවාහය අසාර්ථක වීමට බලපාන එක් රේඛා ලක්ෂණයකි. රූපසටහනේ ඒ.ඒ. ලකුණු දෙස බලන්න. කෙනෙකුගේ ශනි චක්‍රය හෙවත් ශුක්‍ර මේඛලාව තැනින් තැන කැඩී බිඳී පළුදුව ඇත් නම් එය ද විවාහය අසාර්ථක වීම කෙරෙහි තදින් බලපාන හස්ත රේඛා සලකුණකි. රූප සටහනේ ඕ.ඕ සළකුණ දෙස බලන්න. විවාහය අසාර්ථක වීමට තවත් හේතු වන සළකුණකි සිකුරු මණ්ඩලයෙන් පටන් ගත් රේඛාවන් ජීවන, ශීර්ෂය, හෘදය, රේඛාවන් කපා ගෙන ගොස් විවාහ රේඛාවට සම්බන්ධ වී තිබීම. මෙය බොහෝ විට වන්නේ සහකරු හෝ සහකාරිය අකාලයේ මරණයට පත් වීම නිසා ය. රූප සටහනේ ඛ්.ඛ් සලකුණු දෙස බලන්න. කෙනෙකුගේ දෙ අත්ලේම විවාහ රේඛාවන් දෙකත් ඉතා ගැඹුරින් සළකුණු වී ඈත් නම් එයද පළමු විවාහය අසාර්ථක වීම කෙරෙහි බලපානු ඇත. රූප සටහනේ ච්.ච් කෙනෙකුගේ සිකුරු මණ්ඩලය ඕනෑවට වඩා ඉලිප්පී ඒ මත හක්ගෙඩියක් හෝ බිත්තරයක ආකාරයක සුළියක් වැටී ඇත් නම් එයද විවාහය අසාර්ථක වීම කෙරෙහි තදින් බලපානු ඇත. එසේ වන්නේ ඒ අය අධිකාම යෝගනීන් වන නිසා ය. රූප සටහනේ ඡ්.ඡ් තවද සිකුරු මණ්ඩලය ඕනෑවට වඩා යටට නෙරා තිබී ඒ මත දැල් දූපත් ජාලා වැනි සළකුණු වී ඇත්නම් ඒ අයගේද විවාහය අසාර්ථක වන්නේ ලිංගික බෙලහීනතාවය නිසයි. රූප සටහනේ ජ්.ජ් බලන්න. තවද කෙනෙකුගේ ජය හෙවත් විවාහ රේඛාව නොපිහිටා තිබීම හෝ ඉතා කෙටි සියුම් රේඛාවක් තිබීමෙන් එයද විවාහය අසාර්ථක වන්නේ නම් සහකරු හෝ සහකාරිය ගැන උනන්දුවක් නොදැක්වීම වීමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.