සතියේ පඤ්චාංගය

පෙබරවාරි 9, 2024

 

ශකවර්ෂ 1945 ක්වූ මකර රවි 26 භාග දුරුතු අව අමාවක ලත් කිවි දින සිට කුම්භ රවි 03 භාග නවම් පුර සැටවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – මකර ( 13දා සවස 3.44ට කුම්භ)

කුජ – ධනු

බුධ – මකර

ගුරු – මේෂ

ශුක්‍ර – ධනු ( 12දා අලුයම 04.53ට මකර)

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි – දෙනට

කුජ – උත්‍රසල

බුධ – සුවණ

ගුරු – බෙරණ

ශුක්‍ර – පුවසල (09 දා දහවල් 12.12 උත්‍රසල)

ශනි – සියාවස

රාහු – රේවතී

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

 

පෝය

පෙබරවාරි 09 සිකුරාදා උදේ 08.03න් අමාවක ලබා 10 සෙනසුරාදා උදේ 04.30න් ගෙවේ. 09 සිකුරාදා සිල්.

චන්ද්‍ර චාරය

10 දා උදේ 10.03 කුම්භ

12 දා උදේ 09.39 මීන

14 දා උදේ 10.48 මේෂ

 

 

දිනූ තත්ත්ූවය

පෙබරවාරි 09 සිකුරාදා

මකර රවි 21 භාග දුරුතු අව අමාවක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.21 උත්‍රසල නැකත අලුයම 02.14න් ගෙවී සුවණ නැකත ලබා එය රාත්‍රි 11.29න් ගෙවී දෙනට නැකත ලබයි. දුරුතු අව තුදුස්වක තිථිය උදේ 08.03න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය රාත්‍රි 07.06න් ගෙවී වාරියන් යෝගය උදාවෙයි. ශකුණකරණය උදේ 08.03න් ගෙවී චතුෂ්පාද කරණය ලබා එය සවස 06.16න් ගෙවී නාගකරණය උදාව පවතී.

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – මාපටැඟිලි

මරු – ගිනිකොන

යෝගිනී – ඊසාන

සුබ දිසාව – දකුණ

පෙබරවාරි 10 සෙනසුරාදා

මකර රවි 27 භාග නවම් පුර පෑළවිය තිථිය ලත් ශනි දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.21 දෙනට නැකත රාත්‍රි 08.35න් ගෙවී සියාවස නැකත ලබයි. දුරුතු අමාවක තිථිය අලුයම 04.30න් ගෙවී නවම් පුර පෑළවිය තිථිය ලබයි. වාරියන් යෝගය දහවල් 02.54න් ගෙවී පරිඝ යෝගය ලබයි. නාගකරණය අලුයම 04.30න් ගෙවී කිංස්තුංගකරණය ලබා එය දහවල් 02.40න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව – මාපටැඟිලි

මරු – නැඟෙනහිර

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

පෙබරවාරි 11 ඉරිදා

මකර රවි 28 භාග නවම් පුර දියවක තිථිය ලත් රිවි දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.21 සියාවස නැකත සවස 05.42න් ගෙවී පුවපුටුප නැකත ලබයි. නවම් පුර පෑළවිය තිථිය අලුයම 12.49න් ගෙවී පුර දියවක තිථිය ලබා එය රාත්‍රි 09.13න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. පරිඝ යෝගය උදේ 10.40න් ගෙවී ශිව යෝගය ලබයි. බවකරණය අලුයම 12.49න් ගෙවී බාලවකරණය උදාවී එදින දහවල් 11.00න් ගෙවී කෞලවකරණය උදාවී එදින රාත්‍රි 09.13න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – පතුල

මරු – උතුර

යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

පෙබරවාරි 12 සඳුදා

මකර රවි 29 භාග නවම් පුර තියවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.21 පුවපුටුප නැකත සවස 03.01න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. නවම් පුර තියවක තිථිය සවස 05.50න් පුර ජලවක තිථිය ලබා පවතී. ශිව යෝගය උදේ 06.32න් වේ. සිද්ධ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.27න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.50න් නිමා වී වණිජ කරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – කෙණ්ඩ

මරු – වයඹ

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – උතුර

පෙබරවාරි 13 අඟහරුවාදා

කුම්භ රවි 01 භාග නවම් පුර ජලවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.22 උත්‍රපුටුප නැකත දහවල් 12.40න් ගෙවී රේවතී නැකත ලබයි. නවම් පුර ජලවක තිථිය දහවල් 02.48න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. සිද්ධ යෝගය අලුයම 02.39න් ගෙවී සාධ්‍ය යෝගය ලබා එය රාත්‍රි 11.09න් ගෙවී ශුභ යෝගය ලබා පවතී. වණිජකරණය අලුයම 04.12න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 02.48න් ගෙවී බවකරණය උදාවී පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – දණහිස

මරු – බටහිර

යෝගිනී – නිරිත

සුබ දිසාව – උතුර

පෙබරවාරි 14 බදාදා

කුම්භ රවි 02 භාග නවම් පුර විසේනිය තිථිය ලත් බුධ දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.22 රේවතී නැකත උදේ 10.48න් ගෙවී අස්විද නැකත ලබයි. නවම් පුර විසේනිය තිථිය දහවල් 12.16න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. ශුභ යෝගය රාත්‍රි 08.04න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. බවකරණය අලුයම 01.26න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 12.16න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 11.13 න් ගෙවී තෛතිල කරණය උදාව පවතී.

විෂ කලාව – ඇස

අමෘත කලාව – ලිංග, යෝනි,

මරු – නිරිත

යෝගිනි – දකුණ

සුබ දිසාව – උතුර

පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා

කුම්භ රවි 03 භාග නවම්පුර සැටවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.22 අස්විද නැකත උදේ 09.30 න් ගෙවී බෙරණ නැකත ලබා පවතී. නවම් පුර සැටවක තිථිය උදේ 10.18න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය සවස 05.28න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබා පවතී. තෛතිලකරණය උදේ 10.18න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 09.35න් ගෙවී වණිජකරණය උදාවී පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව – පෙකණිය

මරු – දකුණ යෝගිනී – බටහිර

සුබදිසාව – නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.