නුරා වෑහෙන රූමතියන් හඳහනෙන් ද කියැවේ

පෙබරවාරි 9, 2024

ස්ත්‍රීන්ගේ පලාපල කථනයට ඡ්‍යොතිෂයෙහි විශේෂ වූ පැතිකඩක් වෙන් වී ඇත. පුරුෂයන්ට ජන්ම කේන්ද්‍රය අනුසාරයෙන් පමණක් පලාපල පවසන අතර ඡ්‍යොතිෂයෙහි ස්ත්‍රීන්ට පලාපල පැවසීමේ දී කේන්දර තුනක් උපයෝගී කර ගනු ලැබේ. උත්පත්ති කේන්ද්‍රය, මල්වර කේන්ද්‍රය හා ප්‍රථම ලිංගික සංසර්ගයේ දී පිටවන පළමු ලේ බිංදුව යෝනියෙන් වෑහෙන වේලාවට අනුව සාදන කේන්ද්‍රය යනු ඒ තුනයි. පළමු හා දෙවැනි ක්‍රම අනුව වර්තමානයේ දී පලාපල පැවසෙන අතර තෙවැනි ක්‍රමය මේ වන විට අභාවයට ගොස් ඇත. ඒ අනුව ඡ්‍යොතිෂයෙහි ස්ත්‍රීන්ට වෙන්ව ඇති සුවිශේෂී වූ පැතිකඩ අනාවරණය කරගත හැකිය. රවි ග්‍රහයා (හිරු) මෙන් මේ ලොවට පරපුරට, ජාතියට ජීවය දෙන්නේ ස්ත්‍රීන්ය. එබැවින් සෑම ස්ත්‍රියක්ම ශියාකාන්තාවන් බඳුය. සෑම ස්ත්‍රියකටම අනන්‍ය වූ ලස්සනක් හැඩයක් උපතින්ම උරුමව ඇත.

පහත කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන්නේ වයස විසි හතරක පමණ වූ යුවතියකගේ ලග්න සටහනයි. ඒ අනුසාරයෙන් පමණක් කිවහැකි මේ කොටු 12 ලියැවී ඇති මැයගේ දෛවය කෙසේදැයි විමසා බලමු. මේ කේන්ද්‍ර සටහනින් ඡ්‍යොතිෂයේ විශේෂ සිද්ධාන්ත කිහිපයක්ද උගත හැකිය. ලග්න සටහන අනුව පලාපල කථනය පිළිබඳව අවබෝධයක්ද මෙයින් පාඨක ඔබහට ලැබෙනු ඇත.

ඒ අනුව සිකුරු හිමි වෘෂභ ලග්නයෙන් උපන් මැය භූමියට හිතකාමී කෙනෙකි. අන්‍යයනට තේරුම්ගත නොහැකි ගුප්ත ගති ලක්ෂණ පිහිටයි. මල් වගාව, ස්වාභාවික අලංකාරය, යාන වාහන සුඛෝපභෝගි භාණ්ඩ පරිහරණය ආදී පැතිකඩ අගයන මධ්‍යම පන්තියට සීහෙන දැරියකි. යුවතියකි. අන්‍යයන් සමඟ මුහුණලා වාද විවාද කරයි. නීති වෘත්තිය අගයයි. කථිකත්වයක් විද්‍යමාන කෙරෙයි. රසවත් කෑම බීම රුචි කරයි. වරද වරදක් සේ නොදකියි. වින්දනාත්මක ජීවිතය කෙරෙහි පි‍්‍රය මනාප වෙයි. ලෞකික ජීවිතයට නැඹුරුයි. රාගාධිකයි. සැඟවුණ, ගිලිහෙණ අරමුණු බොහෝමයි. සමඟ සමාදානය අගයන නමුත් නිර්භීත එඩිතරකම් ඇත. දැක පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද මත ක්‍රියාකාරකම්හී යෙදෙයි. ගුණාත්මක අනුශාසක උපතෙකි. හිතුමතේ ක්‍රියාකරන තරමක් දුරට අහංකාර කෙනකු නිසා කරදර විපත් බාධකවලටද මුහුණදීමට සිදු වෙයි.

ආශාවන් හැඟීම් කෙරෙහි ප්‍රබලව නැඹුරුබවක් පෙනී යන්නේ ය. ආශි‍්‍රත පිරිස් සඳහා උපරිම අනුග්‍රහය දක්වයි. ඥාතීන් කෙරෙහි පි‍්‍රයමනාප වෙයි. ලියකියවිලි, වෙළෙඳ සෞඛ්‍යය කටයුතු තුළින් මූල්‍යමය ප්‍රයෝජන ලබනු ඇත. වචනය උපයෝගී කරගත් රැකියා ගැළපෙයි. රූප සම්පත්තියෙන් අනූන යුවතියකගේ පෙනුමකට මෙන්ම පිරිපුන් අඟ පසඟින් යුත් ලාලිත්‍යයකට මෙකී තරුණිය උරුමකම් කියාපානුයේ පහත ග්‍රහ පිහිටීම් නිසාවෙනි.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි වෘෂභ රාශි ලග්නගත උච්චමූල ත්‍රිකෝණව චන්ද්‍රයාද මිත්‍රශීලි රාහු ධනස්ථානය වූ 02 වැන්නේ ද, 04 වැන්නෙහි රවි ග්‍රහයා මාන්දිවීම, කේතු මිත්‍රශීලීව බ්‍රහස්පති (ගුරු) ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව, 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතවද, ස්වක්ෂේත්‍ර සෙනසුරු කුජ (අඟහරු) සමඟ 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද බුධ සමව කර්මස්ථානය වූ 10 වැන්නේ ද, මිත්‍රශීලි රවි 11 වැන්න වූ අයස්ථානය ගතවද පිහිටා විශ්වග්‍රහතාරකා මන්දාකිණියෙහි ජන්මලාභී වූ මෙකී යුවතියගේ ඉහත කරුණු කාරණා සටහන් යෙදී ඇත.

වෘෂභ ජන්ම රාශියෙහි රාහු කේතු ඡායා ග්‍රහ යුවළට මැදි වූ නවග්‍රහ මණ්ඩලය පැවතීමෙන් කාල සර්ප යෝගය යෙදී ඇත. එසේම භාග්‍යය වාසනාව ආශි‍්‍රතව කුජ, ශනි යෝගය ද පිහිටා ඇත. කේතු ගුරු සංයෝගයක් 08 වැන්න වූ මෘත්‍යු ස්ථානය පිළිබඳ කියවෙනු ඇත. මෙකී පිහිටීම ජන්මියා කෙරෙහි අශුභවාදී බවක් මානසික අසහනකාරී බවක් මතු කෙරේ.

මීළඟට මීන නවාංශකය සලකා බැලීමේ දී ගුරු ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය, කුජ ශනි යෝගය, වැයස්ථානය වූ 12 වැන්නේ ද, බුධ චන්ද්‍ර, රාහු, ගුරු සංයෝගය ද ගුරු (බ්‍රහස්පති 08 - 11 අධිපති) 22 වෙනි මාරක දෙර්කාණාධිපති 09 බාධක ග්‍රහයා සෙනසුරු (ශනි) රවි මාන්දි (දුර්වල පීඩිත) 06 රෝග / සතුරු/ ස්ථානාධිපති ( 02 +06 අධිපති) සිකුරු 12 වැන්න වූ වැය ස්ථානගතවද (08 +11 අධිපති ගුරු) බ්‍රහස්පති කේතු සමඟ 08 වැන්න වූ මෘත්‍යුස්ථානගතවද ලග්න සටහනේ පිහිටා ඇත.

රාහු කේතු අතර ග්‍රහයන් අටදෙනකුද තැන්පත්ව රවි හුදකලාව 09 වැන්නෙහිද තැන්පත්ව අර්ධ කාල සර්ප යෝගයද යෙදී ඇත. මේ අනුව ජීවිතය අධ්‍යාපනය මූලික කොටගත් අවබෝධ ඥානය මත හිතවාදී ජීවන ගමන් මඟකට අවතීර්ණ වීමකි.

ජීවන ගමන් මඟෙහි විවිධත්වයක් දර්ශනය වෙන්නේ ය. නවාංශකයෙහි 08 අධිපති (03 අධිපති සිකුරු අයස්ථානය වූ 11 වැන්නෙහි මිත්‍රශීලිව තැන්පත්ව ඇත. 03 -07- 11 කාම කෝණයද මධ්‍යස්ථ තත්ත්වයෙන් යුතුව කාමය, රාගය, ලිංගික පැතිකඩ තීව්‍ර කරවමින් තැන්පත්ව ඇත. යුගදිවිය රසවත්ය. මෙවැනි යුවතියන් ලද පිරිමි කිසිවිටක අන් ස්ත්‍රී කාම සේවනයන් නොසොයයි. නීති විනයගරුක ආචාරශීලි නීති වෘත්තියෙහි යෙදිය හැකි වනු ඇත. පාලක පැළැන්තියේ ප්‍රධානියකුගේ අතහිත ගැනීමෙහි භාග්‍යය වාසනාවද හිමි යුවතියකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.