හදිසි අනතුරු කලින් කියන ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම්

පෙබරවාරි 16, 2024

ඉභිනනාසු ඡ්‍යොතිෂ පලාපල විග්‍රහය සඳහා තවත් ඉඟියක් මේ ලිපිය සමඟ ඉදිරිපත් කරනු ලබනවා ඇත. හොඳට නරකට දෙකට කටමය කිව්වා සේ හොඳට නරකට දෙකටම පරිවර්තන, යෝගය සක්‍රීය වන අයුරුයි ප්‍රායෝගිකව වටහා ගත යුත්තේ.

භිර්ගු සම්ප්‍රදායේදී භාව පිළිබඳ අදහසක් ඉස්මතු නොවන අතර, එක් එක් රාශින්වල අධිපතියන් රාශි මාරු කරගෙන සිටීමෙන් සිදු කරනු ලබන රාශි පරිවර්තනයන් මෙහිදී සලකා බලනු ඇත. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ චරිතාපදාන බොහෝදෙනා දන්නා නිසා එවැනි ජන්ම දින කීපයක ග්‍රහ සටහන් යොදාගෙන එකී පරිච්ඡේදයක ගමන දියත් කරමු.

ග්‍රහ රාශි පරිවර්තන දෙකක් පිහිටි විට බොහෝදුරටම පිපිරීමකින්, හදිසි අනතුරකින්, ගමනකදී, බිමනකදී කනගාටුදායක අභාවයක් සිදු වන බව ඉභිනනාසු පවසයි.

අංක 19 දරන සටහනින් දැක්වෙන්නේ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනිය 1917.11.20 දින උපත ලබන විට තිබූ ග්‍රහ බල තත්ත්වයයි. එතුමිය මහ මඟදී දරුණු වෙඩි ප්‍රහාරයකින් මිය ගියාය. මේ ග්‍රහ සටහනේ ගුරු සහ ශුක්‍ර ග්‍රහ යුවළ රාශි පරිවර්තනයක් මවා ඇත. එමෙන්ම ශනි සහ සඳු දස දෙදෙනා ද රාශි පරිවර්තනයක් පවා ඇත. මේ නිසා පරිවර්තන දෙකකින් යුක්තව උපත ලබා සිටි එතුමියගේ අභාවය එවැනි කනගාටුදායක දෙයකින් සිදුවන බව ඉභිනනාසු පවසයි. මෙවැනි ප්‍රතිඵලයන් සිදුවන කාල නිර්ණයන් ඉදිරි ලිපිවලින් කියවිය හැකිය.

ඒවායේම පරිවර්තන එකක් සහිතව ජන්ම ලාභය ලබන ජීවින් වයස 29 හෝ 30 සමයේදී සිට එතෙක් සිදු කරගෙන පැමිණි කටයුතු කාරණා නොව නව්‍යතාවයෙන් යුතු දේට පෙලඹී ජීවිතය පරිවර්තනය කරගෙන උසස් තත්ත්වයට පත්වෙන්නට කටයුතු සලසා ගනු ලබනවා ඇත. එවැනි නිදසුන් තුළින් ඔබේ ප්‍රායෝගික දැනුම වර්ධනය කර ගත යුතුයි.

අංක 20 සටහනෙන් දැක්වෙන්නේ 1930.03.07 උපත ලැබූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ ධුරය හෙබ වූ චිත්‍රානන්ද අබේසේකර අධ්‍යෂතුමාගේ ජන්ම දින සටහනයි. එහි මීනයේ සිකුරුත් වෘෂභයේ ගුරුත් තැන්පත් වෙමින් ග්‍රහ රාශි පරිවර්තනයක් සිදු කර ඇත. එතුමාගේ චරිතාපදානය බලන්න. වයස 29න් පසු ආ මඟ වෙනස් කොට ජීවිත පරවර්තනයකින් දීප්තිමත් අනාගතයකට පසුබිම සකසා ගනු ලැබුවේය.

අංක 21 දරන රූප සටහන

අංක 21 සටහන වන්නේ 1936.02.12 දින උපත ලැබූ එච්.ආර්. ජෝතිපාල ගායකයාගේ උත්පත්ති දින සටහනයි. ගුරු සහ කුජ අතරේ ප්‍රබල පරිවර්තනයක ඉභිනනාසු සිද්ධාන්තය සනාථ කරමින් මොහුගේ ජීවිත යාත්‍රාව වයස 29 සිට පරිවර්තනය වී ගියේය.

අංක 22 රූප සටහන

අංක 22 රූපසටහන වන්නේ ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයේ බැබළුන දක්ෂ සංස්කාරක වරයකු වූ ටයිටස් තොටවත්ත කලාකරුවාගේ ජන්ම දින සටහනකි. කුජ සහ බුධ අතර රාශි පරිවර්තනයකි. ජීවිතයේ පැමිණි මඟ වයස විසිනවයෙන් පසු වෙනස් කළ ඔහු ජීවිත පරිවර්තනයකින් කලා ලොවේ කිරුළු පැලැන්දේය.

අංක 23 දරන සටහනින් දක්වන්නා වූ මේ ජන්ම දින ග්‍රහ සටහන සුප්‍රසිද්ධ කිවිඳියක වන ගජමන් නෝනා කලාකාරියනියගේය. මේ ජන්ම ග්‍රහ සටහනෙහි ගුරු - කුජ ග්‍රහ යුවළගෙන් මීන - වෘශ්චික රාශි පරිවර්තනය සිදු කර ඇති බැව් නිරීක්ෂණය වෙයි. ඇයගේ ජීවිතයේ ප්‍රබල පෙරළිය වයස 29 ආසන්නයේදී සිදු වී ඇති බව ගජමන් නෝනා චරිතාපදානය කියවීමෙන් දැනගත හැකිය. දෙහිවල සිට දකුණු පළාතට පදිංචියට යාම, විහාරස්ථාන පරිසරය තුළින් සංස්කෘත භාෂා පරිචය ලැබීම. ඡන්දස් ශාස්ත්‍රයේ කෙළ පැමිණීම ආදිය තුළින් ආරම්භක දිවි ගමන වයස අවුරුදු 29ක් 30ක් පමණ වන විට වෙනස්ම මඟක් ගත් අයුරුත් පෙනේ. පැවතුණ පරිවර්තනයක ප්‍රතිඵලය ඉභිනනාසු අපූරුවට තහවුරු කරයි.

අංක 24 දරන සටහන වන්නේ 2024.01.01 දින උපත ලැබූවෙකුගේ ජන්ම දින ග්‍රහ දත්ත සටහනයි. එහි ගුරු - කුජ රාශි පරිවර්තනයකි. මෙතෙක් ඔබ ලැබූ ඉභිනනාසු දැනුම මත දැන් තනිව විචාරයක් කිරීමට තත්ව අවබෝධයක් ලැබී තිබිය යුතුªයි. ඒ සඳහා

නිගමන :– (1) නව සොයා ගැනීම් සිදු කරනු ලබන අයෙකි.

(2) වයස අවුරුදු 29 වන විට ජීවිත පරිවර්තනයකට ලක්වෙන කෙනෙකි. මේ සා විශාල පලාඵල පැවසීම සඳහා රාශි පිළිබඳ විවිධ දැනුම් සම්භාරයක් අවශ්‍යයි. ඒවා කැටි කර දක්වා ඇති අංක 29 දරන වගුව ද පරිශීලනය කරන්න.

අංක 26 දරන සටහන

මෙම ජන්ම ග්‍රහ සටහන අංක 26 ලෙස ඉදිරිපත් කෙරෙන්නේ 1893.12.26 වෙනි දින උපත ලැබූ මාඕ සේතුං ජනනායකයාගේය. පඨවි ගුප්ත ත්‍රිකෝණය ගුරුගෙන් ඇරඹී කුජ සහ චන්ද්‍ර රාහුගෙන් විද්‍යමාන වෙයි. ගුරු නීචයි. ඔහුගේ රාශ්‍යාධිපති සෙනසුරු උච්චයි. සඳුගෙන් එහි ගුරු ත්‍රිකෝණ ගේය. තවද ගුරුගෙන් හතේ රවි සිටී. මෙතෙක් අයුරු පැහැදිලිව ඉදිරි ලිපිවලදී සාකච්ඡා කෙරේ.

(මතු සම්බන්ධයි)

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.