අඹු සැමි සුවයට බලපාන ග්‍රහයෝ

මාර්තු 22, 2024

රවි ග්‍රහයාගේ උදාවත් සමඟ දවස ආරම්භ වීම ඡ්‍යොතිෂයේ පිළිගැනීම වෙයි. රාත්‍රියේ අඳුර දුරලා සඳුගේ සෞම්‍ය කිරණෙන් ආලෝකමත් වීම සිදුවන බැවින් සඳුගේ සෞම්‍ය බව ජන්මීන්ට පුර අව පක්ෂ හා සඳු බල දුබලකම් මත සිදුවෙයි. රවිගේ බලයෙන් රාජ්‍යයේ උසස් බව රජයේ තනතුරු ලැබීම ගරු නාම ලැබීම සිදුවෙයි. උසස් තත්ත්වය රවි බලවත් වූ විට ලබා දෙයි.

අඟහරුගේ බලය මතින් වීර ශූර එඩිතර ක්‍රියා ශූර බලවත් අය බිහිවෙයි. කුජ බලවත් අය ඕනම දේකට භය නැතිව ඉදිරිපත් වෙයි. හොඳ සිහි කල්පනාව ද ලබා දෙයි. ඕනම කේන්දරයක ලග්නාධිපති ශුභ නම් රවි ග්‍රහයා ශුභ නම් සඳු බලවත්නම් වෙනත් අශුභ දෝෂ පරදා යහපත උදාවන ග්‍රහ බලයක් මතුවෙයි.

සිකුරු බලවත්වීම ඉතාම අවශ්‍ය වන්නේ ලස්සන බව වගේම තැනට සුදුසු ලෙස ජීවත්වන්නට හොඳ හැකියාවක් ලැබීම සිදුවන නිසාවෙනි. විවාහයේ සැප සිකුරුගෙන්ම උදාවේ. සිකුරු කේන්ද්‍රයක 22 වන දෙර්කාණ අධිපති වීම ශුභ නැත. අශුභ නැකැත්වල සිටීම අශුභ රාශිගතවීම විවාහය එතරම් ශුභ නැත. අශුභ නැකැත්වල සිටීම, අශුභ රාශිවල සිටීම ඉතාම අගුණ වෙයි. සිකුරු මකර රාශිගතවීම විවාහය එතරම් ශුභ නැත. විවාහය දෙදරා යාමට හේතු වෙයි. විවාහ සැපත අඩු කරයි.

සිකුරු අඟහරු සමඟ සිටීම හෝ සිකුරු සඳු හා අඟහරු යන ග්‍රහයින් එකම රාශිගත වීමක් කාම යෝග උදා කරයි. අධික කාමාශා මතුවේ. මෙම අය විවාහය සඳහා ඊටම ගැළපෙන කෙනෙකු තෝරාගත යුතුය. කාමය අපි‍්‍රය කෙනෙකු සමඟ විවාහ වීම ඉක්මනින් විවාහ වෙනස්වීමක් ඇති කරයි. නමුත් සෙනසුරු බලවත් වීම මත දුක සැප දෙකම ඉවසීමෙන් දරාගෙන විවාහ ජීවිතය ගත කරන අයත් සිටින බව අපි අත්දැකීමෙන් දකින්නෙමු.

අවපක්ෂයේ සඳු දුර්වල වීම 7 වැන්නේ අශුභ නැකැත්වල සිටීම විවාහයට ශුභ නැත. රවි 7 වැන්නේ සිටීම කාන්තාවන් බොහෝ දෙනෙකු තම ස්වාමියාට කීකරුකම අඩුවේ. ස්වාමියාට යටහත් පහත්වීමට ආශා නැති වේ. සඳු හත අධිපතිව අට වැන්නේ සිටින විට විවාහ බාධා මතුවේ. අට අධිපති 7 වැන්නේ සිටි විට ද විවාහයට බාධා මතුවෙයි. නමුත් පුර පක්ෂයේ බලවත් සඳු 7 වැන්නේ නම් විවාහයට ශුභ වේ. සඳු සතුරු රාශිගතව සිටීම සැර පරුෂ කාන්තාවන් බිහි වෙයි. සිකුරු සඳු අඟහරු බලවත් වීමෙන් ලක්සන ක්‍රියා ශූර බලවත් එඩිතර කාන්තාවන් බිහිවෙයි. ඕනම කෙනෙකු වශීවන මනා ශරීරයක් හිමි මෙවැනි කාන්තාවන් හැම දේටම දක්ෂකම් පෙන්වයි. උසස් තනතුරු දරයි.

අඟහරු ග්‍රහයා ලග්නයේ දුර්වල වීම 22 වන දෙර්කාණ අධිපතියා හෝ අෂ්ටමාධිපති ග්‍රහයා වී ලග්නයේ සිටීම ඉතාම අශුභ වේ. එම අයට සාර්ථක විවාහ ගත කිරීමට නම් බලවත් ගුරුට එම ලග්න පෙනීම මඟින් දෝෂ තරමක් හෝ සමනය වෙයි.

අඟහරු අෂ්ටමාධිපතිව 7 වැන්නේ සිටියත් විවාහ බාධාවීම් ඇත. භාර්යාවට කීකරු නැති ස්වාමිවරු ලබයි. මේ ග්‍රහ දෝෂයට ද ගුරු බලවත්වීම මත එම දෝෂ තරමක් හෝ අඩුවී ශුභ තත්ත්වය උදාවීමට බලපානු ඇත. සිකුරු සඳු මකර රාශිගත වීමත් විවාහයට ශුභ නැත. මෙම ග්‍රහ දෙපළම යෝග වූ විට කාමාශා ඇති වේ. වයසක, මහලු ස්ත්‍රීන්ට පි‍්‍රය බව සිත් තුළ මතුවේ. මේ හේතුවෙන් ලස්සන තරුණ බිරිඳව අතහැර වෙනත් ස්ත්‍රීන් කරා යාමට බොහෝ පිරිමින්ට සිත් ඇතිවෙයි. නමුත් ගුරු බලවත් වීම හා සෙනසුරු කුම්භ රාශිගතව ඇති විට සිත දමනය කර ගනිමින් යහපත් සිතුවිලිවලින් සිත සනසා ගෙන සාමකාමීව සතුටින් ඉන්න බලයි.

සඳු, සිකුරු, අඟහරු එකට යෝග වීම සිදුව උපත ලබන ජන්මීන්ට බලවත් යෝනි ලිංග පිහිටීමත් විවාහ ජීවිතය දෙදරායාමට හේතු වෙයි. ග්‍රහ බලය කුමන තත්ත්වයක වුවත් සිත, කය, වචනය සංවර කර ගැනීම ඔබට පෙර පින් බලය ඉස්මතු කර ගැනීමෙන් වාසනාවන්ත විවාහ ජීවිතයක් ලබා ගැනීමට හිතේ සන්සුන්බව, සිත පිරිසුදු බව, කරුණාව අනෙකා වෙත ඇති ළෙන්ගතුකම දුක සැප බෙදා ගෙන එකට ජීවත්වීමේ අධිෂ්ඨානය ඇති වේ. අශුභ ග්‍රහ බලය පරදා යහපත් ජීවිත ගත කර ගැනීමට අධිෂ්ඨාන කරගත් විට විවාහ සාර්ථක වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.