ධනවත් වීමටම උපන් මුවසිරස නැකැත් හිමියෝ

මාර්තු 22, 2024

මුවසිරස නැකතින් ජන්ම දායාදය ලබා ඇත්නම් චින්තන විප්ලවයක් කළ හැකිය. කාටවත් පියවි දෑසට ගෝචර නොවන ගුප්තමය ක්‍රියාවන්හි නියැළුණු බලවත් චරිතයකි. ජීවිතයේ මුල් කාලයේ තරමක නිහඬ බවක් දැක්වූවන් මැදිවියට පත්වෙත්ම ඉතාම උද්වේගකාරි ප්‍රබල කෙනෙකු වේ. අනුන්ගේ ගුණදොස් විවේචනයට ගොස් නැති ප්‍රශ්න ඇතිකර ගනියි. වහා කිපේ. සමහර විට මානසික වශයෙන් ඇද වැටේ. වාද විවාදවලට නොයන තරමට යහපත්ය. මුවසිරස නැකත් හිමියා කල්පනා කළ යුත්තේ තමා ගැනම ය. එය සමහරවිට සහමුලින්ම තමා ගැනම සිතිය යුතුයි. එය ආත්මාර්ථකාමීකමක් නොවේ. වැඩි දෙනෙක් සිතන හැටිය.

තරමක දුබලකමක් වන්නේ තමා කරන වාද විවාදවලින් ජය ගන්නට අපහසුවී නම් එයින් ජය ගැනීමට උපක්‍රම යෙදීමයි. කිසිම තර්ජනයකට මොහු බිය නොවේ. මොහුව බය කිරීමට යත්න දැරීම වැඩක් නොවේ. කඩිසරයි. දක්ෂයි. මහා සංහිඳියාවක් ද වේ. නමුත් වරින්වර ඇතිවන හිතේ කෝපය දුර්වලකමකි. ඕනෑම රැකියාවක් කිරීමේ හැකියාව ඇත. සිරුර හා මනස මෙහෙයවා වැඩ කිරීමට ඉතාම සමත් වේ.

ඉංජිනේරු, තාක්ෂණ අංශයන්, වෛද්‍ය අංශයන් හෝටල් කර්මාන්තයේත් අතිදක්ෂ වේ. මුවසිරස නැකතින් උපන් විට සෑම අංශයකින්ම දක්ෂකම් ඇති කෙනෙකු වන්නේය. තරමක දුබලකමක් වන්නේ තනි තීරණ ගැනීමේදී අන්‍යයන් ගැන එතරම් සැලකීමක් නොදැක්වීම නිසාය. සාමූහිකව වැඩ කිරීමේදී තමාට අවාසි වන්නේ නම් එවිට වහා කිපෙනසුලුය. ප්‍රශ්න ඇතිකර ගැනීමට පෙලඹේ.

දියුණුවන්නට අතිශයින්ම උපක්‍රමශීලිය. කුඩා කල සිටම මිල මුදල් උපයා ගැනීමට මාන බලයි. සමහර විට මුවසිරස නැකත්කරුවන් සල්ලි එකතු කිරීම පටන් ගන්නේ ළමා කාලයේදීමය. මැදිවිය වන විට සෑහෙන පෝසතෙකි. ආර්ථික කළමනාකරණයට ඉතාම දක්ෂයි. ගනු මිස දෙනු නැත. මුදල්වලට මුල් තැන දෙයි. මොනර කොළ හඹායන ක්‍රමයක් ද වේ. හැම විටම තමා වැඩකටයුතු කරන්නේද මුදල් මුල්කරගෙනය. මුදල්වල නිසි වටිනාකම හරිහැටි හඳුනා ගනී. වියදම් කරන්නේ ඉතාම ප්‍රවේසමින්ය. විවිධ රැකියාවල් කිරීමට හැකියාව උපතින්ම පිහිටා තිබේ. වරින්වර තම රැකියා වහා වෙනස් කරන ක්‍රමයක් ද ඇත්තේය. නමුත් ආර්ථිකමය පැත්තේ කිසිම විටක අඩුපාඩු සාදා ගන්නේ ද නැත.

මුවසිරස ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයම උගත්කමට වඩා බුද්ධිමත්ය. අඩු අධ්‍යාපනයක් ලබා ඇතත් සමාජයේ කැපී පෙන්නේ උගතකු හැටියටයි.

මුදල් අංශයෙන් ද සලකන්නේ විශාල ධනපතියෙකු ලෙසය. තමාට උපතින්ම කිසිම හිමි දේපළක් නොලැබුණත් සිය උත්සාහයෙන් මැදිවියට පත්වන විටම දේපළ උපයා ගනී. මුවසිරස නැකත් හිමියා ඇසුරු කිරීමට පි‍්‍රයමනාප අයෙකි. නිතර විනේදයෙන් කතාබහ කරයි. උපහාසාත්මකව ද තැනට සුදුසු ප්‍රඥාවෙන් කතාබහ කරයි. අනුන්ට ඇනුම් පද නොකියයි. නමුත් මේ අතර ඔහුට හිත් රිදෙන අන්දමට කතා කළොත් නැති ප්‍රශ්න ඇතිවේ. රස කතා කීමට හරිම දක්ෂයි. මොහු සමඟ එක් රැයක් වුවත් සතුටින් උපදේශන හා හාස්‍ය සහිත වදන්වලින් පිරි කතාබහක යෙදීමට හැකි වේ.

සමහර විට මුවසිරස නැකත් හිමි අය ජීවිතය තේරුම්ගෙන පැවිදිබිමට හෝ බවුන් වැඩීමක නිරත වන බව ද පෙනේ. සිත් කියැවීම ද මනෝවිද්‍යාව හැදෑරීම ද වඩාත් නැඹුරු වන බවක් පෙනේ. සමහර විට විවාහ දිවිය ද පැවිදි පසුබිම් හරහා ගෙවීමට ගොස් යුගදිවිය අවුල් කර ගැනීමට ද සිදුවන බැව් පැහැදිලිය.

මුවසිරස නැකත හිමි අයෙකුගේ කේන්දරයේ 7 වැන්නේ ගුරු, ශනි වැනි ග්‍රහයින් යෝග වී ඇත්නම්, යෝගාවචර තත්ත්වයට ඓහලෞකික පැත්තට බරවීම නිසා විවාහය නීරස වේ.

මුවසිරස නැකත් හිමියන් විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමේදී ඔවුන් දෙලොවක් අතර අතරමංවීමක් වැනි දෙයකට මුහුණ පා සිටින බැව් ද පෙනේ. කෙසේ වෙතත් ඉතාම බුද්ධිමත්ය.

උගත්කමට වඩා බුද්ධියෙන් යුතුව ජීවිතයේ සෑම වැඩක්ම කරනු ඇත. කෘෂිකර්මය, වෙළදාම, ගොඩනැඟිලි කර්මාන්තය, ජලය ආශි‍්‍රත හා රන් රිදී මුතු, මැණික් ලෝහ වර්ග වෙළෙඳාම්වලට දක්ෂයි.

මුවසිරස නැකත් හිමියාට නොසිතු අන්දමට මානසිකමය පීඩනයන්ට ද මුහුණපෑමට සිදු වේ. සමහර විට බාහිර ගැටලු නිසා විය හැකිය.

කෙනෙකුගේ ඇපවලට අත්සන් කිරීම වැනි වැඩවලට ගොස් අමාරුවේ වැටේ. කොතරම් බුද්ධිමත් වූවක් අධික සංවේදීකම කැපී පෙනෙන ලක්ෂණයක් නිසා අනුන්ට අත්සන් කර තමා එකී මුදල් ගෙවීමට පවා සිදුවන අවස්ථා උදාවේ. ජීවිතය හරි යැයි තේරුම් ගැනීමට මේ භෞතික ලෝකයේ අපහසුවේ. නමුත් කෙසේ හෝ උගුල්වලින් ද බේරීමට හැකි බුද්ධියක් තිබේ.

කුඩා අවධියේදීම මුදල් උපයා ගැනීමට ඇති ආසාව නිසා සමහර විට තදබලම ඉගෙනීම් කටයුතුවලට දක්වන උනන්දුව හීනවේ. කෙසේ හෝ මූල්‍ය අංශයේ දියුණුව ඇති කර ගනියි. යුගදිවිය ද සාර්ථකත්වයට පත්වේ. නමුත් අපි මුලින් කතාබහ කළ දෙලොවක් අතර මනස මෙහෙයවීම නිසා ගැටලු ඇති විය හැකිය.

මේ නැකතින් කාන්තාවක් උපත ලබා ඇත්නම් ඇය ද සුරූපී දසුනක් වේ. එක්වරක් නොව කිහිපවරක්ම හැරි හැරී බලන ඇස් විවර වී තිබේ. කටහඬ ආකර්ෂණීයයි. ඕනෑම කෙනෙකු එයට වශී වේ. සිනහව ඊටත් වඩා මනස මුසපත් කෙරේ. අලංකාරයට වස්ත්‍ර අඳියි. නමුත් සලෙළුන්ට අත වනන ආකාරයට ඇඳුම් ඇඳීමත් සමහර විට ප්‍රශ්නවලටද මුහුණ පෑමට සිදු වන්නේය. ආගම දහමට ද කැමැතිය. කෙසේ වෙතත් උපක්‍රමශීලීව යුගදිවිය රසවත්ව ගෙවන්නීය.

වාසනාවන්ත දරුවන් ලබා ඇය ද වාසනාව ලබන්නීය. බාහිර පෙනුමට රැවටී පසුපස එන අයට පරාද වී පසුබැසීම සිදුවන වදන් ඇගේ දෙපැත්ත කැපෙන කඩුවකි. (අසිපතකි)

මුවසිරසෙන් මල්වර වූයේ නම් ඉතාම වාසනාවන්තයි. ගතිගුණ ඉතාම යහපත් වේ. දේව ආකර්ෂණය විශේෂයෙන්ම ලක්ෂ්මී බැල්ම ඇයට ලැබේ. කුලයට අධිපතිනියක් වන්නීය. විශාල ධන සම්පත් විවාහයෙන් ලැබේ.

මුවසිරස නැකතේ පළමු පාදය – දක්ෂයි. ධනවත් වේ. මිල මුදල්, සැප සම්පත් හිමි වේ.

2 පාදය – මිහිරි වදන් තෙපලයි. චතුර කතාබහ ඇත. මූල්‍ය අංශයේ දියුණුව ලබයි.

3 පාදය – පි‍්‍රයයන්ගෙන් පැසසුම් ලබයි. ධනවත් වේ. අන් අයගේ ප්‍රසාදය ඇති වේ.

4 පාදය – තරමක අයහපත් වන්නේ අධික කෝපය නිසාය. සතුරු කරදර ඇතිවේ. බිය ගෙන දේ.

මුවසිරස – අද සම්පත් වේ. පුෂ ක්ෂේම වේ. අස්විද සාධක වේ. උත්‍රපල් මෛත්‍රී වේ. රෙහෙණ පරම මෛත්‍රී වේ.

පුනාවස විපත් වේ. අස්ලිස ප්‍රත්‍යාරි වේ. බෙරණ විපත් වේ.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.