වසංගත රෝග වලින් මිදිය හැකි කෙම් ක්‍රම

ජූලි 17, 2020

ලෝකයේ ඉපැරණි ශාස්ත්‍ර අතර පළමුවෙන්ම හඳුන්වා දුන් ශාස්ත්‍රයන් හැටියට ලෙඩ රෝග ගැන විස්තර කරන ආයුර්වේදයත්, ග්‍රහතරු සම්බන්ධව පැහැදිලි කරන ඡ්‍යොතිර්වේදයත්  ගුප්ත කටයුතු ගැන විස්තර කරන ගුප්තවේදයත් වනවා.

මේ හැම ශාස්ත්‍රයකම කිසියම් විද්‍යා පදනමක් නැතිවා නොවේ. සමහර දේවල් සඳහා ඒ විද්‍යමාන පදනම හඳුනාගත්තා. සමහර ඒවා හඳුනාගෙන නැහැ. නමුත් ප්‍රතිඵලය සිදුවනවා. ගුප්ත ශාස්ත්‍රයේ ගුරුකම් බොහොමයක්ම එහෙමයි. ඒවායේ විද්‍යාත්මක මතය සොයන්නට උත්සාහ ගන්නෙත් නැහැ. පොඩි උදාහරණයක් වශයෙන් අපෙන් වෙන් වූ සෑම දෙනෙකුගේම කටහඬවල් මේ වායුගෝලයේ සැරිසරමින් තිබෙනවා. උත්සාහ කලොත් ඒ කටහඬ සොයාගත හැකියි. ඒ බව ළඟදී ලොව බලගතු රටවල් 2 ක් ප්‍රකාශ කළා. නමුත් ඒවා වලට කරන වියදම හා මහන්සිය වැඩි නිසා ඒවායේ පරීක්ෂණ අතහැර දමනවා. සමහර අය මළගිය අය ගෙන්වනවා කියල කරන නිවැරදි ක්‍රමත් ඒකමයි. තවත් උදාහරනයක් වශයෙන් කෙනෙකුට බස් එකේදී වමනය ආවොත් කිසියම් මන්ත්‍රයකින් රෙදි කැබැල්ලකට, ලේන්සුවකට මතුරා අත බැන්දාම වමනය නවතිනවා. ඒක වන්නෙ කොහොමද කියල හොයනවට වඩා ඊට කිසියම් බෙහෙත් පෙත්තක් දුන්නාම ඒ කාර්යය ඉටුවනවා. හැබැයි ඔය වෙලාවට බෙහෙත් පෙති හොයා ගන්න අමාරු අවස්ථා එමටයි. මොකද අනික රෝහල්, ඩිස්පැන්සරි පහසුකම් කිසිවක් නොමැති පළාත් එමට තවම ලංකාවේ තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. සර්පයෙක් දෂ්ඨ කරල රෝහලකට ගෙන යන අතරතුරේ කාලය හේතුකොට ගෙන රෝගියා ජීවිතක්ෂයට පත්වූ අවස්ථා එමටයි. කෙම් ගුරුකම් තිබුණ නම් පණ රැකගන්න තිබුණා තාවකාලික වශයෙන් වත් . අපි අහල තිබෙනවා එවකට විසාලා මහනුවර රෝග පැතිරි ගිය අවස්ථාවේදී එක්තරා පිරිත් දේශනා මහිමයකින් එය සුවකළ බවක්. එහෙමත් නැතිනම් පැතිරීම සීමා කළ බවක්. ඒවා ලොකු උදවිය පිළිගත්තත් ඒවා වලට නියම තැන දෙන්නෙ නැහැ.  ඒවා එසේ වුවත් එම ක්‍රම නැතිවූවායයි සිතන්න බැහැ. පාරම්පරික ඡ්‍යොතිෂයයි ගුප්තවේදයයි සමාන්තරව ඉදිරියට හෙමින් යන විෂයන් දෙකක්, තවත් අත්දුටු උදාහරණයක් කියන්නම්කෝ. කොළඹට නුදුරින් පිහිටි ප්‍රසිද්ධ රෝහලක. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පියාට ලොකු රෝගයක් හැදිල අවශ්‍ය ප්‍රතිකාර කළත් සුවයක් නැහැ. ඒ මහත්තයා යන්ත්‍ර පැලැඳීම විශ්වාස කරන්නෙත් නැහැ. බැරිම තැන ඒ මහතාට සිදු වුණා අබිසම්භිධානය යන්ත්‍රය පැලැන්දවීමට. 

ඒක නිවැරදිව හදලා ශරීරය ස්පර්ශ කරල දින 3 න් රෝගියාට සුව වුණා. දැන් ඒ වෛද්‍යවරයාට යන්ත්‍ර විශ්වාසය ඇති වුණා. එහෙම දේවලුත් තිබෙනවා. ගුප්තවේදයේ එක් ක්‍රමයක් තමයි කෙම් ක්‍රමය. කෙම් ක්‍රමයේදී අනුගමනය කළ යුතු විශේෂ එකක් තමයි කතා නොකර කිරීම. අනික මුදලක් නියම කරන්නත් බැහැ. දුන් පඬුරකින් සතුටුවන්ට ඕනෑ.ඔබ දන්නා ඇස්වහ කටවහ හැදුණු කෙනෙකුට ඒ ඇස්වහ කටවහ බිබිලි සුවකරන එක් ක්‍රමයක් තමයි. රවි දිනයකට අළුයම ළිඳකින් පෙරාගත් වතුර කළයකට ඇට ඇටි දමා කිසියම් ගාථාවකින් හෝ මන්ත්‍රයකින් මතුරා ඒ වතුරෙන් ලෙඩාගේ ශරීරය හෝදා හැරීමෙන් පසු කිසිදු තුවාල කැළලකින් තොරව සුවවනවා. 

තව ක්‍රමයක් තමයි, කතා කිරීමට අමාරු ගොත ගහන පාසැල් ළමුන් ඉරුදින අලුයම කතා නොකර කඩාගත් කැහිපිත්තන් වැලක් ගෙල පැලැඳීමෙන් ගොතය සුවවනවා. ඒ වගේ ක්‍රම රාශියක් තාම මේ පුංචි රටේ තිබෙනවා. ඔබට මතකද පුංචි දවස්වල ඔබේ ඇහැක ආපු නගනයක් සුව කරන්න අලුයම අවදි වූ අම්මා නර මුත්‍ර ටිකකින් ඔබේ ඇස පිස දැම්මා. පසුවදාම නගනය සුව වුණා. ඒ ඔබේ අම්මා ඒ කෙම දැන සිටි නිසා. මේ රෝගවලට බටහිර ප්‍රතිකාර නැතුව නොවේ. අලුයම ලෙඩේ සුව වනවා. හැබැයි කැළල හිටිනවා. කෙම් ක්‍රමයෙන් කැළලත් නැතිව යනවා. මේ කෙම් ක්‍රමවලට විද්‍යාත්මක පදනමක් ඇති. ඒවා හොය හොයා ඉන්නවට වඩා ලෙඩේ සුව කරල දමමු. හැම දෙයකටම පදනම හොයන ඇලජික් කාරයොත් නැත්තෙත් නොවේ. ඒ අය පදනම් හොය හොයා හිටපුදෙන්. අපි යහපත සලසමු කෝ. 

වසංගත රෝගවලට කවුද බය නැත්තේ. වසංගතය කිව්වේ පැතිරීමනේ. එක එක කාලයට මේ විශ්වයා නැත්නම් ස්වභාවධර්මයා රටට අනවශ්‍ය කොටසක්  ඉවත් කරනවා. බොහෝ දුරට ඒක පෙර භවයන් තුළ කරන ලද කුසලා කුසල වලට අනුරූපී වනවා. හැම කෙනෙක්ම මේ විශ්ව ශක්ති බලයට යටත් බව කිව්වනේ. ටික දෙනෙක් ඒක ගණන් ගන්නෙ නැතිව ජීවත්වනවා තමයි. මම හැමදාම කියන එකක්නේ කරන කලට පව් මීරිය මීසේ”  විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ” මේ වගේ රෝග වැලඳුනාම කීප දෙනෙක්ම දුකට පත්වනවා. එනිසා මෙවැනි බෝවෙන රෝග හැදුනාම ඒක තවත් කෙනෙකුට වැලැඳීම පැතිරීම වැළැක්වීම සඳහා අපේ සුබසෙත පාඨකයින් සඳහා කෙම් ගුරුකමක් ඉදිරිපත් කරන්න හිතුවා. මේ ගුරුකම අත්හදා බැලූ ඔබටම කරගන්න පුළුවන් එකක්. මේ කෙම් ගුරුකම සඳහා කිසිම මුදලක් අය කරන්න හොඳ නැහැ. ගුරු පඬුරක් වගේ ගත්තට කම් නැහැ. මිල කරන්න එපා. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.