අප්‍රේල් 29 වැනිදා සඳුදා කුජ-නැප්චූන් යුද වදී

අප්‍රේල් 26, 2024

 

ජලයාත්‍රා පෙරළීම, ගිලා බැසීම්, කඩා හැළීම් වැනි අාපදා බහුල විය හැකිය

 

අප්‍රේල් 29 සඳු දින (03) පෙරවරු 10.03ට සෙන්පති අඟහරු සමඟ නැප්චූන් අතර දැවැන්ත සටනක් ඇතිවන අතර එයින් නැප්චූන්ට ජය අත්වෙයි.

මෙහි ප්‍රතිපල ලෙස ශාස්ත්‍රීය විද්වද් සොයා ගැනීම් අංශවල දියුණුව ඇතිවුවද ජලයාත්‍රා පෙරළීම, ගිලා බැසීම්, කඩා හැළීම් වැනි විවිධ ආපදා බහුල විය හැකිය.

යානවාහන, යන්ත්‍රසූත්‍ර, ඉන්ධන, ජල, කාර්මික, කෘෂිකාර්මික අංශවල ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ තිබේ. ඝාතන වැනි කටයුතුවලට ද නැප්චූන් ඉඩ සලසයි.

අඟහරුගේ පරාජය ගැන සැලකිලිමත් වී සමස්ත ව්‍යාපාරික ජනතාව දෙස්විදෙස් ගනුදෙනුවලදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

සෙන්පති අඟහරුගේ පරාජය සිදුවන සමය ආරක්ෂක සේවා අවධානයෙන් කටයුතු කළ යුතු කාල සීමාවක් වනු ඇත.නැප්චූන්ගේ විජයග්‍රහණය උසස් රාජ්‍ය නිලධාරීන්ගේ අසහනකාරි මානසිකත්වයකට ද තුඩු දෙනු ඇත.

නවීන ව්‍යාපාරික ස්ථානයන්හි යන්ත්‍ර සූත්‍ර භාවිතය බහුල වී යාමෙන් ඌණ සංවර්ධිත රාජ්‍යයන්හි රැකියා ආදායම් මාර්ගවල ගැටලු ඇති විය හැකියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.