මරණය සිදුවන ක්‍රම දැක්වෙන ග්‍රහ යෝග

පෙබරවාරි 1, 2019

කෙනෙකු රාත්‍රී උපත ලබා සඳු , වෘෂභ රාශියේ 25 අංශකයේ ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි නොලබා කුජගේ අශුභ දෘෂ්ටිවලට ලක්වී හෝ සංයෝගවී සිටියදී ශුභ ග්‍රහයන් අටවැන්නේ නොසිටියේ නම් හිස කැපුම් ලැබීමෙන් මරණය සිදුවේ.

එක් එක් පුද්ගලයාගේ මරණය සිදුවන ආකාරය විවිධ වේ. එයට හේතුවන්නේ උපතේදී ලබා ඇති ග්‍රහ පිහිටීම්ය. ඒ අනුව හදිසි අනතුරු, ලෙඩ රෝග, සතුන් හේතු කොටගෙන සතුරු උවදුරු, ස්වභාවික හේතු ආදි නොයෙක් ක්‍රම වේ. එබැවින් මරණය සිදුවන ක්‍රම පිළිබඳ ග්‍රහයෝග කීපයක් විමසා බලමු.

ගින්නෙන් මරණය සිදුවන ග්‍රහ යෝග

කෙනෙකුගේ කේන්ද්‍රයේ මාරක ග්‍රහයෝ මේෂ , සිංහ, ධනු යන තේජෝ රාශිවල සිට දුර්වල වූයේද එම තැනැත්තා ගින්නෙන් පිලිස්සී මරණයට පත්වේ.

තවද වෘශ්චික රාශි ගත රවි සඳු දෙදෙනාගේ අශුභ දෘෂ්ටි සංයෝග ලැබූ කුජ ඇති විට හදිසියේ පිලිස්සීමෙන් මරණය සිදුවේ. ධනු රාශිගත රවි සඳු දෙදෙනාගෙන් කුජ අශුභ දෘෂ්ටි අශුභ සංයෝග ලැබූ කල ගින්නෙන් දැවී මරණයට හේතු වේ. කේන්දරයක අටවැන්න මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශියක් වී එහි කුජ සඳු දෙදෙනා සංයෝගව සිටියේ නම් ගින්නෙන් පිලිස්සී මරණය සිදුවේ. කේන්දරයේ හත්වැන්න කටක රාශිය වී එම හත් වැන්නෙන් ලත් අශුභ දෘෂ්ටි අශුභ සංයෝග වලින් රවි කුජ දෙදෙනා පීඩාවට පත්වූ කල දසවැන්නද මේෂ, සිංහ, ධනු යන රාශියක් වී නම් ගින්න හේතුවෙන් මරණය සිදුවේ.

යම් කෙනෙකුගේ කේන්දරයේ කුජ, වෘෂභ, වෘශ්චික රාශියක අශුභ දෘෂ්ටි ආදියෙන් දුර්වලව සිටී නම් සහ කුජට රවි, සඳු දෙදෙන සප්තම වී නම් ගින්නෙන් මරණය සිදුවේ.

කැපීමෙන් කෙටීමෙන් මරණය සිදුවන ග්‍රහයෝග

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී වාස්තු උපදේශක

යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත විජේසේන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.