මාර්තු 14 වැනිදා රවි මීනයට ලග්න නවයකට ජය නියතයි

මාර්තු 15, 2024

 

මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයි

මේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ, මීන යන ලග්න නවයට සුවිශේෂ සුබ වාතාවරණයක් ඇති කරමින් රවි ග්‍රහයා මීන රාශියට ගමන් කරයි.

මේ රාශි උදාව සිදු වන්නේ මාර්තු 14 ගුරු දින දහවල් 12.36ට වන අතර එහි බලපෑම අපේ‍්‍රල් 13 වැනිදා රාතී‍්‍ර 09.05 දක්වා පවතිනු ඇත.

එමෙන්ම මේ දින 30 ක කාලය තුළ ද කෝණ මාසය උදා වෙයි. කෝණ මාසය මංගල කටයුතු සහ නිවාස ඉදි කිරීම් වැනි සුබ කටයුතු සඳහා යොදා නොගැනෙන බව ඡ්‍යොතිෂයේ පිළිගැනීමයි.

කෙසේ වෙතත් මේෂ, කටක, තුලා, මකර රාශි සතරට රාජ යෝග උදා වේ. ජනප්‍රසාදය උසස් වීම ගෙන දෙයි. සෞභාග්‍යමත් ජීවිතයකට මඟ පෑදෙයි.

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ, රාශි සතරට සස යෝග බලය ගෙන දෙනු ඇත. උත්සාහය, උනන්දුව, තීව්‍ර වෙයි. කීර්ති, ප්‍රශංසා ගලා එයි.

ගජකේශරී රාජයෝගය රාශි දොළසටම ඓශ්චර්ය සර්ව සෞභාග්‍ය ළඟා කෙරෙමින් උසස්ම දියුණුවට පාත්‍ර වී යාමට හේතු වෙයි.

වෙශී වොශී උභයචාරි යෝගයෙන් සියලු කාර්යය භාරයන් දියුණු වෙයි. සර්වජන ප්‍රසාදය ළඟා කෙරෙයි.

එහෙත් නීච, බුධ, අප්‍රේ‍්‍රල් 02 වක්‍ර වීමෙහි ස්වභාවයකටද තුඩු දෙන බැවින් භෞතිකමය ආකල්ප මත යම් යම් අවහිරතා ද ඇති විය හැකිය. හේතුව විශ්ව සෞරග්‍රහ මණ්ඩලය මැදින් මහටද රාශි චක්‍රයෙහි අවසාන භාගයටද තුඩු දුන් වසන්ත සමයෙහි බිහිසුණු බවක්ද භෞතිකව නිවේදනය කිරීමයි. යම් තරමක හෝ නිවුණු බවක් සමස්ත ලෝකවාසී මනුෂ්‍ය ප්‍රජාව අනුගමනය කිරීම අතිශය වැදගත් වෙයි.

උදා රාශි මිථුනයෙහි 08 -10 ස්ථාන අතිශය දුර්වලතාවයටද පාත්‍රව ඇත. කේතු මූඪව 04 වැන්නේය. එබැවින් පාලක පක්ෂයෙහි ආරක්ෂාවට මීන රවියෙහි පැවැත්ම ශුභවාදී වෙයි. විශ්ව මේෂ රාශී ග්‍රහ සටහනට අනුව 06 -12 වැන්න දුර්වල වෙන අතර, ශ්‍රී ලංකා රවි හිමි සිංහ රාශි ජනරජ රාශි සටහනට අනුව 06 -08, 02 වැන්න දුර්වල බවක් පෙනී යන්නේය. එහෙත් ආලෝක ග්‍රහයන් සුබවාදීව ප්‍රාණවත්ව යෙදී ඇත. සමස්ත ලෝකවාසී සත්ත්ව සංහතිය අතරෙන් මනුෂ්‍ය ප්‍රජාව මානුෂිකත්වය මත පදනම් වූ තරමට අශුභවාදී අපල උපද්‍රව දුරුකොට සුබවාදී ලෙස ජීවත් වීමේ භාග්‍යය ද උදාවෙනු ඇත. එසේ නොවුණහොත් තේජෝ ධාතුව කිපී අශුභවාදී ග්‍රහ කිරණට හසුවිය හැකිය.

ලොව පුරා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් අතර මතභේද අබිරහස්, කුමන්ත්‍රණ ගැටුම්කාරී වර්ජන ආදි යම් යම් හැලහැප්පිලි දෘශ්‍යමාන කෙරෙයි. බුද්ධිමත්ව දූරදර්ශීව ජීවත් වීම අතිශයෙන්ම වැදගත් වෙයි.

මේෂ ලග්නය

දුර බැහැර ගමන් බිමන් බහුල වෙයි. ආර්ථිකය තර වෙයි. රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව සතුටු දායක බවක් ගෙන දෙයි. පදිංචි නිවාසය, භූමිය පිළිබඳ ප්‍රශ්න නිතර සිතනු ලැබෙයි. ඔබ ලබා ඇති රුචක යෝග බලය උසස් දියුණුවකට පත් වන්නට ඔබට ඉඩ සලසයි. එහෙත් සතුරන් බහුල කාලයක් වෙයි. තැන්පත් ධනය, දේපළ, වස්තුව ආශි‍්‍රතව හැලහැප්පිලි මතු විය හැකිය.

වෘෂභ ලග්නය

සස යෝග බලය, උදාව පවතිනු පෙනී යයි. ඔබ හට භාග්‍යය, වාසනාව උදාවන ආරම්භ කළ කටයුතු දියුණු තත්ත්වයකට පත්වන කාලයකි. ප්‍රමාද වූ සියලු කාර්යයන් සාර්ථකත්වයට පත් වෙයි. අධ්‍යාපන, රැකියා ව්‍යාපාර, දෙස් විදෙස් ගමන් බිමන් උසස් දියුණුවකට පත්වෙයි. පවුලේ ඉදිරි දියුණුව සඳහා නවතම කටයුතු රැසක් යෙදෙයි.

මිථුන ලග්නය

ලැබීම්, අමතර ආදායම් මාර්ග ගණනාවක්ම සතුටුදායක බවක් ගනු ලබයි. උසස් ප්‍රභූ ජනයාගෙන් ආශීර්වාදය ලැබෙනු ඇත. ඉතා ළඟ හිතවතෙකුට හෝ ඥාතියෙකුට ප්‍රබල විපත්තියකට හේතු සාධක යෙදෙයි. වාණිජ ව්‍යාපාර සාර්ථකත්වය කරා තුඩුදෙනු ඇත. භාග්‍යමත් කාල පරාසයක් යෙදෙමින් පවතියි.

කටක ලග්නය

රුචක යෝගය 07 වැන්නෙහි යෙදී ගජකේෂරී යෝග බලය 10 වැන්න වූ කර්මස්ථානගතව ඇත. 07,09,10 ආලෝක ග්‍රහ බලය ද 08,09,10 භාව ස්ථාන ආලෝක ග්‍රහ තාරකා බලය ද යෙදී ඇත. පවුලේ උදවිය කෙරෙහි සතුරු බලවේග මෙන්ම නෛතික ප්‍රශ්න ගැටලු බලපෑ හැකිය. කළමනාකරණයෙන් යුතුව කටයුතු කිරීම ශුභවාදී ජීවිතයකට මඟ අත් කරදෙයි.

සිංහ ලග්නය

සස යෝග බලය 07 වැන්නටද 09 වැන්නට ගජකේෂරී යෝග බලයද 06,08,09 ආලෝක ග්‍රහබලයද ප්‍රබලව යෙදී ඇත. 07,08,09 කෙරෙහි වෙශී වොශී උභයචාරී යෝග බලයද උදාවෙමින් පවතිනු ඇත. බාධක අවහිර දුෂ්කරතා 02,06,08,10 භාව ස්ථාන අනුව යෙදී ඇතත් ජීවන කටයුතු සහ ආදායම් මනාව කළමනාකරණය කිරීම මත වාසනාව දියුණුව උදාවනු ඇත.

කන්‍යා ලග්නය

08 වැන්නෙහි යෙදී ඇති ගජකේෂරී යෝග බලය පෙර පින් සහ උත්සාහය, උනන්දුව මතු කරන අතර දියුණුව ලැබීමට ද හේතු ගෙන දෙන්නේය. වෙශී වොශී උභයචාරී යෝග බලය 06,07,08 භාව ස්ථාන අනුව සතුටුදායක බවක් නිරූපණය කෙරෙයි. එහෙත් පවුල් ජීවිතයෙහි ආකුල ව්‍යාකූල බවක් පෙනී යන බැවින් කල්පනාකාරී වන්න.

තුලා ලග්නය

තැන්පත් වස්තුව නෑදෑ හිතවතුන් ආශි‍්‍රතව අර්බුදකාරි බවක් උදාවෙනු පෙනී යයි. 04,06,07 ආලෝක ග්‍රහ කිරණ ශුභවාදීව පදිංචි ස්ථානය, භූමිය ආශි‍්‍රතව යෙදී ඇත. රුචක යෝග බලය රැකියා ආදායම් මාර්ග කෙරෙහිද බලපා ඇත. පවුල් ජීවිතය, සබඳතා විවාහ මංගල කටයුතු ආශි‍්‍රතව ගජකේෂරී යෝග බලය යෙදී ඇත. මේ සියල්ල නිසා ජීවිතයේ හැම පැතිකඩකම සතුටුදායක බවක් පෙනී යන්නේය. එබැවින් උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු කිරීම ඔබට ශුභවාදී වෙයි.

වෘශ්චික ලග්නය

සස යෝග බලය 04 වැන්නෙහි යෙදී දේපළ වස්තුව කෙරෙහි ගජකේෂරී යෝග බලය 06 වැන්නේ ද යෙදී ඇත. 03,05,06 යන භාව ස්ථාන ආශි‍්‍රතව ආලෝක ග්‍රහ තරු ශුභවාදී කිරණද යෙදී ඇත. වෘශ්චික රාශි හිමියනට භාග්‍යයවත් කාලපරාසයකි. රැකියා ආදායම් මාර්ග, නිදන් වස්තු මැණික් ලාභ, සහ තෑගි ඔප්පු, ආදිය ලැබීමට ශුභදායක කාලයෙකි. ප්‍රමාද වීම්, නොලැබීම් යෙදේ නම් ඒ ස්ථානගත භූමිගත දෝෂයන් විය හැකිය.

ධනු ලග්නය

ගජකේෂරී යෝග බලය, 05 වැන්නේද 02,04,05 ආලෝක ග්‍රහ කිරණ බලය ද 03,04,05 හි වෙශී වොශී උභයචාරී යෝග බලයද යෙදීමෙන් ග්‍රහචාරය සතුටුදායක බවක් පෙනී යන්නේය. සාර්ථක ජීවන පසුබිමක් යෙදී ඇත. ප්‍රමාද වීම්, නොලැබීම් යෙදේ නම් ඒ උත්පත්ති ග්‍රහ දෝෂයන් නිසා විය හැකිය.

මකර ලග්නය

මකර රාශිගත රුචක යෝග බලය 04 වැන්නෙහි ද ගජකේෂරී යෝග බලය සහ 02,03,04 යන භාවස්ථානයන් ආශ‍්‍රිතව වෙශී වොශී උභයචාරී යෝග ද යෙදී ඇත. ආලෝක ග්‍රහ කිරණ බලයද ප්‍රබලව උදාව ඇත. පදිංචි ස්ථානය භූමිය ආශි‍්‍රතව මෙන්ම ජීවන වෘත්තිය ද සතුටුදායක විය යුතුව ඇත.

කුම්භ රාශිය

සස යෝග බලය ලග්නගතවද 01,02,03 භාවස්ථාන වෙශි වොශී උභයචාරී යෝග බලයද යෙදී 02,03, 12 භාවස්ථානගතව ආලෝක ග්‍රහ කිරණ යෝග බලයද 03 වැන්න වික්‍රමස්ථානගතව ගජකේෂරී යෝග බලය ද යෙදී ඇත. රැකියා අදාායම් මාර්ග දියුණුව ගෙන දෙයි. බාධක අවහිරතා මෙකී කාලපරාසය තුළ යෙදේ නම් කර්ම, ශර්ප අමනුෂ්‍ය වින බන්ධන දෝෂයන්හි බලපෑම විය හැකිය.

මීන ලග්නය

උච්ච කුජ 11 වැන්න වූ අයස්ථානගතවද 02 වැන්න වූ ධනස්ථානගතව ගජකේෂරී යෝග බලයද 01,02, හි වෙශී වොශී උභයචාරී යෝගයද ප්‍රබලව යෙදී ඇත. නිධන් වස්තු, මුතු, මැණික් රත්රන් ප්‍රතිලාභ ද හිමි විය යුතුව ඇත. 01,02,11 ආලෝක ග්‍රහ කිරණද භාග්‍ය වාසනාව ළඟා කෙරෙන සුලු වෙයි. එසේ නොවේ නම් ජන්මපත්‍රයට අනුව බලා නිසි සෙත් ශාන්ති කටයුතු කර ගැනීම යහපත් වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.