ග්‍රහ යුද්ධ-යෝග රැල්ල සමඟ උදාවන අලුත් අවුරුද්දේ ලග්න නවයකට සෞභාග්‍යය උතුරයි

ලග්න තුනකට මිශ්‍ර පල
අප්‍රේල් 5, 2024

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31 භාග මේෂ රාශිය, මේෂ නවාංශකය, බක්මහේ පුර සැටවක තිථිය අප්‍රේල් 13 රාත්‍රී 09.05ට ග්‍රහ යෝග රැල්ලක් මඟින් සියලු ලග්න හිමියන්ට සුබපල හිමි කරනු ඇත.

ඒ අනුව පංචමහා පුරුෂ යෝග අතරින් සස යෝගය වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ටද මාලවී යෝගය මිථුන, කටක, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ටද අනෙක් සියලු ලග්නවලට මයුරපාල, මහෞෂධ, ජය ආදි යෝග රැසක් ද මඟින් සෞභාග්‍යය උදා වනු ඇත.

රජයට මහජන ආශීර්වාදයද ජනතාවට සහන රැසක් උදාවීමද මඟින් අවුරුදු උදාවෙන් පසු සියල්ලන්ට සෞභාග්‍යය ද උතුරයි

විදෙස් රාජ්‍ය, යාන්ත්‍රණවලින් ප්‍රසාදය ද ව්‍යවස්ථාදායකයේ නවතාවයක් ද සමඟම රාජ්‍ය සේවක සේවිකාවනට සම්මාන ලබාදීම ඇතුළුව සුවිශේෂී දීමනා රැසකට භාග්‍යය ලබනු ඇත. ජන ජීවන රටාව ක්‍රමවත්වීමට ආලෝක කිරණ සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදී යන අතර දිවයින පුරා විජයග්‍රාහී හැඟීමක් මතු කෙරෙනු ඇත.

 

මේෂ ලග්නය

සදාචාරාත්මක, ධාර්මික පසුබිමක් මේෂ ලග්න හිමියන්ට උදාව ඇත. සංස්කෘතික කලා කටයුතුවලට නැඹුරු වන කාලසීමාවකි. කාර්මික කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ද නැඹුරු වෙයි.

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන්ගේ 10 වැන්න වූ කර්මස්ථානය ප්‍රබලත්වයට පාත්‍රව ඇත. මෙකී ග්‍රහචාරය සමඟ ව්‍යාපාරිකමය රැකියා කටයුතු බොහෝ දුරට දියුණු වෙයි.

 

මිථුන ලග්නය

මේ කාල සීමාවේ ඔබගේ සිතැඟියාවන් මල්පල ගැන්වෙන බවක් විද්‍යමාන වෙයි. අන්‍යයන් සමඟ සමඟියෙන් සුවිශේෂී බවකින් යුතුව කටයුතු කරනු ඇත. 01, 09, 10, 11 ස්ථාන ප්‍රබලත්වයට නැඹුරු වන අතර සිත තුළ සාමය සමඟිය පැතිර යයි.

 

කටක ලග්නය

කුජ ශනි යෝගය 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතයි. 09 වැන්න වූ භාග්‍යස්ථානගතව නීච භංග රාජයෝග උදාවද සමඟ 10 වැන්න වූ කර්මස්ථානගත ග්‍රහචාරයද අනුව සුබාසුබ දෙකින් ග්‍රහචාරය යෙදී ඇති බැව් පෙනී යන්නේ ය. උසස් ආර්ථිකයකට ඉඩ හසර විවිර වනු ඇත.

 

සිංහ ලග්නය

07 වැන්නෙහි සස යෝග බලය මෙන්ම 08 වැන්න වූ මෘත්‍යුස්ථානගතව නීච භංග රාජ යෝගය ද චන්ද්‍රයා 11 වැන්න වූ අයස්ථානගතව ද යෙදී ඇත. මේ අනුව සිංහ ලග්න හිමියන්ගේ රැකියා ආදායම් මාර්ග මෙන්ම සමාරම්භක කාර්ය භාරයන් බොහෝ දුරට ඉතා සාර්ථක බවට පමුණුවා ගත හැකිය. විවිධ ආදායම් මාර්ග රැසක්ම සාර්ථක වනු ඇත.

 

කන්‍යා ලග්නය

රෝග සතුරු බලවේග වර්ධනය වීමෙහි ප්‍රවණතාවයක් ඇත. එහෙත් සබඳතා, විවාහ මංගල කටයුතු 07 වැන්නෙහි යෙදී ඇති නීච භංග රාජයෝගයෙන් උසස් බවට පාත්‍ර වෙයි.උත්සාහය, උනන්දුව දියුණුවෙයි. 06, 08, 10 භාවස්ථානගතව ආලෝක ග්‍රහචාරය උසස් බවකට පත්ව ඇත. මේ කාල සීමාවේ කන්‍යාලග්න ජන්මියා ජීවිතයෙහි විවිධත්වයක් මත අරමුණු කරා යොමු වන බවක් පෙනෙයි.

 

තුලා ලග්නය

කුජ, ශනි යෝග බලය 05 භාවයෙන් ද නීච භංග රාජ යෝග බලය 06 වැන්නේ ද රවි ගුරු බලය 08 වැන්න තුළින්ද විද්‍යමාන වෙයි. මේ අනුව උසස් ජනදිවියකට මඟ සැලසෙන උදාර බවක් දෘශ්‍යමාන වෙයි. බොහෝ දුරට ඔබගේ අදහස් බලාපොරොත්තු සාර්ථක කෙරෙනු ඇත. දෙස් විදෙස් සංචාරක කටයුතු යෙදී ඇත්නම් ඒවා සාර්ථක වෙයි.

 

වෘශ්චික ලග්නය

මෙහි 4 වැනි භාවයෙහි කුජ ශනි යෝගවද සස යෝග බලය ශනි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ වීමෙන්ද 05 වැනි භාවගත නීචභංග රාජ යෝගයෙන්ද අනූනව මේ කාල සීමාව භාග්‍යවත් බවක් පෙන්නුම් කරයි. උසස් ආධ්‍යාත්මික දියුණුවකට මඟ සැලසෙන කාලයකි. සමාජගත අවබෝධය, ජීවන රටා, සංකල්පය කෙරෙහිද විශේෂිතව අවධානය යොමු කරයි.

 

ධනු ලග්නය

කුජ, ශනි සුසංයෝග බලය 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද 06 වැන්නෙහි නීච භංග රාජ යෝගයද රවි, ගුරු, යුරේනස් බලය 05 වැන්නේ ද සඳු 07 වැන්නේ ද යෙදීම ආධ්‍යාත්මික හා බාහිර දියුණුව කෙරෙහි බලපා ඇත. අන්‍යයන් පිළිබඳ අවබෝධයත් ඉතා විශිෂ්ට වීමෙන් සබඳතා සාර්ථක කෙරෙයි. යුගදිවිය සාර්ථක කෙරෙනු ඇත. උසස් දියුණුවකට භාග්‍යය මතු වේ.

 

මකර ලග්නය

කුජ ශනි සුසංයෝගය 02 වැන්නේද ශනි 02 වැන්නෙහි ලග්න ගත ඒරාෂ්ටකවීම ද 03 වැන්න වූ වික්‍රමස්ථානගතව නීච භංග රාජයෝගයද රවි, ගුරු, යුරේනස් ග්‍රහබලය 04 භාව ගතවද යෙදී ඇත. රෝග සඳහා හේතු වේ. රැකියා ආදායම් මාර්ග පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුව ඇත.

 

කුම්භ ලග්නය

කුජ ශනි සුසංයෝගය මෙන්ම සෙනසුරු ලග්නගත ඒරාෂ්ටකය ද පංචමහා පුරුෂ යෝග අතරින් 01 භාවස්ථානගතව සස යෝගය ද යෙදී ඇත. අධ්‍යාපනය, සබඳතා, විවාහය ආදිය පිළිබඳ බලාපොරොත්තු ඇති කෙරේ. ස්ථිරසාර අපේක්ෂාවන් රැසක්ම සාර්ථක කෙරේ. ඒ අතර ප්‍රභූ ජනයා ඇසුරට ලක් වේ.

 

මීන ලග්නය

කුජ, ශනි සුසංයෝගය සමඟ සෙනසුරු ලග්නගත ඒරාෂ්ටකය 12 භාවගතවද නීච භංග රාජ යෝග බලය ලග්නගතවද රවි ගුරු යෝග බලය 02 වැන්න වූ ධනස්ථානගතවද යෙදී ඇත. චන්ද්‍රයා 04 වැන්නේ ය. පදිංචි භූමිය සාරවත් කෙරෙයි. දාර්ශනික සිතිවිලි ඇතිවෙයි. සතුටුදායක සමයෙකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.