22 දෙර්කාණාධිපති ජීවිතයට බලපාන හැටි

ජූලි 12, 2019

යම් කෙනෙකුගේ ජන්ම කේන්දරයක් පරික්ෂා කිරීමේදි රාශිය , හෝරාව, නවාංශකය , ද්වදශාංශකය, ත්‍රිංශාංශකය මෙන්ම දෙර්කාණය ඉතා වැදගත් ය.

දෙර්කාණයක් යනුවෙන් හඳුන්වන්නේ ලග්නයෙන් තුනෙන් කොටසකය. දෙර්කාණයට නවාංශක තුනක් අයත් වේ. ජන්ම කේන්ද්‍රයේ භාව 12 තුළ දෙර්ක්ාණ තිස් හයක් ඇත.

ලග්න රාශිය තුනට බෙදා එහි පළමු කොටස ප්‍රථම දෙර්කාණය වශයෙන්ද එහි අධිපති ලග්නාධිපතියාද වන අතර දෙවන කොටස දෙවන දෙර්කාණය වන අතර එහි අධිපති ලග්නයෙන් පස්වැන්නාධිපතියා තෙවන කොටස තුන්වන දෙර්කාණය වන අතර එහි අධිපති ලග්නයෙන් නවවැන්න අධිපතිය.

කෙනෙකු කුමන ලග්නයක හෝ පළමු දෙර්කාණයෙන් උපත ලැබුවේ නම් එම තැනැත්තාගේ 22 දෙර්කාණාධිපති වන්නේ අටවැන්න අධිපති ග්‍රහයාය. දෙවන දෙර්කාණයෙන් උපත ලබා ඇත්නම් 22 දෙර්කාණාධිපති වන්නේ දොළොස්වැන්නාධිපති ග්‍රහයාය. තුන්වන දෙර්කාණයෙන් උපත ලැබුවේ නම් 22 දෙර්කාණාධිපතිවන්නේ ලග්නයෙන් සිව්වැන්න අධිපති ග්‍රහයායි.

කේන්දරයක ඇති දෙර්කාණ 36 න්ම අපල ඇතිකරන ග්‍රහයා වන්නේ 22 දෙර්කාණාධිපතිය. 22 දෙර්කාණාධිපතිට අයත් ශරීර ස්ථානවල සහ එම ග්‍රහයා සිටින භාවයට සම්බන්ධ දේවල් පිළිබඳවද යම් යම් බාධක කරදර ඇති කරයි.

මේ නිසා ජන්මීන්ට එක් එක් ග්‍රහයා 22 දෙර්කාණාධිපතිවූ කල ඇති කරන ඵල විපාක පිළිබඳව කරුණු විමසා බලමු.

රවි 22 දෙර්කාණාධිපති වූ විට

රවි උෂ්ණාධික ග්‍රහයෙකි. රජයට, රජයේ උසස් නිළධාරින් නියෝජනය කරයි. පීතෘකාරක ග්‍රහයාද වේ. මේනිසා පියාගෙන් සහ රජයෙන්ද ප්‍රයෝජන නොලැබේ. අන් අය අතර හිරු ගරු නො ලැබේ.වාචාල ලෙස කථා කරයි. හොර චපල සිතක් ඇතිවේ. රවි 22 දෙර්කාණාධිපති වී හත්වැන්නේ සිටීමෙන් ලිංග ස්ථානයේ උෂ්ණ රෝග සාදයි. සහකරු හෝ සහකාරිය හිසේ අමාරුවලින් පසුව මහජන අප්‍රසාදයට පත්වේ. අහංකාර කෙනෙකු කරයි.

සඳු 22 දෙර්කාණාධිපති වූ විට

රාත්‍රී උපන් අයට සඳු, මාතෘකාරක වේ. සිතට අධිපතිය. ජලයට මෙන්ම සෙමටද බලපායි. සඳු 22 දෙර්කාණාධිපතියා වූ අය සිතේ භය ගතිය චංචල ගතිය ඇති අය වේ. ස්ත්‍රින්ගේ ඔසප්වීම පිළිබඳව අඩු වැඩි ආදි වෙනස්කම් කෙරේ බලපායි. දර්ශන ශාස්ත්‍රාදි ගැඹුරු දේ අවබෝධ කර ගැනීමට අපහසු වේ. සඳු 22 දෙර්කාණාධිපති වීම නිසා අභ්‍යන්තර ශරීර ශක්තිය අඩුවේ. දුර්වල අයෙකු වේ. ලිංගික දුර්වලත්වය ඇතිවේ. විවාහ ජීවිතය අඩ දබර මැද ගෙන යාමට සිදුවේ. සහකාරයාට හෝ සහකාරියට හෝ යටත් වේ. සඳු 22 දෙර්කාණාධිපති වශයෙන් හත්වැන්නේ සිටීමෙන් සහකරු හෝ සහකාරිය හෝ සෙම් අමාරු පීනස් අමාරු ආදියට ගොදුරු වේ. වගකීමෙන් තොරවන අතර චපල ගති ඇතිවේ. මානසික දුර්වලතාවය සහ අවිශ්වාසය සිත තුළ බලපවත්වයි.

කුජ 22 දෙර්කාණාධිපති වූ විට

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී වාස්තු උපදේශක

යාන්ත්‍රික ඉංජිනේරුී

නිශාන්ත විජේසේන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.