සෙන්පති කුජ සිකුරු සමඟ ගැටේ

අගෝස්තු 23, 2019

ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයාත් සෙන්පති වූ අඟහරු ග්‍රහයාත් රවිට අයත් වූ සිංහ රාශියෙහි මා නැකතේ තුන්වන පාදයෙහි ගමන් කරමින් සිටියෙදී 2019 අගෝස්තු මස 24 වන ශනි දින එකම අංශකයකදී ග්‍රහයින් දෙදෙනා ගමන් කරමින් එකිනෙකා අභිබවා යාමට උත්සාහ දැරීම නිසා අඟහරුත් සිකුරුත් පිඩාවට පත්වීමක් වනු ඇත.

අඟහරුත්, සිකුරුත් පීඩාවට පත්වෙමින් සිංහ රාශියෙහි සිදුවන ග්‍රහ යුද සංග්‍රාමය තුළින් විදේශීය රටක ලෝ ප්‍රසිද්ධ රංගන ක්ෂේත්‍රයේ නියැලි නළුවකුට හෝ නිළියකට මාරකයක් යෙදෙනු ඇත. රංගන ශාලාවක්, සමාජශාලාවක් ආශි‍්‍රතව අශුභ සිදුවීම් ද හදිසි පීඩාවක් ද වාර්තාවනු ඇත. අප රට තුළ මහජනයාගේ සෞඛ්‍ය පිරිහෙමින් වසංගත රෝග පැතිර යන කාලයක් ද වේ. මහජනයා අතර අසත්‍ය පුවත් කට කතා මඟින් පැතිර යන කාලසීමාවකි.

මෙරටට නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන වීමක් ද සිදුවන කාලයක් බැවින් අදාළ බලධාරීන් අවධානයෙන් සිටිය යුතු කාල සීමාවක් වනු ඇත.

ඡ්‍යොතිෂවේදී- 
රේණුක වික්‍රමසිංහ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.