ජනවාරි 07 යෝග පොකුරක් සමඟ ඥානකාරක බුධ ධනු රාශියට

දෙසැම්බර් 22, 2023

 

සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සස යෝග බලයෙන් සැප සම්පත්

මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝග බලයෙන් ධන වාසනා

වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර, කුම්භ, මීන රාශි හිමියනට සත්කළත්‍ර යෝග බලයෙන් පී‍්‍රතිය හා සතුට

බුධ-ධනු රාශිගතවීමෙන් සේවක පක්ෂයට සහන රැසක්

කෘෂිකාර්මික-කාර්මික සංවර්ධන රැල්ලක්

2024 ක් වූ ජනවාරි 07 රිවිදින රාත්‍රී 08.50 ට බුධ ග්‍රහයා සුරගුරු හෙවත් බ්‍රහස්පති හිමි ධනු රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය. ජනවාරි 02 පෙරවරු 08.39 ට නිවෘත වූ බුධ අතිශය දුර්ලභ ප්‍රශස්ත ග්‍රහ යෝග පොකුරක් මෙහිදී පෙන්වා දී ඇත.

වෛද්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, ගුප්ත විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි සුබසෙතට කරුණු යෙදේ.

ඥානකාරක බුධ ධනු රාශි ගතවීමෙන් සේවක පක්ෂයට සහන රැසක් උදාවෙයි. කෘෂිකාර්මික කාර්මික සංවර්ධන රැල්ලකට ශුභවාදී ග්‍රහමාරුවකි. ආලෝක ග්‍රහයන් දෙදෙනෙකු අතරට බුධ ආධිත්‍ය නම් වූ ගුණාත්මක යෝග බලය ද ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝග බලය ද ලැබීමෙන් එහි ප්‍රතිඵල වඩාත්ම කැපී පෙනෙණු ඇත.

2024 නව අවුරුදු උදාව ජවබල සම්පන්නව වැඩ කරන ජනතාවට 01, 05, 09, 07, 04 භාවස්ථාන ප්‍රබල කරවමින් සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සසබල යෝග උදාවද යෙදී පූර්ණ ජවබල සම්පන්න බවක් ග්‍රහණය කෙරෙනු ඇත.

එහෙත් ගිනි ගැනීම්, ගිනි තැබීම්, ගිනිකඳු පිපිරීම් ආදිය ඇතිවීමට හේතු කාරණා යෙදෙයි. පතල් කඩා බිඳ වැටීම් ගොඩනැඟිලි පොදු ආයතනය, විපතට තුඩුදීම, පාරිසරික විපත් ඇතිවන හෙයින් සොබාදහමට විරුද්ධව කටයුතු කිරීමෙන් දුරස්ථව ජීවත්වීම වැදගත් වෙයි.

බුධ ආධිත්‍යය යෝගය සමඟ ආලෝක ග්‍රහබලය ද රාශි දොළසටම ශුභවාදී දිවිමගට ආශිර්වාදය ගෙනදෙයි.

සසයෝගය උදාවන ලග්නවලට දස, දාසාදී පිරිවර සම්පත් ද රාජ රාජා මහා මාත්‍යයනට ගමක නගරයක ජනප්‍රධානත්වය ලැබෙනු ඇත. ධර්මය රුචි කෙරෙයි. දැන උගත්කම් ලැබෙයි. කීර්ති ප්‍රශංසා ගලා එයි. ධනය බලය උතුරයි. අන්සතු වස්තු සම්පත් කෙරෙහි ගිජුවෙයි.

මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝගබල ගෙනදෙයි. ධනවන්ත ගුණවන්ත උදවිය ලක්ෂ්මී යෝග බලයෙන් ප්‍රබලයෝ වෙති. ඔවුනට උත්තරීතර හැඟීම් පිහිටා ඇත. මනා වූ රූප සම්පත්තියෙන්ද පී‍්‍රතිමත් දිවිගමනකින් ද විජයග්‍රහණයට පත්වෙනු ඇත.

වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර, කුම්භ, මීන රාශි හිමියනට සත් කළත්‍ර යෝග බලය උදාව පවතිනු ලබයි. ඉතාම භාග්‍යවත් වාසනාවන්ත කාලයක් උදාවෙයි.

මේ අතර ලග්න දොළොසට අර්ධ කාල සර්පයෝග බලය මෙන්ම ගුරු- ශනි, කුජ- ශනි යෝගබලය ෂඩ්කෝණ දෘෂ්ටියෙන් යෙදී ඇති බැව් පෙනී යයි. ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතුය.

 

මේෂ රාශිය

 

ආලෝක ග්‍රහයන් සමඟ ප්‍රශස්ත ග්‍රහචාරයක් මේෂ රාශි හිමියනට උදාවී ඇත. හදිසි තීරණ තීන්දු ද නොසැලකිලිමත්කමද හේතු කොට ගත යුතු ගමන් මඟ කෙරෙහි බාධක අවහිර දුෂ්කරතා මතුවිය හැකිය.

 

වෘෂභ රාශිය

 

පදිංචිය, යුග දිවිය, සබඳතා පවුල් ජීවිතය ආදී කරුණු කාරණා සාර්ථක කෙරෙනු ඇත. සමාරම්භක කටයුතු සතුටුදායකව නිමාකරගත හැකිය. රෝගාබාධ අවහිර දුෂ්කරතා මඟ හැරී යයි.

 

මිථුන රාශිය

 

ඥාති හිතෛෂීන් සමඟ උසස් ජීවිතයක් ගත කළ හැකිය. රෝගාබාධක සතුරු එදිරිවාදිකම් කෙරෙහි සැලකිලිමත් වීමද ළාමක බොළඳ රංගනයන් කෙරෙන් දුරස්ථව ද කටයුතු කළ යුතුය.

 

කටක රාශිය

 

උත්සාහය උනන්දුව, ශක්තිය, ධෛර්යය මත සාර්ථක ජීවිතයක් ගොඩනඟා ගත හැකිය. දූ දරුවන් කෙරෙහි මෙන්ම ළබැඳි උදවිය කෙරෙහි අවධානය යොමුකොට උසස් ජීවිතයකට මඟ සාදාගන්න.

 

සිංහ රාශිය

 

පදිංචි ස්ථානය, සමාරම්භක කාර්ය භාරයන් ද සුවිශේෂී කාර්ය භාරයන් අප්‍රමාදව කර ගැනීමට උත්සාහ ඇතිකර ගන්න. බාධක අවහිර දුෂ්කරතා දුරුවෙයි. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක වෙයි.

 

කන්‍යා රාශිය

 

උත්සාහය, උනන්දුව, වීර්යය, වික්‍රමය උදාකොටගෙන ඇරැඹූ කටයුතු සතුටුදායක අයුරින් සැලසුම් කර ගැනීම යහපත් වෙයි. උසස් ප්‍රභූ ජනයා ඇසුරු කිරීමට අවස්ථාව සැලසෙයි. ජන ජීවිතය ආශි‍්‍රතව ගුණාත්මක බවක් පෙනී යන්නේ ය.

 

තුලා රාශිය

 

තැන්පත් ධනය, දේපළ වස්තුව මෙන්ම සාධාරණත්වය සමගි සමාදානය ගෙනදෙන කාල පරාසයකි. යහපත් දූ දරුවන් උසස් තත්ත්වයකට පාත්‍ර වෙයි. රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරෙනු ඇත. දෙස් විදෙස් ගමන් බිමන් යෙදේ.

 

වෘශ්චික රාශිය

 

ඉදිරි දියුණුව, පවුල් ජීවිතය, සමාරම්භක කටයුතු සාර්ථක කර ගැනීමේ විජයග්‍රාහී කාල පරාසයක් වෘශ්චික රාශි හිමියනට උදාවී ඇත. මන්දගාමී බව දුරුකොටගෙන පි‍්‍රයශීලී වන්න. ධෛර්යමත් ගමනක් යා හැකිය.

 

ධනු රාශිය

 

අවදානම් අවිශ්වාස කටයුතු අත්හරින්න. සැම කටයුත්තකටම සූදානම්ව මුහුණ දෙන්න. උත්සාහය උනන්දුව මත වර්තමානය අනාගතය සතුටුදායක බවට නැඹුරු වනු ඇත. භාග්‍යමත් කාල පරාසයක් වර්තමානයෙහි උදාවී ඇත.

 

මකර රාශිය

 

නිර්මාණශීලීව කටයුතු කළහොත් ඔබහට ආදායම් මාර්ග පදිංචි ස්ථානය ආශි‍්‍රතව සූදානම් කරගත් කටයුතු ආරම්භ කිරීමට පවතින ග්‍රහචාරය ප්‍රශස්ත වෙයි. දිගු කාලීනව අරමුණු සඵල කර ගැනීම යහපත් වෙයි.

 

කුම්භ රාශිය

 

උදාරතර ග්‍රහචාරයක් වර්තමානයෙහි උදාවී ඇත. මන්දගාමී නොවී ආරම්භක කටයුතු අවසානය දක්වා කරගත හැකිය. උසස් ප්‍රභූ ජනතාව ඇසුරු කරන්නට භාග්‍යමත් ජීවිතයක් ගත කරළීමේ හැකියාව ඔබගෙන් විද්‍යමාන වෙයි.

 

මීන රාශිය

 

භාග්‍යය වාසනාව උදාවෙන රැකියා ආදායම් මාර්ග දියුණු වන කාල පරාසයකි. උසස් ප්‍රභූ ජනතාවද ඇසුරට ලැබෙයි. බාධක අවහිර දුෂ්කරතා දුරුවෙයි. සාමය සමඟිය උදාවෙයි. අරමුණු සාර්ථක වෙයි.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.