ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝග බලය ලග්න දොළහටම උදා කරමින් නොවැම්බර් 30 වැනිදා සිකුරු තුලා රාශිගත වෙයි

නොවැම්බර් 17, 2023

වනිතාවන්ට සහන සේවා රැසක්

මැද පෙරදිග ගිනි ගැනීම්, යුද ගිනිබිය වර්ධනය වීම්

සංචාරක සේවා වර්ධනය වෙයි

රංගන, ගායන, කලාකාමීන්ට සුබසාධන

නොවැම්බර් 30 ගුරු දින අලුයම 01.04ට තුලා රාශියේ තුලා නවාංශකය සිත 03 පාදය ආශි‍්‍රතව රසකාමී සිකුªරු මේෂ, කටක, තුලා, මකර යන ලග්න සතරට පංච මහා පුරුෂ යෝග අතරෙන් මාලවි යෝග බලය පියුමාකාර යෝග බලය උදාකරවමින් තුලා රාශිගත වෙයි.

ග්‍රන්ථ කර්තෘවරුන්, ප්‍රවීණ ලේඛක, ලේඛිකාවන්, ඉසිවර රුසිවර පුරාණාචාර්යවරුන් හා සමාන ඡ්‍යොතිර්විද්‍යාවේදීන් ගුප්ත විද්‍යාධාරීන්, ගුප්ත විද්‍යා වෛද්‍යධාරීන් පංච මහා පුුරුෂ යෝග බලයටම බැල්ම ලැබූවත් බුද්ධිමත් ප්‍රසාදයකට ලක්විය යුතු කාලසීමාවකි.

පෞද්ගලික ව්‍යවසායකයන් රාජ්‍යය මට්ටමෙන් ක්‍රියාකාරි වෙයි.

පොදු වනිතාවනට සහන සේවා පොකුරක් තිලිණ වන රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනික නවතාවයක්ද ඇති වෙයි. රවි හිමි සිංහ රාශි උදා වෙහි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව 03 වැන්නවූ වික්‍රමස්ථානගත සිකුරු ග්‍රහයා ප්‍රබලව යෙදී විශ්ව මේෂ රාශි සටහනෙහි 07 වැන්නෙහි පොදු ජනතා නව චින්තන රැල්ලක උදාවක්ද දෘශ්‍යමාන කෙරෙයි. රංගන, ගායන, කලාකාමී වේදිකාව මෙන්ම ක්‍රීඩා භූමි ආශි‍්‍රත ව්‍යාපාරික සුබසාධනයට ද ඉහළම ප්‍රතිශතයක් කරා ළඟා කෙරෙනු ඇත.

ආනයන අපනයන ධාරිතාව සහ ශ්‍රී ලාංකේය සංචාරක සේවා ධනාත්මක බවකට ද පරිවර්තනය වෙනු පෙනී යයි. සිංහ රාශි ජනරජ කේන්දරයට සමගාමීව නොවැම්බර් 17 දෙසැම්බර් 16 අතර වෘශ්චික රවිය ත්‍රිසිංහලය පුරාවට මෙන්ම මේෂ රාශි විශ්ව ග්‍රහ චාරයද ‘2023’ වසරෙහි ජන සමාජගත සුවිශේෂි පෙරළිකාර පසුබිමක් නිර්මාණය වන සුළු වෙයි.

2023 නොවැම්බර්, දෙසැම්බර් සමඟ 2024 මැයි දක්වා සෞරග්‍රහ මණ්ඩලයේ පසුබිම බිහිසුණු බවක් ගනු ලබන්නෙකි. කඩාකප්පල්කාරි ජනතා විරෝධී ප්‍රචණ්ඩකාරි පසුබිමක් තිරසරව නිර්මාණය වෙනු ලබයි.

මැද පෙරදිග ගිනි ගැනීම්, යුද ගිනිබිය වර්ධනය වී යාම 2023 වසර තුළ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සහ ග්‍රහ යුද්ධ විමර්ශනය තුළින් පෙන්වා දෙනු ලැබූවෙකි.

අඟහරු, වෘශ්චික රාශිගතවීමෙන් කටක, වෘශ්චික, මීන බලය අධිකතර වෙමින් මහීපාල යෝග බලය ද උද්ගත වෙයි. රවි කුජ චන්ද්‍ර ආලෝක ග්‍රහයන් කේන්ද්‍රගතවීමද ඇතුළුව අවශේෂ ග්‍රහචාරද ජනතා හිතසුව පවතිනු පෙනී යන්නෙකි.

සකළ කලා කෞශල්‍යයට, සෞන්දර්යට, කාව්‍ය නිර්මාණයට සංගීතයට, ශෘංගාරයට, ආලයට, ආදරයට, ලෞකික සැපසම්පත්වලට අධිපතිනිය වෙන සෞම්‍ය ග්‍රහ තාරකාවක් ලෙස විශිෂ්ට සංක්‍රමණයක් සිකුරුගෙන් සක්‍රියවී ඇති අයුරු විද්‍යමාන වෙයි.

ලග්නස්ථානය, භාග්‍යස්ථානය, සංයෝගය ආශි‍්‍රත ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී උදරාශි (ජනරජ රාශි) යෝගය රාශි දොළසටම ශුභවාදි වෙයි.

වෙශී වොශී උභයචාරි (04,03,05) යෝගය රාශි දොළසටම ලැබීම.

කටක, වෘශ්චික, මීන බලය අධික තර කරමින් අඟහරු (වෘශ්චික රාශිගතවීමෙන්) වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට රුචක යෝග ලැබීම

සප්ත ග්‍රහයන් රාශි සයක තැම්පත්වීමෙන් දාමිණී යෝග බලය රාශි දොළසටම ලැබීම

පංච මහා පුරුෂ යෝග අතරින් මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට මහාභද්‍ර, යෝග බලය ලැබීම.

සිකුරු තුලා රාශීගතවීමෙන් මාලවි යෝග බලය සමඟ පියුමාකාර යෝග බලය මේෂ, කටක, තුලා, මකර රාශි සතරට ලැබීම

පංච මහා පුරුෂ යෝග අතරින් වෘෂභ සිංහ, වෘශ්චික, කුම්භ, රාශී සතරට සස යෝග බලය ලැබීම

චන්ද්‍රයාගෙන් 06,07,08 ස්ථානගත ශුභවාදී ග්‍රහ බලයෙන් අධියෝග බලය ලැබීම විද්‍යාමාන වෙයි.

සාමාන්‍ය සමස්ත විශ්ව ජනතාවටම මානුෂික චින්තනය වර්ධනය, ධන සම්පත් මෙන්ම ගුණාත්මක බවක් මෙකී යෝග රැල්ලෙන් උදාවෙනු ඇත. අමානුෂික ක්‍රියාකාරකම් දුරස්ථකොට මානව හිතවාදී දයාව, කරුණාවන්ත මෛත්‍රී සහගත පින්වන්ත පිරිස් මිනිස් සමාජගත වේවා යයි ප්‍රාර්ථනා කර ගැනීම සුබදායක සිතිවිල්ලක් වනු ඇත.

 

මේෂ රාශිය

මාලවි, පියුමාකාර, වෙශී වොශී, උභයචාරි ආදී යෝග රැල්ලක උදාවක් මේෂ රාශිය හිමි ඔබ හට උදාව පවතිනු ඇත. සංසාරික ශුභවාදි පින්දහම් ක්‍රියා බලය තුළින් අසීමිත චින්තන ශක්තියක් මෙන්ම ශුභවාදී මානව හිතවාදී ක්‍රියාකාරකම් සතුටුදායක තත්ත්වයකට පාත්‍ර වෙන්නේ ය. උදාරතම මනුෂ්‍යත්වයෙහි අසීමිත ධනය, බලය ග්‍රහණය කරගනිමින් සිතැඟියාවන් සාර්ථක කර ගැනීමට උත්සාහ ගැනීමද අනවශ්‍ය කටයුතු දුරු කර දැමීමද යහපත් වෙයි.

වෘෂභ රාශිය

මහීපාල, දාමිණී, වෙශී වොශී, උභයචාරි, රුචක, සස ආදී යෝග රැල්ලක් උදාවෙන් සමාරම්භක කටයුතු මෙන්ම රෝගාබාධක අවහිර දුෂ්කරතා බොහෝදුරට දුරුවී නවතාවයකින් සාර්ථකත්වය උදාවෙනු පෙනෙයි. 2024 නව වසර තෙක් මෙකී බලවේගයෙන් උසස් දියුණුවක් ළඟා කර ගත හැක.

මිථුන රාශිය

මාලවී, මහේන්ද්‍ර යෝගය, දාමිණී යෝගය, වෙශී වොශී උභයචාරි යෝගය 01 - 05 - 09 ධර්ම කෝණ ගත අසීමිත බලය ආදි ශුභවාදී දුබල ග්‍රහචාරයක් ඔබ හට උදාවෙනු ඇත. වර්තමාන, අනාගත ශුභ සිද්ධිය සඳහා ස්වකීය උත්සාහය, උනන්දුව, ප්‍රබල කර ගැනීම කඩිනමින් සිතැඟියාවන් සාර්ථක කර ගැනීමෙහි හිතකර වෙයි.

කටක රාශිය

මාලවී, මහීපාල, දාමිණී, වෙශී වොශී, උභයචාරි ආදි යෝග රැල්ලකින් ඔබගේ සියලු ශුභවාදි ක්‍රියාකාරිත්වයන් සතුටුදායක වනු පෙනී යයි. අසාමාන්‍ය දියුණුව ප්‍රගතිය ළඟා කර ගැනීමෙහි ප්‍රබල ශුභවාදී ග්‍රහචාරයෙකි. අප්‍රමාදව භාග්‍යය වාසනාව වූ බලය තුළින් ඉදිරියට යාමට ප්‍රශස්ත උසස් ග්‍රහචාරයෙකි.

සිංහ රාශිය

04 වැන්නහි විෂ්ණු ලක්ෂ්මී යෝගය සස, රුචක, දාමිණී, වෙශී වොෂී, උභයචාරි අධියෝගය ආදී යෝග රැල්ලකින් ධනය, බලය, ශුභවාදී සිතුම් පැතුම් සාර්ථකත්වයට ජම්ම රාශිගත සංසාරික ආශිර්වාදය භුක්ති විඳින්න. උදාර ගමනකින් ජීවිතයෙහි සතුටුදායක බව නිදුක් නිරෝගී බව රැක ගැනීමට උත්සාහ වෙන්න.

කන්‍යා රාශිය

මාලවි, වෙශී වොශී, උභයචාරි, අධිබල මහීපාල, පියුමාකාර යෝග රැල්ලක උදාවෙන් සිතැඟියා රැසක්, සාර්ථක කොට ගත හැකි පසුබිමකි. සමාරම්භක ක්‍රියාකාරකම් බොහෝදුරට සතුටුදායක බවට පාත්‍රකොට ගනිමින් අනාගත සිතුම් පැතුම් සතුටට පාත්‍රවෙනු ඇත.

තුලා රාශිය

මාලවී, දාමිණී, වෙශී වොශී, උභයචාරි , අධිබල දාමිණී ආදී යෝග රැල්ලෙන් අරමුණුූ රැසක් සතුටු දායක බවට පත්කොට ගත හැක. සමාරම්භකව අරමුණූ රැසක් සතුටුදායක බවට නැඹුරු කොට සියලු බාධක අවහිර මර්දනය කොට වර්තමානය අනාගතය සතුටුදායක බවට පත්කොට ගත හැක.

වෘශ්චික ලග්නය

මහීපාල, සස , රුචක, යෝග බලයද දාමිණි, අධිබල වෙශි වොශී, උභයචාරි ආදි යෝග රැල්ලක අසීමිත බලයද උදාවෙමින් සතුටුදායක බවක් උදාවෙනු පෙනී යයි. සතුරන්, මර්දනය කොට අසීමිත අරමුණු සාර්ථක බවට නැඹුරු වෙයි. සමාරම්භක කටයුතු සතුටුදායක කෙරෙනු ඇත.

ධනු රාශිය

බුධගෙන් භද්‍රයෝගය දාමිණි, අධිබල වෙශී,වොශී උභයචාරි ආදි යෝග රැල්ලකින් ධනු රාශිගත රැකියා ආදායම් මාර්ග සහ පොදු සමාජ කටයුතු සතුටුදායක බවට පමුණුවා ගත හැක. දැඩි මානුෂික සිතැඟියාවන් අරමුණුූ බොහෝදුරට මල්ඵල ගැනෙනු ඇත. සමාරම්භක කාර්යභාරයන් සතුටුදායක බවට පාත්‍ර කොට ගත හැකි බවක් විද්‍යමාන කෙරෙයි.

මකර රාශිය

මාලවි, මහීපාල, දාමිණී, වෙශී වොශී, උභයචාරි අධිබල, ආදි උදාරතම යෝග රැල්ලකින් මකර රාශි හිමියනට ආශිර්වාද උදාවෙන සතුටුදායක කාල පරාසයකි. දිගුකාලීන අරමුණු රැසක්ම සතුටුදායක බවට පාත්‍ර වෙයි. ධනය,බලය ඒකරාශි වෙන සිතැඟියාවන් බොහෝදුරට ශුභවාදීව ඉටුවෙන භාග්‍යමත් කාල පරිච්ඡේදයෙකි.

කුම්භ රාශිය

සස, රුචක, මහීපාල, වෙශී වොශී, උභයචාරි, දාමිණී අධිබල ආදී උදාරතම යෝග රැල්ලකින් ඔබ හට අසීමිත ක්‍රියාකාරකම් රැසක් සතුටුදායක බවට පාත්‍ර කොටගත් කාල පරාසයකි. රැකියා ආදායම් මාර්ග, සමාජගත සුබසාධන සේවා රැසක්ම විජයග්‍රහණය කොට සතුටුදායක බවට පාත්‍රවිය හැකි කාල පරාසයකි.

මීන රාශිය

මහාභද්‍ර යෝගය, වෙශී වොශී, උභයචාරි, අධිබල රුචක දාමිණී, මහීපාල ආදි යෝග රැල්ලකගේ බැල්මෙන් වර්තමාන, අනාගත අරමුණූ රැසක් සඵල කෙරෙයි. උසස් වැදගත් ප්‍රභූන් රැසකින් ආධාර උපකාර සහයෝගය ගලා එයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක බවට පාත්‍ර කෙරෙනු ඇත. පොදු ජනතාව අතර කීර්තියට ප්‍රශංසාවට තුඩු දෙයි. සිතැඟියාවන් බොහෝදුරටම සතුටුදායක කෙරෙයි. සමාජ සුබසාධන සේවා රැසක්ම ආරම්භ කෙරෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.