ධනය, බලය ගලා එන කෝටියක් දෝෂ භංගවන ත්‍රිපුෂ්කර යෝගයක් 4 වැනිදා පෙරවරුවේ නොවැම්බර් 04වැනිදාට යෙදෙන මේ බලවත් නැකත නිවාස වෙ‍ෙළෙඳ ව්‍යාපාරික ආයතන සමාරම්භයට සුබයි

නොවැම්බර් 3, 2023

මැණික් ගැරීම්, පතල් කැණීම්, නව වස්ත්‍රාභරණ පැලඳීම සඳහා ආගමික- සමාජ සුබසාධන කටයුතු සඳහා යෝග්‍යයි

 

කාර්මික සහ කෘෂිකාර්මික සේවා නිර්ණාමික, නාමික, සොර සතුරන් මර්දනය, පොත්පත්, ලිපිලේඛණ, තෙල් බෙහෙත් ල්ක චූර්ණ අරිෂ්ඨ ආශි‍්‍රත සේවා ඇරඹුමට

 

ගොඩමඩ, ඉඩකඩම්, යානවාහන, යන්ත්‍ර සූත්‍ර මිලට ගැනීම සහ අළෙවි කාර්යභාරයන් සඳහා තුරඟ තරග විභාග සම්මුඛ පරීක්ෂණ, නඩුහබ විජයග්‍රහණ සහ අදාළ ගමනාගමන කටයුතුවලට සුබදායකයි

 

“නෙළුම්මල” පුෂ්කර නාමයෙන්ද පෙති රැසකින් අනූන වූ බැවින්ද පොකුරු යන නාමයෙන් හඳුන්වනු ලැබෙයි. සිද්ධිපෙළක් නොමැති පොකුරක් ලෙස යෙදෙන යෝගය පුෂ්කර යෝගය ලෙස සඳහන් කළ හැකිය. ඊසැර, වෙඩිසැර බලැතිව ධනය බලය ගලා එන කෝටියක් දෝෂ භංගවෙන ප්‍රශස්ත බවක් විද්‍යමාන වෙනු ලබයි. 02,07,12 භද්‍රා තිථියක් සමඟ ශනි , රවි, කුජ දිනයක්ද විසා, උත්‍රපල්, පුවපුටුප, පුනාවස, කැති, උත්‍රසල යන නැකතක් ද උදාවීම එකට තුන් ගුණයක ප්‍රතිඵල සාර්ථකවීමක් ද නිර්මාණය වෙනු ඇත.

 

මෙකී ත්‍රිපුෂ්කර ශුභ මුහුර්තය පහත සඳහන් කරණු කාරණා ආශි‍්‍රතව ශුභවාදි බවක් පුරාණාචාර්ය තීරණ අනුව තීන්දු වෙන්නේය. රාජ්‍ය වර්ෂ 2023 ක් වූ නොවැම්බර් මස 04 වෙනි ශනි දින සතවක තිථිය හැට පැය පුරාම විහිදී යනු ලබන අතර, බ්‍රහස්පති හිමි පුනාවස නැකත පෙරවරු 07.59 දක්වා පවතින බැවින් මෙදින උතුරු දිශාභාගය බලා මෙකී වේලාව දක්වා ඉහත සඳහන් ශුභවාදී කාර්යභාරයන් ක්‍රියාත්මක කළ හැකිය.

අටවිසි යෝග චක්‍ර අනුව සෙනසුරාදා පුනාවස නැකතට ප්‍රබලව සීහුම් වෙයි. කෘෂිකාර්මික ජනජීවිතයට අදාළව ඉෂ්ඨාර්ථය ගෙන දෙයි.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.