2023.07.24 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජූලි 23, 2023
 
ඉර උදාව – පෙ.ව.06.03
ඉර බැසීම – ප.ව. 06.31
 
රාහු කාලය – උදේ 07.36 - 09.10 දක්වා
 
සුබදිශාව –  දකුණ 
 
මේෂ
අමතර ගමන් බිමන් බහුල දිනයකි. නිතර තම ඇඳුම් පැළඳුම් ගැන වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. අලුත් ව්‍යාපාරයකින් ලාභ හිමි කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. 
 
වෘෂභ 
ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරන දිනයකි. දරුවකුගේ හිතුවක්කාර ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. අලුත් ව්‍යාපාරයක් ඇරඹීමට සැලසුමක් ඇති කර ගනී. 
 
මිථුන 
හදිසි ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක් වන ලකුණු පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට සැලසෙන දවසකි. 
 
කටක 
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාකරයි. මෙතෙක් බාධාකාරී ලෙස කරගෙන ගිය පෙම් සබඳතාවකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධවන දිනයකි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී වන්න. 
 
සිංහ 
මත ගැටුමක් සමතයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. පාදයේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වන දිනයකි. 
 
කන්‍යා 
ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතර මඟ නවතා දැමීමට සිදුවන දවසකි. 
 
තුලා 
මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක වෙනස්කම් කීපයක් සිදුකරයි. දරුවකු ගැන සතුටට පත්විය හැකි දිනයකි. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අසනීපකාරී බවක් ඇති කරයි. අමතර ලාබ ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. 
 
වෘශ්චික 
නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කරුණු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ආහාරපාන ගැනීමේ දී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. 
 
ධනු 
අවිවේකී ලෙස සතිය උදා කරයි. අලුත් ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. කල්ගත වූ ණය මුදලක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. දුරදිග කල්පනාකර බලා තීරණ ගැනීම යහපත් කරයි. 
 
මකර 
ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. අමතර ආදායම් මාර්ග හිමි කරන සැලසුම් කීපයක් සාර්ථක කරයි. නිතර පවුලේ අයගේ දෝෂාරෝපණයකට ලක් වන දිනයකි. දානමය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. මුදල් හුවමාරුවක් කරගැනීමට සිදුවන දිනයකි. 
 
කුම්භ 
අවිවේකී ලෙස දවස උදාකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු යෙදේ. ගුප්ත කටයුතුවල නැඹුරුවන බවක් පෙනේ. අසල්වැසි සිත් නොහොඳකමක් දුරදිග යන කාලයකි. උෂ්ණාධික රෝගයකින් පීඩාවිඳීමට සිදුවේ. දියර වර්ග පානය කිරීම සුබදායක දිනයකි. 
 
මීන 
ශාරීරික වෙහෙස මහන්සියට හේතු යෙදේ. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු උදාකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. 
 
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.