සිකුරු ධනු රාශියට සංක්‍රමණයෙන් කාන්තාවන්ට වැඩි බලයක්

දෙසැම්බර් 29, 2023

ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තිය

ලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක්

රාශි දොළසටම රවි, බුධ, කුජ, ශුක්‍ර චතුර් ග්‍රහයෝග බලයෙන් පැතුම් ඉටු වන සමයක්

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න සතරට සස යෝග බලයෙන් පිරිස් බලය හා කාම ශක්තිය වැඩේ

 

ජනවාරි 18 වෙනි ගුරුදින රාත්‍රී 8.56ට සිකුරු ගුරු හිමි ධනු රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය.

පෙබරවාරි 12 දින අලුයම දක්වා සිකුරු ධනු රාශියේ රැඳී සිටිනු ඇත. මේ කාල සීමාව තුළ වනිතා පක්ෂය කෙරෙහි විශේෂ අවධානය දැඩි කළ යුතුය.

කාන්තා නියෝජනය විවිධ පැතිකඩ ඔස්සේ වර්ධනය වෙයි. පුරුෂ පක්ෂයට වඩා රංගනය, වේදිකාව, ගායනය, වාදනය ආදි ක්ෂේත්‍රවල ස්ත්‍රී වර්ගයා අතරින් ප්‍රබලවෙයි. මෙකී ස්වභාවය තීව්‍ර කෙරෙන සිකුරු මාරුව රස කාමය උත්සන්න වීමද කෙරෙහි ද බලපානු ඇත.

එලෙසම ළමා පරපුරට ද වනිතාවනටද හිංසන වැඩිවීම් ඉහළ යා හැකිය. කුඩා දරු දැරියනට ඇතැම් ම්ලේච්ඡ පිරිස් අතවර කිරීම් ජීවිත හානිකොට දැමීම, ඝාතනයට ලක් කිරීම බහුල විය හැකිය. ජනතාව අතරින් ස්ත්‍රී පුරුෂ අරගල ප්‍රබල වෙයි. දෙස් විදෙස් පොදු ජනතාව අතරින් කටකතා අසත්‍ය ප්‍රචාර පැතිරෙනු ඇත. ප්‍රකට ප්‍රවීණ ලේඛකයනට, මාධ්‍යවේදීන්ට, කර්තෘවරුන්ට පීඩාඇතිවිය හැකිය. ජනතාව ශීලාචාර චර්යා ධර්ම වර්ධනය කර ගත යුතු කාලයකි.

 

මේෂ රාශිය

 

වසර අවසානයෙහි සුවිශේෂී ගමන් මඟකට අඟහරු හිමි මේෂ ලග්න හිමියන්ට අවස්ථාව උදාවේ. භාග්‍යස්ථානගත චතුර්ග්‍රහ යෝග, ලග්න ස්ථානය, අයස්ථානය ඇසුරෙහි ප්‍රබලව මේෂ ලග්න හිමියන්ට ආශිර්වාද කරනු පෙනී යයි.

 

වෘෂභ රාශිය

 

තිරසාර අභිප්‍රායන් මල්ඵල ගැන්වෙන සස යෝගබලය ප්‍රධානව සිකුරු හිමි වෘෂභ රාශි හිමියනට ඊශ්වර දෙවිඳුගේ ආශිර්වාදය විස්මිතව යෙදෙනු ඇත. සුබදායී කාලසීමාවකි.

 

මිථුන රාශිය

 

බ්‍රහස්පතිගේ් දීප්ත යෝගය සමඟ 07 වැන්නේ චතුර්ග්‍රහ යෝගය බුධ ආධිත්‍ය යෝගය ආදී ප්‍රබලතම යෝගබල යෙදී ඇත. මෙහි ප්‍රතිඵල සහ සෙත මේ කාලසීමාවේදී ලැබෙනු ඇත.

 

කටක රාශිය

 

කටක රාශි හිමියනට යෙදී ඇති චතුර්ග්‍රහ යෝග බලය හේතුවෙන් නිර්ණාමික නාමික සොර සතුරු බලවේග මර්දනය කෙරෙයි. වාසනාවේ රන් දොරටුව විවර වන මේ වසර අවසානය ඉතාම ශුභවාදී ආශිර්වාදාත්මක කාලයකි.

 

සිංහ රාශිය

 

සස යෝග බලය 07 වැන්නේ ද බුධ ආධිත්‍ය මෙන්ම 05 වැන්නෙහි චතුර්ග්‍රහ යෝග බලයද කුජ ශුක්‍ර ධර්ම කර්මාධිපති යෝග බලය ද වසර අවසානයට සහ ඊළඟ වසර සාර්ථක වීමටද ඔබට අතිශයෙන් බලපානු ඇත.

 

කන්‍යා රාශිය

චතුර් ග්‍රහ යෝගය ප්‍රබලව යෙදී ඇත. පදිංචි නිවාසයට භූමියට ද පදිංචි පිරිසටද වසර අවසානයෙහි එය ප්‍රබල ආශිර්වාදයක් වනු ඇත.

 

තුලා රාශිය

 

බ්‍රහස්පති දීප්ත යෝගබලය 7 වැන්නට ද චතුර්ග්‍රහ යෝග බලය 03 වැන්න වන වික්‍රමස්ථානයට ද යහපත්ව බලපා ඇත. වසර අවසානයේ බලාපොරොත්තු බොහෝ දුරට සාර්ථක වනු ඇත.

 

වෘශ්චික රාශිය

 

සස යෝග බලය පදිංචි ස්ථානයට, භූමියට, නිවැසියනට ප්‍රබල ආශිර්වාදයක් වන අතර දෙවැන්න වූ ධනස්ථානගත චතුර්ග්‍රහබලය ඉතා යහපත්ව යෙදී ඇත. එය වෘශ්චික ලග්න හිමියන්ට වසර අවසානයෙහි මහත් ආශිර්වාදයක් වන්නේය.

 

ධනු රාශිය

 

චතුර්ග්‍රහ යෝග බලය ලග්නගතවද, ලග්නාධිපති පස්වැන්නෙහි ප්‍රබලව ද යෙදී ඇත. වසර අවසානය මෙන්ම ඊළඟ නව වසරද අතිශය ශුභවාදී වෙයි.

 

මකර රාශිය

 

පදිංචි ස්ථානයට දීප්තයෝග බලපෑමද චතුර්ග්‍රහ යෝගය 12 වැන්නට ද යෙදීම ජීවිතය නව ගමන් මගකට පරිවර්තනය කෙරෙන සතුටුදායක ග්‍රහ පිහිටීමකි.

 

කුම්භ රාශිය

 

ලග්නගත දුර්ලභ සස යෝග බලයද 11 වැන්න වූ අයස්ථානගත ආශිර්වාදය ද විස්මිත ලෙස සතුට පී‍්‍රතිය ගලා ඒමකි. නව වසරට මෙකී සෙත් ශාන්තිය රටටත්, ඔබටත් ඉතාම වැදගත් වෙයි.

 

මීන රාශිය

 

චතුර්ග්‍රහ යෝගය කර්මස්ථානගතවද දීප්ත යෝගය ධනස්ථානගතවද යෙදී ඇති ග්‍රහ චාරය වසර අවසානයට මෙන්ම ඊළඟ නව වසර සාර්ථක වීමටද ඉතා වැදගත් බවක් දෘශ්‍යමාන වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.