මාර්තුවේ ග්‍රහ කැලඹීම් රැසක් අතර ලග්න හතරකට ධන ලාභ ලග්න අටකට ගුරුදීප්ත යෝගයෙන් ගෞරව ප්‍රශංසා

මාර්තු 1, 2024

මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග කර්ම දෝෂ යෙදෙන අතර සෙනසුරු ලග්න ඒරාෂ්ඨක මෙන්ම පංච මහා පුරුෂ යෝග අතරින් සස, රුචක යෝගබල යෙදීමෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයන්ගේ සිදුවන සංකලනය එළැඹෙන මාසය මුළුල්ලේ විස්මිත පලාපල ගෙන ඒමට හේතු වෙයි.

එසේ වුවද මේෂ- කටක- තුලා- මකර ලග්න හිමියන්ට යෙදෙන රුචක යෝගබලයෙන් ධන ධාන්‍ය ලාභ, වස්තු සම්පත් සහිත සරු දිවියක් මෙන්ම ආර්ථික දියුණුව උදා වෙයි. වෘෂභ ලග්නයට සස යෝගයෙන් උසස් ප්‍රගතිය ද, මිථුන- සිංහ- කන්‍යා-වෘශ්චික- ධනු- කුම්භ- මීන ලග්නවලට ගුරුදීප්ත යෝගයෙන් ගෞරව ප්‍රශංසා ද මාර්තු මාසය පුරා බලාපොරොත්තු විය හැකිය.

මේ අතර පසුගිය මාසයේ 28 වැනිදා යෙදුණු බුධ හා ශනි යුද්ධයෙන් ඥානකාරක බුධ පරදා කම්කරු හිතැති ශනිගේ ජයග්‍රහණය කම්කරු සහ කෘෂිකාර්මික ජනතාවට වාසිදායක තත්ත්වයක් උදා කරරයි. 1939 සැත්තැම්බර් මාසයේ දෙවැනි ලෝක යුද්ධය කාලගුණික, දේශගුණ විපර්යාස ඇතැම් රාජ්‍යයන්හි යුදබිය න්‍යෂ්ඨික අවි නිෂ්පාදන ඛේදවාචක රටාවන් බහුල විය. ඒ විශ්වතාරකා මන්ද්‍රාකිණියේ ඇති වූ දුර්වල ග්‍රහ පිහිටීම් හේතුවෙනි. එයට බොහෝ දුරට සමාන පිහිටීම් ඇතිවන මේ සමයේ, ආර්ථික වශයෙන් පීඩාකාරි බවක් පොදු ජනතාව කෙරෙහි බලපානු ඇත. නාවික, ගුවන් ආදි ක්ෂේත්‍රයන්හි අනපේක්ෂිත අවදානම් උත්සන්න විය හැකිය. රහස්‍ය මෙන්ම වංචනික ප්‍රයෝගකාරි කටයුතු ඉහළ යෑමට තුඩු දෙනු ඇත. මාරාන්තික අනතුරු මෙන්ම ශාරීරික බලපෑම් මානසික බලපෑම් ද බහුල වන අතර, අනියම් හා අනපේක්ෂිත සබඳතා, මනුෂ්‍ය ඝාතන, සියදිවි නසා ගැනීම් ආදියට යොමු වන ග්‍රහ පිහිටීමක් පෙන්නුම් කරයි. හදිසි අනතුරු මෙන්ම අවහිර දුෂ්කරතා රැසක් අනුව දෛනික ජන ජීවන රටාවේ සැලකිය යුතු වෙනසක් සිදු වන කාලයකි.

මුහුදු ආශි‍්‍රත විපර්යාස, මුහුදු සටන්, සතුරු බලවේග වර්ධනය වීමක් ලොව පුරා බලපානු ඇත.

ඒ අතර ධනාත්මක කරුණක් ලෙස ගොවි, කම්කරු ජනතා ප්‍රශ්න විසඳන මූල්‍යමය ක්‍රමවේද රැසක් මතු කෙරෙයි.

2024 අංක එකතුව සතු සුවිශේෂී අංක 08 හිමි රාහු ග්‍රහචාරය රාහුගේ විෂමතාවය පෙර අපර දෙදිග රටවලට ප්‍රබලව මෙන්ම ජව සම්පන්නව බලපෑම් කෙරෙනු දැකිය හැකිය.

මේෂ ලග්නය

අයස්ථාන ගත සෙනසුරුගෙන් ශුභවාදි බවක් මෙන්ම කුජ ශුක්‍ර යෝගයක් 10 වැන්නෙහි උදාවීමද ශුභවාදි කෙරෙයි. 06 -10 ස්ථාන දෙක ආලෝක ග්‍රහ බලයෙන්ද 10 වැන්න වූ කර්මස්ථානය අඟහරුගෙන් රුචක පංච මහා පුරුෂ යෝගයෙන්ද දීප්තිමත් බවක් ගනු ලබයි. මානසික මෙන්ම ආර්ථිකමය උසස් බවක් මතුවෙයි.

වෘෂභ ලග්නය

05 - 09 භාවස්ථානයන්හි ආලෝක ග්‍රහයන්ගෙන් වඩාත්ම දීප්තිමත් වෙයි. පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය 10 වැන්න වූ කර්මස්ථානගතව ඇත. මේ අනුව උසස් ප්‍රගතියක් මතු කෙරෙනු ඇත. තිරසාර රැකියා ආදායම් මාර්ගයන් කෙරෙහි දැක්මකට මඟ සැලසෙයි කාරුණික පරිසර හිතකාමි බවක් නිර්මාණය වීම වැදගත් වන්නකි.

මිථුන ලග්නය

ගුරු දීප්ත යෝග බලයෙන් උසස් ජීවන ආදායම් මාර්ගයන්ටද කීර්තිය, ප්‍රශංසාවටද තුඩුදෙන චරිතයක් නිර්මාණය කෙරෙනු ඇත. 05 - 08 භාව ස්ථාන ආලෝක ග්‍රහකිරණයන් උසස් බවට පරිවර්තනය ඇතිවෙයි. ඤාති හිතෛෂීන් අතර ප්‍රකට වෙයි. සුවිශේෂී දක්ෂතා නිපුණතා මතුවෙයි.

කටක ලග්නය

රුචක යෝග බලය 07 වැන්නේද 10 වැන්නෙහි කර්මස්ථානගත බලයද 07 වැන්ෙනි කුජ ශුක්‍ර බලයද චන්ද්‍රයා හිමි කටක රැස පුරාවට ග්‍රහ ශක්ති කිරණ විහිදී ඇත. 03 වැන්න වූ වික්‍රම ස්ථානගතවද 07 වැන්න වූ විවාහ කාරක ස්ථානගතවද 01, 05, 09 කාම ත්‍රිකෝණය ජවබල සම්පන්න කෙරෙණ ආලෝක ග්‍රහතාරකා බලය යෙදී ඇත. උසස් ආර්ථිකයද දියුණුවද මතුවෙයි.

සිංහ ලග්නය

ගුරු දීප්ත යෝග බලය 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද පංච මහා පුරුෂ යෝග අතරින් සසයෝග බලය 07 වැන්නටද 02,06,10 අර්ථ කෝණයෙහිලා ආලෝක ග්‍රහතාරකාවන් දෙකක්ද කුජ, ශුක්‍ර යෝග බලය 06 වැන්නේද යෙදී ඇත. මේ අනුව උසස් ජීවන ගමන් මඟකට කරුණු යෙදෙනු ඇත. එසේම කීර්තිය, ප්‍රශංසා ගලා එනු ලබයි. සමාරම්භක කාර්ය භාරයන් නිමාකොට ලීමේ භාග්‍ය වාසනාව යෙදෙයි.

කන්‍යා ලග්නය

ගුරුදීප්ත යෝග බලය 08 වැන්නවූ මෘත්‍යු ස්ථානගතවද කුජ ශුක්‍ර යෝග බලය 05 වැන්නේද 04,12,08 ස්ථාන ආලෝක ග්‍රහතාරකාවලින් බැබළෙනු ඇත. ජනමාධ්‍යය මෙන්ම සමිති සමාගම් ආශි‍්‍රත සමාජගත ක්‍රියාකාරකම් අතරින් උසස් දිවියට මඟ සැලසෙයි. නිර්මාණශීලි දක්ෂතා කුසලතා වර්ධනය කෙරෙනු ඇත.

තුලා ලග්නය

බ්‍රහස්පති දීප්ත යෝගය 07 වැන්නේද පංච මහා පුරුෂ යෝග අතරින් රුචක යෝගය 04 වැන්නේද 04,08,12 ආලෝක ග්‍රහ තාරකා මඟින් දීප්තිමත් වෙයි.

කුජ ශුක්‍ර යෝගය 04 වැන්නේද යෙදී ජන ජීවිතයෙහි උසස් බවකට පාත්‍ර කරෙන්නේය.

ආගම දහමට උසස් චින්තනයන් නිර්මාණය වෙයි. දෙස් විදෙස් සංචාරක කටයුතු බහුල වෙයි.

වෘශ්චික ලග්නය

පංච මහා පුරුෂ මහා යෝග අතරින් බුධ, ශනි යෝගයද සසයෝග බලයද 04 වැන්නෙහි යෙදී ඇත. ගුරු දීප්ත යෝගය 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතවද කුජ ශුක්‍ර යෝග බලය 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද 03,07, 11 කාමකෝණය පුරාවට ආලෝක ග්‍රහ යෝග බලයද ප්‍රබලව ක්‍රියාත්මකව ඇත.

නිවාස, භූමි, විවාහ සබඳතා, රැකියා ආදායම් මාර්ග ඉතා සාර්ථක බවට පාත්‍ර වෙයි.

ධනු ලග්නය

ගුරු දීප්ත යෝගය 02,06,10 අර්ථ කෝණ බලයද මෙන්ම ආලෝක ග්‍රහතාරකා බලයද කුජ , ශුක්‍ර යෝගය 02 වැන්නේද බුධ ශනි යෝගය තුන්වැන්නේද යෙදී ජවබල සම්පන්න ග්‍රහ කිරණ දොළොස් භාවස්ථානගතවද යෙදී ඇත.

රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම සමාජගත ක්‍රියාකාරකම් සාර්ථකවීමද කීර්තිය, ප්‍රශංසාව ගලා යාමද ප්‍රභූ ජනයා ඇසුරු කරළීම ද යෙදෙමින් සතුටුදායක පසුබිමක් නිර්මාණය වෙයි.

මකර ලග්නය

පංච මහා පුරුෂ යෝග අතරින් රුචක මහා යෝගය ලග්නගතවද, බ්‍රහස්පති දීප්තයෝග බලයද ආලෝක ග්‍රහබලයක් ලග්න ගතවද 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද යෙදී ඇත.

නිර්මාණශීලි හැකියාවන් උසස් ජීවන ගමන් මඟකටද රැකියා ආදායම් මාර්ග, සමාරම්භක කටයුතු සහ පදිංචි නිවාස භූමි කටයුතු ද සාර්ථක කෙරෙයි.

කුම්භ ලග්නය

ගුරු 03 වැන්නේද ආලෝක ග්‍රහබලය 08 වැන්නේද 12 වැන්නේද කුජ, ශුක්‍ර යෝගය 12 වැන්නේද බුධ ශනි යෝග බලය ලග්නගතවද යෙදී ඇත.

මේ අනුව භෞතික අධිභෞතිකමය උසස් දියුණුවක්ද අධ්‍යාත්මික ප්‍රායෝගික පුහුණුවක්ද උසස් ලෙස යෙදෙණු පෙනී යන්නේය.

මීන ලග්නය

බ්‍රහස්පති යෝගය 07 -11 ආලෝක ග්‍රහ තාරකා බලයද බ්‍රහස්පති දීප්ත යෝග බලයද යෙදී ඇත. කුජ, ශුක්‍ර යෝග බලයද 11 වැන්නේය. සමාජගත ක්‍රියාකාරකම්වලට යොමුවන අතර උසස් මානුෂික දියුණුවක් පිහිටයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.