ග්‍රහ ලොව රජ කුමරු මාර්තු 07 වැනිදා නීච භවනට දරුවන්ගේ ආරක්ෂාවට දේව ශාන්තියක්

මාර්තු 1, 2024

ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්‍රවිශ්ට වේ. මෙය දරුවන් ගැන විමසිලිමත් විය යුතු කාලයකි. බුද්ධිය යටපත් වී කපටි කම් කෲර කම් ඉස්මතු වන කාලයකි. දරුවන්ගේ ජීවිත, අධ්‍යාපනය, හැකියාවන් මෙන්ම යහපත් ගුණාංග රැක ගැනීම උදෙසා 2023 මාර්තු මස 06 වැනි බුධ දින එනම් බුධ මීන රාශියට පැමිණීමට පෙර දින රාත්‍රී 08.22 ට ඔබගේ නිවෙසට ළඟම ඇති පන්සලක, කෝවිලක, දේවාලය, නිල් පාට මල් වට්ටි 3 ක්, නිල් පාට කොඩි වැලක්, බෙහෙත් පැන් වීදුරු 01ක් සහිතව එළඟිතෙල් පහන් 9 ක් දල්වා එම පින් මහා විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරවන්න.

එමඟින් මාර්තු 07 සිට මාර්තු 26 දක්වා කාලයේ දී ඔබට ඔබගේ දරුවාට සිදුවිය හැකි අපල විපත්, අධ්‍යාපන හානි ඇතුළු බොහෝ කරදරවලින් අත්මිදීමට ඇතිවනු ඇත. එමෙන්ම එදින රාත්‍රී අධ්‍යාපනය ලබන දුෂ්කරතා සහිත දරුවෙකු උදෙසා ඔබට හැකි පරිදි එක පොතක් හෝ දන් දීමට උත්සාහ දැරීමද ඉතා යෝග්‍යයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.