ආයුර්වේද වෛද්‍ය සායනයක්

ඔක්තෝබර් 27, 2023

කුප්පියාවත්ත ජයශේඛරාරාමාධිපති අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ අනුනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය රජවත්තේ වප්ප අනුනායක හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සමාජ සත්කාරක වැඩසටහනට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාම පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති පතිරගේ කමල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ මෙහෙයවීමෙන් කායචිකිත්සා සහ දේශීය චිකිත්සා දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය කාන්ති කුලතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද ජයශේඛරාරාමයේ පූජ්‍ය මොරගොඩ විනයාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද සිදු කළ අතර, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ආර්. එස්. කේ. ද සිල්වා මහත්මිය, කථිකාචාර්ය වෛද්‍ය එස්. වී. වයි. දිලූපා දේශීය වෛද්‍ය පීඨය වෙනුවෙන් වෛද්‍ය ෂෙහාන් ජයසූරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.