දරුවාගේ ජන්ම පත්‍රය තුළ මව්පියන්ට විපත් යෝග තිබේද?

පෙබරවාරි 15, 2019

අප සමාජයේ බොහෝ මව්පියන් අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රය සකස්කර ගැනීමට ඡ්‍යොතිෂවේදීන් හමුවට පැමිණි අවස්ථාවලදී බොහෝ දෙනකු විමසන ප්‍රධාන කරුණක් වන්නේ මේ දරුවාගෙන් අපිට එනම් මවට හා පියට අපලද යන්නයි.

බොහෝ මව්පියන් වසර ගණන් විවිධ ක්‍රියාවන් කර එනම් බෝධිපූජා යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ඡ්‍යොතිෂ පිළිවෙත් හා දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව විවිධ දේ කරමින් වසර ගණනක් දුක්විඳ තම කුස තුළට දරුවක් පිළිසඳ ගනිමින් දසමස ඉක්මවා දුක්විඳ බිහි කරන දරුවා තම මවට හෝ පියාට විපත් ගෙන දේ යැයි සිතීමක් දුකට කරුණකි. එහෙත් අද ඊයේ නොව වසර 2560 පෙර සිටි සුදේවන් රජ හා මායා දේවිය පවා තම දරුවාගෙන් සිදුවන ඉදිරි අනාගත වාක්‍යයන් විමසා ඇති බව අප දනිමු. අලුත උපන් බිළිඳුගේ ජන්ම පත්‍රය නිවැරැදිව සකසා එය තුන්වන ඇසක් ඇති කළ පුරුද්ද හා පළපුරුද්ද ඇති උතුම් ඡ්‍යොතිෂවේදියෙකුට නිවැරදිව එහි මව්පියන්ට හා සහෝදරයන්ට ඇති අපල පිළිබඳ නිවැරදි විග්‍රහයක් කරහැකි බව අපට සඳහන් කළ හැකි ය.

ජන්ම පත්‍රයකින් හෙළිවන තම මවට අපල ගෙන දෙන යෝග 8 ක් ඇති බව වරහා මිහිර, සාරාවලිය ආදී ග්‍රන්ථවල මෙන්ම යුග යුග තුඩ තුඩ ජනයාගේ මුවතුළ රැව්දෙන හෙළයේ මහා ඡ්‍යොතිෂ පඬිවරුන් වන වයි.ඒ. හරමානිස් මහතාගේ ජාතක රත්නය හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ ඇදුරුතුමන්ගෙ ජීවිත හා ග්‍රහයෝ යන ග්‍රන්ථවලද මේ පිළිබඳව සවිස්තරව ලියා ඇත. ජන්ම පත්‍රයක හතරවන ස්ථානය මාතෘ ස්ථානයයි. ජන්ම පත්‍ර ලාභියා දවල් උපන්නේ නම් සිකුරු මාතෘ කාරක වන අතර රාත්‍රී උපන් අයට සඳු (චන්ද්‍රයා) මව් වේ. ජන්ම ලාභියාගේ ජන්ම පත්‍රය නිවැරදිව පිරික්සීමේ දී තම මවට අපල සිදුවන අවස්ථා හා ග්‍රහ පිහිටමත් කාලවකවානුවත් නිවැරදිව පැවසීමට බොහෝ ඡ්‍යොතීෂවේදීන්ට හැකි බව අප සතුටින් ප්‍රකාශ කරමි. ජන්මලාභියාගේ අපල නොව මව විසින් ගෙනා කර්ම ශක්තිය මෙයට බලපාන බවත් මේ පිළිබඳ පහත ග්‍රහා පිහිටීම් පිළිබඳ විමර්ශනය කිරීමෙ අපට පැහැදිලි කරගත හැකි ය.

බොහෝ විට දරුවා බිහිවන්නට ගොස් මව හා දරුවා මියයෑම හයවැන්නෙ කුජ හා චන්ද්‍ර දෙදෙනාම පිහිට දහයේ සෙනසුරු පිහිටීම මෙයට හේතු වේ.

සෙනසුරු හා අඟහරු එකම රාශියක පිහිට කේන්ද්‍රගතව සිටීනම් මව අධික දුක්විඳ මියයනු ඇත.

බොහෝ තැන්වල සඳහන් තවත් මරණ යෝගයක් වන්නේ හතරවැන්නේ දස වැන්නෙ හා දෙළොස්වැන්නෙ පාපයින් පිහිටා සිටීම ඉතා බලපතල සතුරු යෝගයකි.

මව අධික පීඩාවට පත්වන තවත් යෝගයක් වන්නෙ පාපයින්ගෙන් හතේ හෝ අටේ සඳු පිහිටා පාප සංයුක්ත වීම තවත් සතුරු තත්ත්වයකි.

බොහෝ කුඩා දරුවන්ගෙ ජන්ම පත්‍රවල දැකිය හැකි චන්ද්‍රයාගෙන් ත්‍රිකෝණගතව පාපයින් පිහිටීම මව කෙටි කාලයක් ඇතුළත මියයෑමට හේතුවන යෝගයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී,

රත්න ශ්‍රී සෙනරත්, හොරණ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.