අභියෝගාත්මක ජනදිවියට රාජ්‍ය කාරක රවි – වෘශ්චික රාශියට

ඔක්තෝබර් 30, 2020

ධනු, මීන, මිථුන, කන්‍යා- හංස යෝගය

මේෂ,කටක, තුලා, මකර- සස යෝගය

වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා- අධියෝගය

කටක, සිංහ- හර්ෂ යෝගය

මේෂ, මිථුන, ධනු, මකර, කුම්භ ,මීන- අමල යෝගය

මේෂ, වෘෂභ, මිථුන, තුලා, ධනු - සරලා යෝගය

මකර, කුම්භ - විමල යෝගය

රාශි දොළොසටම – වෙශී, වොශී, උභයචාරි, සුනථා,

අනථා, දුරුධරා, අර්ධ ඒකාවලී, දාමිණි යෝග

මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා,

තුලා , සිංහාසන යෝගය

 

දක්ෂිණායන හේමන්ත ඍතුවේ වෘශ්චික රවි 01 භාගය ඉල්මහේ පුර පෑලවිය තිථිය, ගුරු හිමි විසා නැකත 04 පාදය, සෙනසුරු හිමි දෙව නැකත 01,02,03,04 පාද බුධ හිමි දෙට නැකත 01,02,03,04 පාද ගතවන තුරාවට පවතිනා වූ වෘශ්චික රාශිය නොවැම්බර් 16 වෙනි සඳු දින වෘශ්චික, රාශිය, කටක නවාංශකය, මානස යෝගය යන බලැතිව චන්ද්‍රකුජ ත්‍රිකෝණ දෘෂ්ටිය , ශුක්‍ර ගුරු ,චතුර් කෝන දෘෂ්ටිය රවි චන්ද්‍ර සංයෝගය, ආශි‍්‍රතව පෙරවරු 06.54 ට සූර්ය දිව්‍යය රාජයානෝ අඟහරු හිමි වෘශ්චික රාශි පාරාදීසයට සංක්‍රමණය සිද්ධ වෙන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි ක්ෂත්‍රිය වංශික කුජ ග්‍රහයා හිමි වෘශ්චික රාශිය උදාවෙහි කේතු උච්ච ක්ෂේත්‍රවද රවි මිත්‍රශීලිවද චන්ද්‍රයා නීචවද නිවෘති ප්ලුටෝ මිත්‍රශීලිවද බ්‍රහස්පති මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍රව 02 වැන්න වූ ධනස්ථාන ගතවද 03 වැන්න වූ වික්‍රම ස්ථානගතව ස්වක්ෂේත්‍රවූ සෙනසුරු ග්‍රහයාද වක්‍ර නැප්චූන් සමව 04 වැන්නේද නිවෘති අඟහරු මිත්‍රශීලිව 05 වැන්නේද වක්‍ර යුරේනස් සමව 06 වැන්නේද රාහු උච්චව ක්ෂේත්‍රව 07 වැන්නේද නීච ක්ෂේත්‍රවූ සිකුරු 11 වැන්න වූ අයස්ථානගතවද නිවෘති බුධ මිත්‍රශීලිව 12 වැන්නවු වැය ස්ථානගතවද තත්කාලීනව තාරකා මන්දාකිනියෙහි විරාජමාන වෙන්නේය.

ලෝකායතන ඡ්‍යොතිර්විද්‍යානුකූල න්‍යාම ධර්මතාවන් ආශි‍්‍රතව විශ්ව කාරකා මන්දාකිනිය දැඩි මුවහත්වීමකින් සූර්යා අඟහරු රාශියෙහි චලිතය පොදු ජනතාව ක්‍රමවත් බවකට සංස්කරණය කෙරෙයි.

ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම, විඳ දරාගත නොහැකියාව මර්දනය කෙරෙණ ශෝචනීය පසුබිමක නිර්මාණ රටා තුළින් අවධාරණය විය හැක. ආත්මලාභී තෘෂ්ණාධිකවූද මානසික අවරෝහණ ක්‍රියාවලිය උත්සන්නාවූද ජනතා කොටස් සොබාදහමෙන් දඬුවම් ලැබීමේ ක්‍රමවේදයනට ග්‍රහණය කෙරෙයි. ධනය, බලය රැස්කිරීම පමණක් නොව කඩාකප්පල්කාරි තිරශ්චීන වූ අධම ක්‍රියාකාරකම් මිනිසා තුළින් මුලිනුපුටා දැමීමේ තේජෝ භූත බලපරාක්‍රමය විනිවිද දර්ශනය කෙරයි. ලොව පවත්නා සර්වාගමිකව හෝ සමාජගත ජන සම්මත වාදි සම්මුති ධර්මතාවන් මිනිසා අගය කළ යුතු බවත් මානුෂික පැතිකඩ අගය කළ යුතු බවත් චින්තනයට යා කෙරෙණ අධ්‍යයනයක් සොබාදහම පෙන්වයි.

මේෂ විශ්ව රාශි සටහනෙහි දුර්වලතා මත වනිතා ස්වාධීනත්වය ද සහභාගිත්වයද සමවන වනිතා පැවැත්ම කෙරෙහි ප්‍රබල විෂමතා, තරගකාරි ආරෝහණ බව බාහිර අභ්‍යන්තර බලවේග වසංගත දුර්භික්ෂ මහා පරිමාණ මරණ විපත්තිද සෞරග්‍රහ මණ්ඩලය තුළින් පෙනී යන්නකි.

රවි වෘශ්චිකයට නොවැම්බර් 16 දා

කාලගුණික දේශගුණික විපරීත බව, පොදු ජනතා සබඳතා අත්‍යවශ්‍ය දෛනික පරිභෝජන රටාව, වනිතා පක්ෂය, ඉඩකඩම් දේපළ අලෙවිය , විවිධ ක්ෂේත්‍රයන්හි බෝවෙන වසංගත, ධීවර ප්‍රජාව, රාජ්‍ය සේවා විරහිත ඒක පුද්ගල දෛනික ආදායම් තත්ත්වය කඩා හැළීම ,බාහිර ගෘහ ජීවිතයන්හි අවශ්‍යතා සනීපාරක්ෂාව,ජීවිත සුරක්ෂිත බව පංචනියාමයනට ද පංචභූත විෂමතාවයටද තුඩුදෙමින් දැඩි සංවේදනීය බවක් සොබාදහමෙන් උපරිමයටම දායාද වෙමින් පැවැතිය හැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.